අවසන් වරට 2017 වසරේ දී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ ග්ලෙන් මැක්ස්වෙල් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය වෙත කැඳවා තිබෙනවා.
එක්දින තරගාවලියේ දී කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ ට්‍රාවිස් හෙඩ් නිසා මැක්ස්වෙල්ට අවස්ථාව උදා වන බවයි වාර්තා වන්නේ. ගාල්ලේ දී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයේ දී වසර පහකට පසුව මැක්ස්වෙල්ව ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස දැකිය හැකි වනු ඇතැයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ආරංචි මාර්ගවලින් කියැවෙනවා.
- නායකයෙකුගේ ඉහළම ජයග්‍රහණ ප්‍රතිශතය – ස්ටීව් වෝ
- ඇනීටා අල්වාරෙස් 99න් බේරෙයි
- “ඔහු මගේ වාර්තාව සැතපුම් ගණනකින් පසු කරාවි” – ඇලස්ටෙයාර් කුක්
2017 බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගී වූ මැක්ස්වෙල් 2019න් පසුව පළමු පෙළ තරගයකටවත් සහභාගී වී නැහැ. ඔහු සීමිත පන්දුවාර ක්‍රිකට් තුළ දැවැන්ත නාමයක් වීම ඊට හේතුවයි. ලොව වටා තරගාවලි ඔහුට විවර වනවා. එහෙත් ඉන්දියාවට එරෙහිව වාර්තා කළ ටෙස්ට් ශතකයක් ද ඔහු සතුයි.
මේ මස මුල දී cricket.com.au වෙත අදහස් පළකරමින් මැක්ස්වෙල් තේරීම් කමිටුව ගැන කියා තිබුණේ,
“දොරවල් වැහිලා නැති එක හොඳයි. ඒත් මට හිතෙනවා ඔවුන් සංචිතය ගැන විශ්වාසය තැබීම හොඳයි කියලා”, යනුවෙන්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<