ලොව බිහි වූ විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරයකු ලෙස සැලකුම් ලබන Usain Bolt විසින් පිහිටවනු ලැබූ වාර්තාවක් බිඳ හෙළීමට 16 හැවිරිදි ඕස්ට්‍රේලියානු ධාවකයකු වන Gout Gout විසින් සමත් වී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පිරිමි මීටර් 200 ඉසව්වට සහභාගී වූ Gout විසින් තත්පර 20.04ක කාලයක් වාර්තා කරමින් තරගය නිමා කිරීමට සමත් වූ අතර, එය මීට පෙර වයස අවුරුදු 16 දී මලල ක්‍රීඩකයකු විසින් වාර්තා කළ හොඳම තරග නිමි කලය වූ තත්පර 20.13 අබිබවා යාමක් ලෙස සටහන් වුනා.
GOUT GOUT 20.04 OPEN AUSTRALIAN RECORD AT AGE 16.
PETER NORMAN’S 56 YEAR OLD AUSTRALIA RECORD IS NO MORE.
2ND FASTEST ALL TIME U18. FASTER THAN USAIN BOLT SAME AGE.
I don’t even have any more words right now. pic.twitter.com/V6nZVGsyDp
— Tim Rosen (@timrosen35) December 7, 2024
2003 වසරේ දී Usain Bolt විසින් පිහිටවනු ලැබූ මෙම වාර්තාව Gout විසින් බිඳ හෙළීමට සමත් වූ අතරම, මෙම තරග නිමි කාලය 1968 දී Peter Norman විසින් මෙම ඉසව්ව සඳහා පිහිටවූ Oceanian වාර්තාව ද (ඕස්ට්‍රේලියානු ජාතික වාර්තාවත්) බිඳ හෙළීමට සමත් වුනා.
එළඹෙන දෙසැම්බර් 29 වැනිදායින් Goutහට වසර 17 සම්පූර්ණ වන අතර, ඔහුගේ මෙම වාර්තාව 18න් පහළ මීටර් 200 ඉසව්වේ දී ද දෙවැනි වන්නේ ඇමරිකානු ක්‍රීඩක Erriyon Knighton හට (ඔහුගේ තරග නිමි කාලය තත්පර 19.84) පමණක් වීම විශේෂත්වයක්.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මීට අමතරව ඔහු විසින් මෙම ශූරතාවලියේ මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරගයක දී තත්පර 10.04ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ නමුත්, එහි දී ඔහුට ලැබුණු සුළඟේ සහය නිසා (3.4m/s) එය වාර්තා අතරට එක් වුනේ නැහැ.
Absolutely outrageous from Gout Gout.
10.04 at the age of 16.
Speechless.
— Daniel Hussey (@DanielHussey2) December 6, 2024
මේ අතරම ඔහු එම ඉසව්වේ අවසන් තරගය තත්පර 10.17ක කාලයකින් නිමා කරමින් ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.
එමෙන්ම ඔහු ලෝක 20න් පහළ මීටර් 200 ඉසව්වේ රිදී පදක්කමට ද හිමිකම් කීමට සමත් වීමත් විශේෂත්වයක්.
දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>