ජාතික ශූරයා බුවනෙක; ශූරිය රනිත්මා

71st National Badminton Championship 2023

184

 ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ගනිමින් ජාතික බැඩ්මින්ටන් ශූරයා ලෙස අභිෂේක ලැබීමට බුවනෙක ගුණතිලක සමත් වුනා.

පිරිමි විවෘත ඒකල අවසන් මහා තරගයේදී  ලකුණු 21-16ක් සහ 21-7ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජය කරමින් ඔහු ජාතික ශූරයා ලෙස අභිෂේක ලැබුවා.

ඔහු (බුවනෙක) විවෘත මිශ්‍ර යුගල අවසන් තරගයේදී නටාෂා ගුණසේකර සමඟ එක්ව මධූක දුලාංජන සහ බුත්මි ගලගමගේ ලකුණු 21-13ක්, 15-21ක් සහ 21-18ක් ලෙස පරාජය කරමින් මිශ්‍ර යුගල ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම විවෘත පිරිමි යුගල ඉසව්ව ද නියෝජනය කළ ඔහු අවසන් තරගයේ දී විරේන් නෙත්තසිංහ සමඟ එක්ව ලකුණු 21-15ක් සහ 23-21කින් ළහිරු වීරසිංහ සහ මධුක දුලාංජන පරාජයට පත් කරමින් ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

තරගාවලියේ විවෘත කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-10ක් සහ 21-6ක් වශයෙන් වරංගනා ජයවර්ධන පරාජය කරමින් ජාතික බැඩ්මින්ටන් ශූරිය ලෙස අභිෂේක ලැබීමට රනිත්මා ලියනගේ සමත් වුනා.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත කාන්තා යුගල තරග අංශය ජයගනු ලැබුවේ දිලිනි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ ලකුණු 15-21ක්, 21-9ක් සහ 21-18ක් ලෙස පරාජයට පත් කළ ජනනුවනි අමන්දි ද අල්විස් සහ හසාරා විජේරත්න විසිනුයි.

>>WATCH – ජාතික බැඩ්මින්ටන් ශූරතාවය දෙසැම්බර් මස දී – 71st National Badminton Championship 2023

මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඩී.එස්.සේනානායක ගෘහස්ත ක්‍රීඩාංගණයේදී කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ විවෘත වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැත්වුණා.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත හා ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්,

විවෘත අංශය

  • විවෘත පිරිමි ඒකල-බුවනෙක ගුණතිලක
  • විවෘත කාන්තා ඒකල-රනිත්මා ලියනගේ
  • විවෘත පිරිමි යුගල-බුවනෙක ගුණතිලක / විරේන් නෙත්තසිංහ
  • විවෘත කාන්තා යුගල-ජනනුවනි අමන්දි ද අල්විස්/ හසාරා විජේරත්න
  • විවෘත මිශ්‍ර යුගල-බුවනෙක ගුණතිලක /නටාෂා ගුණසේකර

ජ්‍යෙෂ්ඨ අංශය

30න් ඉහළ

  • පිරිමි ඒකල– ප්‍රසන්න උදයකුමාර
  • කාන්තා ඒකල– නදීෂා ගයාත්‍රි
  • පිරිමි යුගල– රජිත දහනායක / ළහිරු මධුෂාන්
  • මිශ්‍ර යුගල– ප්‍රසන්න උදයකුමාර / නදීෂා ගයාත්‍රි

35න් ඉහළ

  • පිරිමි ඒකල– රොෂාන් පද්මකුමාර
  • කාන්තා ඒකල– රේණු චන්ද්‍රිකා ද සිල්වා
  • පිරිමි යුගල– අනුෂ්ක ලක්ෂාන් / රොෂාන් පද්මකුමාර

40න් ඉහළ 

  • පිරිමි ඒකල – හේමන්ත කොඩිතුවක්කු
  • පිරිමි යුගල– අමිල යටපාන / නිශාන්ත ජයමාන්න
  • මිශ්‍ර යුගල– හිරුණ දිසානායක /අසංගි කොඩිතුවක්කු

45න් ඉහළ

  • පිරිමි ඒකල– සුභාෂ් ජානක
  • කාන්තා ඒකල– ප්‍රියංකා අබේරත්න
  • පිරිමි යුගල -ක්ලැරන්ස් හෝමර් /දුමින්ද ජයකොඩි
  • කාන්තා යුගල– ප්‍රියංකා අබේරත්න /විපුලි සෙනෙවිරත්න
  • මිශ්‍ර යුගල-දුමින්ද ජයකොඩි / ප්‍රියංකා අබේරත්න

50න් ඉහළ

  • පිරිමි ඒකල – දුමින්ද ජයකොඩි
  • කාන්තා ඒකල– විපුලි සෙනෙවිරත්න
  • පිරිමි යුගල-නිහාල් අමරසේන /දුමිඳ සෝමනායක
  • කාන්තා යුගල-තුෂාරි බ්‍රාහ්මණගේ /ශ්‍රියානි ජයලත්
  • මිශ්‍ර යුගල-සුභාෂ් ජානක සිල්වා / විපුලි සෙනෙවිරත්න

55න් ඉහළ

  • පිරිමි ඒකල–  නිරෝෂන් විජේකෝන්
  • කාන්තා ඒකල– මර්සි හරිහරන්
  • පිරිමි යුගල-එන්. විජේසේකර /නිරෝෂන් විජේකෝන්

60න් ඉහළ

  • පිරිමි ඒකල– අනෝජ් තිලකරත්න
  • පිරිමි යුගල– රොහාන් ද සිල්වා / රොහාන් ප්‍රනාන්දු
  • මිශ්‍ර යුගල– සුහේර් අසීස් / ශ්‍රියානි ජයලත්

65න් ඉහළ

  • පිරිමි ඒකල– අමරතුංග ලියනගේ
  • පිරිමි යුගල– ඊ.එම්.චන්ද්‍රතිලක /මොහොමඩ් අසාර්

70න් ඉහළ

  • පිරිමි ඒකල– සුනිල් ජයසිරි

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare සමඟ.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<