කොළඹ කාන්තා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් ලකුණු 33-14ක් ලෙස පරාජය කරමින් “නිර්මලී වික්‍රමසිංහ කුසලානය” ජයග්‍රහණය කිරීමට ගේට්වේ විද්‍යාලයීය ක්‍රීඩිකාවන් පසුගිය දා (7) සමත් වුනා.
තරගයේ පළමු කාර්තුව දෙක තියුණු සටනකින් පසු ලකුණු 8-6ක් ලෙස අවසන් වුවත්, පළමු අර්ධය නිමාවට පත් වන විට ගේට්වේ ක්‍රීඩිකාවන් ලකුණු 10-17ක් ලෙස පෙරමුණේ පසු වුනා.
- සුපිරි දැල්පන්දු ක්‍රීඩිකාව ශ්‍රී ලංකා දැල්පන්දුවට ආයුබෝවන් කියයි
- ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට
- 2023 දැල්පන්දු ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට!
- ශ්‍රී ලංකාව 16 වැනි ස්ථානය දිනූ දැල්පන්දු ලෝක කුසලානය
තෙවැනි කාර්තුව තුළ දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ලකුණු 11ක් ලබා ගැනීමට ගේට්වේ ක්‍රීඩිකාවන් සමත් වූ අතර එම කාර්තුව තුළ කාන්තා විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 4ක් පමණයි.
අවසන් කාර්තුවේ දී ගේට්වේ ක්‍රීඩිකාවන් සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 5ක් එක් කර ගැනීමට සමත් වූවත්, කාන්තා විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ට එම කාර්තුව තුළ කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.
කුසලාන දිනා ගත් ක්‍රීඩිකාවන්,
- දක්ෂතම විඳින්නිය (Best Shooter) – ඔනාදි සමරකෝන් (ගේට්වේ විද්‍යාලය)
- දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව – මෙතුලි එරහපොල (ගේට්වේ විද්‍යාලය)
- දක්ෂතම Center Court ක්‍රීඩිකාව – Aathirai Elankovan (කාන්තා විද්‍යාලය)
එමෙන්ම එදිනම පැවති ප්‍රදර්ශනාත්මක තරගයක දී අනුලා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් ලකුණු 14-12ක් ලෙස පරාජය කිරීමට මහනුවර ගේට්වේ ක්‍රීඩිකාවන් සමත් වුනා.
එම තරගයේ කුසලාන දිනා ගත් ක්‍රීඩිකාවන්,
- දක්ෂතම විඳින්නිය (Best Shooter) – චනුල්‍යා රාජපක්ෂ (ගේට්වේ විද්‍යාලය)
- දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව – තාරකා සෙනරත් (ගේට්වේ විද්‍යාලය)
- දක්ෂතම Center Court ක්‍රීඩිකාව – ගිහන්සා නාකන්දලගේ (කාන්තා විද්‍යාලය)
වයස අවුරුදු 16න් පහළ තරගයෙන් කාන්තා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් ලකුණු 12-10ක් ලෙස පරාජය කිරීමට ගේට්වේ ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර ආදි ශිෂ්‍ය තරගයේ ද ජයග්‍රහණය ඔවුන්ට හිමි වුනේ 11-1ක් ලෙසයි.
දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<