2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Dambulla Aura කණ්ඩායම විසින් අද (17) සමත් වුනා.
තරගාවලියේ මූලික වටයේ ලකුණු සටහනේ පෙරමුණේ රැඳෙමින් Play-Off වටය වෙත සුදුසුකම් ලබා ගත් Aura කණ්ඩායම අද Galle Titans කණ්ඩායම සමඟ පැවැත්වුණු Qualifier 1 තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත්තා.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද සවස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Dambulla Aura නායක කුසල් මෙන්ඩිස් විසින් පළමුව පන්දුවට පහර දීමට Galle Titans වෙත ආරාධනා කළා.
ගාල්ල කෲස්පුල්ලේ මත රඳා පවතී
අද තරගයේ දී ද Titans ඉනිම ආරම්භ කිරීමට භානුක රාජපක්ෂ සහ ලසිත් කෲස්පුල්ලේ පිටියට පිවිසුණු නමුත් භානුක සුපුරුදු ලෙස ම ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බිනුර ප්‍රනාන්දු විසින් සමත් වුනා.
ඉන්පසුව පිටියට පිවිසුණු Linton Das හට ද වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට ඉඩක් ලැබුණේ නැහැ.
Das ලකුණු 8කට දැවී ගිය පසු Shakib Al Hasan පිටියට පිවිසුණු අතර ඔහු විසින් කෲස්පුල්ලේ සමඟ ලකුණු 51ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.
Titans ලකුණු පුවරුවේ ලකුණු 76ක් සටහන් වන විට Shakibව දවා ගැනීමට ධනංජය ද සිල්වා විසින් සමත් වුනා.
Shakib විසින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසුණු දසුන් ශානකගේ පිත්තෙන් වාර්තා වුනේ ලකුණු 12ක් පමණයි.
මෙම කාලසීමාව තුළ Titans ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය සැලකිය යුතු ලෙස පහතට ඇද දැමීමට දඹුල්ල පන්දු යවන්නන් විසින් සමත් වුනා.
Titans ඉනිමේ 11 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට දසුන් ශානක විසින් හයේ පහරක් එල්ල කිරීමෙන් පසු 16 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව තෙක් Titans පිතිකරුවන් විසින් එකදු හතරේ පහරක් හෝ එල්ල කිරීමට සමත් වුනේ නැහැ.
එමෙන්ම Titans ඉනිමේ 9 වැනි පන්දුවාරයේ සිට 16 වැනි පන්දුවාරය තෙක් ඔවුන් දඹුල්ලට කඩුලු 3ක් ලබා දෙමින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 50ක් පමණයි.
සිය ඉනිමේ මැද භාගය බිඳ වැටීම Galle Titans වෙත දරුණු බලපෑමක් එල්ල කළ අතර ඉනිමේ අවසන් භාගයේ දී ලහිරු සමරකෝන් පන්දු 12කින් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් Titans ඉනිමේ ලකුණු 20 සීමාව ඉක්මවා යාමට සමත් වුනේ එක් පිතිකරුවෙකු පමණයි.
සම්පූර්ණ Galle Titans ඉනිම ම ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ මත රැඳී තිබූ අතර ඔහු පන්දු 61කින් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුනා.
ඉනිමේ අවසන් පන්දුවට පෙර පන්දුවේ දී දුවද්දී දැවී යාමකට හසු වීමෙන් සිය ඉනිම නිමා කිරීමට සිදු වූ කෲස්පුල්ලේගේ ඉනිමට හතරේ පහර හතක් අන්තර්ගත වී තිබුණා.
ඉනිමේ අවසන් භාගය වන විට ඔහු අතිශය වෙහෙසට පත් වී සිටි බව පෙනෙන්නට තිබූ අතර එම නිසාම විශාල පහර කරා යාමට නොහැකිව ඔහු තරමක් අසරණ වන බව ද පෙනෙන්නට තිබුණා. නමුත් පිටිය මැද තනි වී සිටි කෲස්පුල්ලේට අනෙක් අන්තයෙන් සැලකිය යුතු සහයක් ලැබුණේ නැහැ. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Galle Titans ඉනිම ලකුණු 146කින් නතර වුනා.
මෙහි දී දඹුල්ල වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Hayden Kerr විසින් ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙළමින් සාර්ථක පන්දු යැවීමක නිරත වුනා.
මීට අමතරව Noor Ahmad විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
- වෙනත් ලීග්වලට වඩා Shamsi LPL වලට කැමති ලු!
- ශම්සි කුණාටුව Colombo Strikers තරගාවලියෙන් ඉවතට විසි කරයි!
- ධනංජයගේ දඟපන්දුව හමුවේ B-Love Kandy ඇඹරෙයි!
- මතීෂ ඇතුළු කොළඹින් කන්ද උඩරටට ප්‍රහාරයක්
- විශේෂ ජර්සියකින් සැරසී ආ වනිඳු ගාල්ල ආක්‍රමණය කරයි!
අවිශ්කගෙන් ඉක්මන් ආරම්භයක්
ලකුණු 147ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් දඹුල්ල සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වන අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් පිටියට පිවිසුණා.
ඔවුන් දෙදෙනා විසින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක් එක් කිරීමට සමත් වූ අතර මෙහි දී අවිශ්ක විසින් පන්දු 14කින් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුනේ අලංකාර හයේ පහර තුනක් ද සමඟයි.
අවිශ්ක Shakib හමුවේ දැවී ගිය අතර ඉන්පසුව පිටියට පිවිසුණු සදීර සමරවික්‍රම කුසල් සමඟින් ඉනිමේ දෙවැනි කඩුල්ලට තවත් ලකුණු 31ක් එකතු කිරීමට සමත් වුනා.
