2020 LPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අවසන් කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් පැවති තීරණාත්මක සහ උණුසුම් තරගය Galle Gladiators සහ Kandy Tuskers කණ්ඩායම් අතර අද (10) දින පැවැත්වුනි. එම තරගය පහසුවෙන්ම ජයගත් Galle Gladiators කණ්ඩායම කඩුලු 9ක ජයක් හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලබා ගත්තේය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් Galle Gladiators කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා Kandy Tuskers කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය නියමිත පන්දුවාර 19කුත් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 126ක් පමණි.
Kandy Tuskers කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කර ගත් ක්‍රීඩකයා වූ කුසල් මෙන්ඩිස්, පන්දු 42ක් සඳහා මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 68ක් රැස්කර ගත්තේය. මෙන්ඩිස් සිය කණ්ඩායම වාර්තා කළ මුළු ලකුණු ප්‍රමාණයෙන් අඩකටත් වඩා සිය පිත්තෙන් වාර්තා කළ නමුත් Kandy Tuskers අනෙක් පිතිකරුවන් හට සුපුරුදු රිද්මයට පැමිණීමට Mohammad Amir ඇතුළු Galle Gladiators පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැත.
LPL තතුවිත්ති:
- Galle Gladiatorsගේ ජයග්‍රහණය Dambulla Viiking උදුරා ගනියි
- අසේලගේ හයේ පහර මහනුවර දිනවයි
- Tuskers අලුත්ම අවිය Dale Steyn අද තරග බිමට!
- අවිශ්ක, වනිඳු, දසුන් එක්ක එන රසල්ගේ හොඳම LPL කණ්ඩායම
- LPL තරගයක් වැස්සට බිලි
නායක කුසල් පෙරේරා තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම දැවී ගිය අතර Kandy Tuskers කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ විදෙස් පිතිකරුවන් දෙදෙනා වන Rahmanullah Gurbaz සහ Brendan Taylor හටද අද දිනය ඔවුන්ගේ දිනයක් බවට පරිවර්තනය කර ගැනීමට නොහැකි විය. එසේම Galle Gladiators කණ්ඩායමේ පන්දු රැකීම ද පෙර තරග වලට සාපේක්ෂව යම් ඉහළ මට්ටමක තිබුනි.
පළමු පන්දුවේ සිටම Kandy Tuskers ඉනිම පාලනය කරගත් Amir ඇතුළු Galle Gladiators පන්දු යවන්නන් ඉතාමත් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර Amir එක් නිලකුණු පන්දුවාරයක් ද සමඟින් සිය නියමිත පන්දුවාර 4 අවසන් කරන ලද්දේ ලකුණු 11ක් තුළ කඩුලු 2ක් දවා ගනිමිනි. ඊට අමතරව නුවන් තුෂාර, ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ අතරේ කඩුලු 2ක බැඟින් බෙදී ගියේය. නුවන් තුෂාර හට තරගය අතරතුර යම් ආබාධයක් මතු වූ නිසාවෙන් ඔහුගේ නියමිත පන්දුවාර 4ම ක්‍රියාත්මක කිරීමට ඔහුට නොහැකිවූ නමුත් ඒ ක්‍රියාත්මක කළ පන්දුවාර දෙක තුළ ඔහු එම දස්කම් දක්වන ලදි.
Photos: Galle Gladiators vs Kandy Tuskers – Match 19 | LPL 2020
ලකුණු 127ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුනු දනුෂ්ක ගුණතිලක ඇතුළු Galle Gladiators කණ්ඩායම තරගයේ මුල සිටම ඉතාමත් සැලසුම් සහගතව පිතිකරණයේ නිරත වෙමින් එක් පන්දුවාරයකට අවශ්‍ය දළ ලකුණු ප්‍රමාණය රඳවා ගෙන පන්දුවට පහර දෙන ලදි.
තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියා වන දනුෂ්ක ගුණතිලක මෙම තරගයේ දීද නොදැවී ලකුණු 94*ක් රැස්කර ගනිමින් සුපිරි පිතිකරණයක නිරත වූයේ Galle Gladiators කණ්ඩායමේ වැඩි බරක් සිය කර මතට ගනිමිනි. ගුණතිලකගේ එම බර අවි පිති ප්‍රහාරය ශතකයක් වෙත පරිවර්තනය කර ගැනීමට යම් අවස්ථාවක් තිබූ නමුත් අවාසනාවන්ත ලෙස එය එසේ සිදුවූයේ නැත. පන්දු 66ක දී හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් ගුණතිලක නොදැවී එම ලකුණු 94* රැස්කර ගන්නා විට, Chadwick Waltonගේ ආබාධය නිසාවෙන් අද දින කණ්ඩායමට ආදේශ වූ Hazratullah Zazai ලකුණු 30ක් රැස්කර ගෙන සිටිය දී දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ දැවී ගියේ පළමු කඩුල්ල සඳහා ගොඩනැංවුනු ලකුණු 101 සුපිරි සබඳතාවයට ද වැට බඳිමිනි.
