කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් පසුගිය දා පුවත් මවන මාතෘකාවක් බවට පත්වූයේ ඔහු තම කැරිබියන් ප්‍රිමියර් ලීග් කණ්ඩායම වන ජැමෙයිකා Tallawahs කණ්ඩායමට හා එහි සහය පුහුණුකරුට එරෙහිව පල කර තිබූ වීඩියෝවක් නිසාවෙනි. එම වීඩියෝව නිසා ගේල්ට විරුද්ධව පියවර ගැනීමට පසුගිය දා කැරිබියන් ප්‍රිමියර් ලීග් සංවිධායකයන් විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය කළේය.
කෙසේ වෙතත් තම අදහස් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට හා එහි වෙළඳ නාමයට හානිදායක බව පිළිගැනීමෙන් පසුව එම කාරණය සමථයකට පත්කිරීමට එම කමිටුව පසුගිය දා තීරණය කළේය.
ක්‍රිස් ගේල් විසින් තරගාවලි රීති සහ රෙගුලාසි උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මැයි 6 වැනි දින කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලි කමිටුවට විධිමත් පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ ගේල් පසුගිය අප්‍රේල් 27 වැනි දින සිය පුද්ගලික YouTube නාලිකාවට පළ කළ වීඩියෝ මාලාවට අදාලවය.
>> ප්‍රකාශය බැරෑරුම් වුනත් මං කතා කළේ හදවතින් – ගේල්
එම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව, CTC කමිටුව ඒකමතිකව තීරණය කළේ ඒ සම්බන්ධයෙන් prima facie පරීක්ෂණයක් කිරීමටය. එහි විනය බලයන්ට අනුකූලව, මෙම කාරණය විභාග කිරීම සඳහා ස්වාධීන සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත සාමාජික විනිශ්චය සභාවක් පිහිටුවීමට බලය පවරන ලදි.
“කෙසේ වෙතත් කොදෙව් ක්‍රිකට් ආයතනය, කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ ගේල් යන මහත්වරුන්ගේ යහපත උදෙසා මෙම ගැටලුව සමථයකට පත් කිරීමට පෙර දැඩි උත්සාහයක් ගත්තා. මෙම උත්සාහයන් හේතුවෙන් ගේල් විසින් මෙම ප්‍රකාශය නිකුත් කිරීමේ අවශ්‍යතාවය පිළිගැනීමට ලක් කළා.”
“මෙම පැමිණිල්ල CTC වෙත ලැබුණා. සියලු පාර්ශවයන්ගේ දායකත්වය සඳහා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ කොදෙව් ක්‍රිකට් ආයතනය සමඟ බෙදා ගන්නා ලදි. හොඳ විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමට ගේල් මහතා ලබා දුන් සහතිකය අනුව, විනිශ්චය සභාවක් තවදුරටත් පැවැත්වීම අවශ්‍ය නොවේ. එබැවින් CTC, කැරිබියන් ප්‍රිමියර් ලීග් සහ කොදෙව් ක්‍රිකට් ආයතනය සලකා බලා මෙම කාරණය සමථයකට පත්කළා.” කැරිබියන් ප්‍රිමියර් ලීග් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“මෑතක දී, මම මගේ පුද්ගලික YouTube නාලිකාවේ වීඩියෝ තුනක් පළ කළා. එහි දී මම 2020 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ජැමෙයිකා Tallawahs කණ්ඩායමෙන් ඉවත් වීමට හේතු පිළිබඳව අදහස් දැක්වූවා” යනුවෙන් ගේල් පැවසීය.
“මම මෙම වීඩියෝ නිර්මාණය කළේ එක අරමුණකින්. මට අවශ්‍ය වුනේ Tallawahs කණ්ඩායමෙන් ඉවත් වෙන්න හේතුව ජැමෙයිකාවේ රසිකයින්ට පැහැදිලි කිරීම” ගේල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
“ජැමෙයිකාවේ දී මගේ කැරිබියන් ප්‍රිමියර් ලීග් වෘත්තිය අවසන් කිරීම මගේ ලොකුම පැතුමයි. මම මීට පෙර කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතා දෙකකට නායකත්වය දුන්නා. මම මගේ ප්‍රදේශයේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ සබ්‍රීනා පාක් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළා.”
“මම ඒ වෙලාවේ අමනාපයෙන් හිටියේ. ඒත් මම එම වීඩියෝ පටවල මගේ අදහස් දැක්වීම් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ මගේ වචන හදවතින්ම කතා කළ වචන.”
>> ක්‍රිස් ගේල්ට වැඩ වරදින ලකුණු
කෙසේ වෙතත් එවැනි ප්‍රකාශ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයට මෙන්ම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහ එහි වෙළඳ නාමයට හානියක් ලෙස සැලකිය හැකි බව ක්‍රිස් ගේල් පිළිගෙන ඇත.
තම පුද්ගලික YouTube නාලිකාවේ වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔහු Tallawahs වලින් ඉවත් කිරීම ගැන කතා කරමින් ගේල් පවසා ඇත්තේ තම හිටපු කණ්ඩායම් සගයා සහ සහකාර පුහුණුකරු රාම්නරේෂ් සර්වාන් ඇතුළු කිහිප දෙනෙකු විසින් තමා එලෙස කණ්ඩායමෙන් ඉවත් කළ බවයි.
ඔහු Tallawahs ප්‍රධාන විධායක ජෙෆ් මිලර් සහ හිමිකරු ක්‍රිෂ් පර්සෝඩ්ට ද තමා සමඟින් සෙල්ලම් කිරීම සම්බන්ධයෙන් ගේල් දොස් පවරා තිබුණි.
“කොරෝනා වයිරසයට වඩා නරක”, “සර්පයා”, “පළිගන්නා පුද්ගලයෙක්”, “නොමේරූ පුද්ගලයෙක්”, “නින්දිත” වැනි වචන සර්වාන් විස්තර කිරීමට ගේල් භාවිතා කළේය. Tallawahs වලින් ඔහු නෙරපා හැරීමේ කාර්යභාරයට තමන් සම්බන්ධ නැති බව සර්වාන් විශේෂ ප්‍රකාශයක් කරමින් පසුව කියා තිබුණි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<