සදීර දඹුල්ල ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 13කට දැවී යන විට දඹුල්ල ඉනිම කඩුලු 2කට ලකුණු 64ක් ලෙස සටහන් වී තිබුණා.
කුසල් යුගලය දඹුල්ල ජයග්‍රහණය කරා රැගෙන යයි
සදීරගේ දැවී යාමෙන් පසුව කුසල් මෙන්ඩිස්ගේ සහයට කුසල් පෙරේරා පිටියේ එක් වූ අතර ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.
මෙහි දී කුසල් මෙන්ඩිස් විසින් තරමක් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් පන්දු 45කින් ලකුණු 49ක් ලබා ගත්තා.
මේ අතර කුසල් පෙරේරා විසින් සිය අත්දැකීම් මනා කොට කැටි කර ගත් ඉනිමක් දියත් කරමින් පන්දු 39කින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ද සිය ඉනිමට එක් කර ගනිමිනුයි.
ඔවුන් දෙදෙනා ම තරගය ජයග්‍රහණය කිරීමට පෙර නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට Titans පන්දු යවන්නන් විසින් සමත් වුනත් Dambulla Aura ජයග්‍රහණය වලක්වාලීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.
ඒ අනුව දඹුල්ල විසින් පන්දුවාර 19 පන්දු 4ක් තුළ ලකුණු 147ක ඉලක්කය හඹා යමින් 2023 LPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වීමට සමත් වුනා.
ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් දඹුල්ල ජයග්‍රහණයේ අඩිතාලම දැමූ නායක කුසල් මෙන්ඩිස් විසින් තරගයේ වීරයා සම්මාන දිනා ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Bhanuka Rajapaksa | c Hayden Kerr b Binura Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Lasith Croospulle | run out (Kusal Mendis) | 80 | 61 | 7 | 0 | 131.15 |
Liton Das | c Alex Ross b Hayden Kerr | 8 | 7 | 1 | 0 | 114.29 |
Shakib Al Hasan | c Hayden Kerr b Dhananjaya de Silva | 19 | 17 | 3 | 0 | 111.76 |
Dasun Shanaka | c Hayden Kerr b Noor Ahmad | 12 | 8 | 0 | 1 | 150.00 |
Najibullah Zadran | c Dushan Hemantha b Noor Ahmad | 2 | 3 | 0 | 0 | 66.67 |
Lahiru Samarakoon | b Hayden Kerr | 15 | 12 | 1 | 1 | 125.00 |
Seekkuge Prasanna | run out (Dushan Hemantha) | 8 | 5 | 1 | 0 | 160.00 |
Lahiru Kumara | c Dhananjaya de Silva b Hayden Kerr | 0 | 2 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Tabraiz Shamsi | lbw b Hasan Ali | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0) |
Total | 146/10 (20 Overs, RR: 7.3) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Binura Fernando | 4 | 0 | 33 | 1 | 8.25 | |
Hasan Ali | 3 | 0 | 28 | 1 | 9.33 | |
Hayden Kerr | 3 | 0 | 18 | 3 | 6.00 | |
Dhananjaya de Silva | 4 | 0 | 29 | 1 | 7.25 | |
Noor Ahmad | 4 | 0 | 27 | 2 | 6.75 | |
Dushan Hemantha | 2 | 0 | 11 | 0 | 5.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Avishka Fernando | st Liton Das b Shakib Al Hasan | 24 | 14 | 1 | 3 | 171.43 |
Kusal Mendis | lbw b Tabraiz Shamsi | 49 | 45 | 6 | 0 | 108.89 |
Sadeera Samarawickrama | c Najibullah Zadran b Seekkuge Prasanna | 13 | 15 | 1 | 0 | 86.67 |
Kusal Janith | c & b Dasun Shanaka | 53 | 39 | 4 | 3 | 135.90 |
Dhananjaya de Silva | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
Alex Ross | not out | 1 | 3 | 0 | 0 | 33.33 |
Extras | 5 (b 0 , lb 2 , nb 0, w 3, pen 0) |
Total | 147/4 (19.4 Overs, RR: 7.47) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 3 | 0 | 37 | 0 | 12.33 | |
Lahiru Kumara | 3 | 0 | 16 | 0 | 5.33 | |
Shakib Al Hasan | 4 | 0 | 23 | 1 | 5.75 | |
Seekkuge Prasanna | 4 | 0 | 22 | 1 | 5.50 | |
Tabraiz Shamsi | 4 | 0 | 37 | 1 | 9.25 | |
Lahiru Samarakoon | 1 | 0 | 9 | 0 | 9.00 | |
Dasun Shanaka | 0.4 | 0 | 1 | 1 | 2.50 |
නමුත් 2023 LPL තරගාවලියේ Galle Titans ගමන මෙතෙකින් නතර වන්නේ නැහැ. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඔවුන්ට තවත් එක් අවස්ථාවක් ඉතිරි වී තිබෙනවා.
මේ වන විට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන Jaffna Kings සහ B-Love Kandy කණ්ඩායම් අතර Eliminator තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම සමඟ එළඹෙන සෙනසුරාදා (19) Galle Titans තරගාවලියේ Qualifier 2 තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
එම තරගය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම එළඹෙන ඉරිදා (20) Dambulla Aura සමඟින් මෙවර තරගාවලියේ ශූරතාව වෙනුවෙන් සටන් වදිනු ඇති.
තරගාවලියේ ඉතිරි තරග සියල්ලේ තරග විස්තර ඔබ වෙත සමීප කිරීමටත් ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<