ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!

Paris Olympics 2024

5
Ganga Senevirathne

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දෙවැනි ශ්‍රී ලංකා සහභාගීත්වය වූ ගංගා සෙනෙවිරත්න අද (29) තම පිහිනුම් ඉසව්වට සහභාගී වුනා.

කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්වේ පළමු මූලික වටයට සහභාගී වූ ගංගා විසින් මිනිත්තු 1.04.26ක කාලයක් වාර්තා කරමින් තමන් සහභාගී වූ තරගවටයේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මෙම ඉසව්වේ මූලික වටයේ තරගවට පහක් පැවැත්වුණු අතර, එහි දී හොඳම කාලය වාර්තා කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ Katharine Berkoff විසින් සමත් වූ අතර, ඇය විසින් තත්පර 57.99කින් තරගය නිමා කිරීමට සමත් වුනා.

මේ අතර ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඇමරිකා එක්සත් ජනපදයේ Smith Regan මූලික වටයේ දෙවැනි හොඳම කාලය වාර්තා කිරීමට සමත් වුනා.

තරගකාරිනියන් 36 දෙනෙකු සහභාගී වූ මෙම ඉසව්වේ දී ගංගාගේ තරග නිමි කාලය 30 වැනි ස්ථානයට පත් වුනා. කෙසේ වෙතත් ඉසව්වේ මීළඟ වටය (අවසන් පූර්ව වටය) වෙත සුදුසුකම් ලබා ගැනීමට නම් ඇය හොඳම තරගකාරිනියන් 16 දෙනා අතරට පත් විය යුතුව තිබුණා.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<