පන්දුවාර 17ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 130ක් වාර්තා කරගත් Galle Gladiators කණ්ඩායම Kandy Tuskers කණ්ඩායම අභිබවා යමින් අවසන් කණ්ඩායම් හතරට පිවිසෙන ලද්දේ කඩුලු 9ක ජයක් ද සහිතව තරගාවලියේ මූලික වටය නිමා කරමිනි.
තරගයේ වීරයා – දනුෂ්ක ගුණතිලක (Galle Gladiators)
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kusal Janith | lbw b Nuwan Thushara | 0 | 2 | 0 | 0 | 0.00 |
Rahmanullah Gurbaz | c Shehan Jayasuriya b Nuwan Thushara | 4 | 13 | 1 | 0 | 30.77 |
Kusal Mendis | c Dhananjaya Lakshan b Sahan Arachchige | 68 | 42 | 6 | 4 | 161.90 |
Brendon Taylor | b Lakshan Sandakan | 20 | 19 | 3 | 0 | 105.26 |
Seekkuge Prasanna | b Dhananjaya Lakshan | 1 | 3 | 0 | 0 | 33.33 |
Asela Gunarathne | lbw b Sahan Arachchige | 12 | 8 | 1 | 0 | 150.00 |
Irfan Pathan | b Dhananjaya Lakshan | 11 | 15 | 0 | 0 | 73.33 |
Dilruwan Perera | c Shehan Jayasuriya b Mohammad Amir | 3 | 7 | 0 | 0 | 42.86 |
Dale Steyn | b Mohammad Amir | 1 | 5 | 0 | 0 | 20.00 |
Nuwan Pradeep | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Vishwa Fernando | lbw b Shehan Jayasuriya | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0) |
Total | 126/10 (19.1 Overs, RR: 6.57) |
Fall of Wickets | 1-0 (1.2) Kusal Janith, 2-9 (3.4) Rahmanullah Gurbaz, 3-57 (9.5) Brendon Taylor, 4-58 (10.2) Seekkuge Prasanna, 5-86 (12.3) Asela Gunarathne, 6-112 (16.3) Irfan Pathan, 7-124 (17.4) Kusal Mendis, 8-126 (18.4) Dilruwan Perera, 9-126 (18.6) Dale Steyn, 10-126 (19.1) Vishwa Fernando, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mohammad Amir | 4 | 1 | 11 | 2 | 2.75 | |
Nuwan Thushara | 2 | 0 | 8 | 2 | 4.00 | |
Dhananjaya Lakshan | 4 | 0 | 32 | 2 | 8.00 | |
Bhanuka Rajapakse | 1 | 0 | 10 | 0 | 10.00 | |
Lakshan Sandakan | 4 | 0 | 41 | 1 | 10.25 | |
Sahan Arachchige | 4 | 0 | 24 | 2 | 6.00 | |
Shehan Jayasuriya | 0.1 | 0 | 0 | 1 | 0.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hazratullah Zazai | b Dilruwan Perera | 20 | 34 | 1 | 1 | 58.82 |
Danushka Gunathilaka | not out | 94 | 66 | 12 | 4 | 142.42 |
Ahsan Ali | not out | 2 | 3 | 0 | 0 | 66.67 |
Extras | 14 (b 5 , lb 0 , nb 1, w 8, pen 0) |
Total | 130/1 (17 Overs, RR: 7.65) |
Did not bat | Bhanuka Rajapakse, Azam Khan, Shehan Jayasuriya, Sahan Arachchige, Dhananjaya Lakshan, Mohammad Amir, Lakshan Sandakan, Nuwan Thushara, |
Fall of Wickets | 1-101 (14.3) Hazratullah Zazai, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dale Steyn | 4 | 0 | 23 | 0 | 5.75 | |
Vishwa Fernando | 1 | 0 | 9 | 0 | 9.00 | |
Nuwan Pradeep | 3 | 0 | 23 | 0 | 7.67 | |
Dilruwan Perera | 4 | 0 | 30 | 1 | 7.50 | |
Irfan Pathan | 1 | 0 | 9 | 0 | 9.00 | |
Asela Gunarathne | 4 | 0 | 31 | 0 | 7.75 |
LPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙට (11) දින Colombo Kings සහ Dambulla Viiking කණ්ඩායම් අතර පැවැත්වෙන අතර එම තරගය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම සමඟ Galle Gladiators කණ්ඩායම සමඟ අවසන් පූර්ව තරගයේ දී එකිනෙකා මුණගැසෙනු ඇත. එසේම හෙට පැවැත්වෙන තරගය පරාජය වන කණ්ඩායම සමඟ Jaffna Stallions කණ්ඩායම සිය අවසන් පූර්ව තරගය ක්‍රීඩා කරනු ඇත.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<