ISAC 2025 පෙබරවාරි 22 සහ 23 දිනවල දී

The 23rd International Schools’ Athletics Championship 2025

66

23 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය එළඹෙන පෙබරවාරි 22 සහ 23 යන දිනවල දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

මෙවර ගේට්වේ විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත ISAC 2025 තරගාවලියට ජාත්‍යන්තර පාසල් 22ක් සහභාගී වීමට නියමිතයි. 

2001 වසරේ පටන් ක්‍රමයෙන් දියුණු වෙමින් පවත්වා ගෙන ආ මෙම තරගාවලියට මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500ක් මෙන්ම තාක්ෂණික නිලධාරීන් 300ක් පමණත්, තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින් 15,000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වනු ඇති බවත් අනුමාන කරනවා. 

ශූරතාවලියට සහභාගී වන පාසල්; 

  • Asian International School 
  • Belvoir College International 
  • The British School Colombo 
  • Colombo International School Colombo 
  • Colombo International School Kandy 
  • Elizabeth Moir School 
  • Gateway College Colombo 
  • Gateway College Kandy 
  • Horizon College International 
  • Ilma International Girls School 
  • Leeds International School Panadura 
  • Lyceum International School Nugegoda 
  • Lyceum International School Panadura 
  • Lyceum International School Ratnapura 
  • Lyceum International School Wattala 
  • OKI International School 
  • Royal Institute 
  • Stafford International School 
  • St. Nicholas International School 
  • Wycherley International School Colombo 
  • Wycherley International School Gampaha 

ශූරතාවලියේ නිල මාධ්‍ය සහකරු ලෙස ThePapare කටයුතු කිරීමට නියමිත අතර, ThePapare හරහා ශූරතාවලියේ දෙවැනි දිනයේ සජීවී දසුන් නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති. 

දිනෙන් දින උණුසුම් වන දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<