මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම අද (18) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී තිබුණා.
2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වෙන සය වන ලෝක කැරම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් කළමණාකරු සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.
- රනිත්මා ලියනගේ අවසන් 16 දෙනාගේ වටයට
- එයාර් බැඩ්මින්ටන් වැඩමුළු 50k සාර්ථකව පැවැත්වෙයි
- චාමික සහ අකිල ඉවතට; චමිඳු එක්දින සංචිතයට කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචාරය සදහා රුපියල් මිලියන 5 ක මූල්‍යමය අනුග්‍රහයක් ලබා දෙන අතර එය සංකේතාත්මකව ප්‍රදානය කිරීමට එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
කණ්ඩායම් කළමණාකරු ලෙස රනිල් අබේසිංහ මහතා කටයුතු කරන අතර, මොහොමඩ් ෂහීඩ්, අනාස් අහමඩ්, කවීන් නිම්නෙත් පීරිස්, දිනේෂ් නිශාන්ත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ද, ජෝසප් රෝෂිතා වඩුගේ, හිරුෂි මල්ෂානි පීරිස්, තරුෂි හිමහන්සිකා වීරසේකර, තස්මිලා කාවින්දි යන ක්‍රීඩිකාවන් ද තරගාවලිය සදහා සහභාගී වෙනවා.
කණ්ඩායම සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අග්‍රාමාත්‍යවරිය ජයග්‍රහණය උදෙසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුබ පැතුම් එක් කළා.
දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක ක්‍රීඩා නාලිකාව වන සමඟ.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<