එළඹෙන නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත 2021-22 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගෙන් සිව්දෙනෙක් හට එම තරගාවලිය මඟ හැරෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, මෙම තරගාවලියට සහභාගී වන්නේ නෑ. යම් විවේකයක් ලබා ගැනීම වෙනුවෙන් මහීෂ් මෙම තරගාවලියට මහීෂ් සහභාගී නොවන බවයි වාර්තා වන්නේ. මහීෂ් T20 ලෝක කුසලානයේ නෙදර්ලන්තය තරගය අතරතුර යම් ආබාධයකට ලක්වු අතර එහි දී ඔහුට බංග්ලාදේශ තරගය අහිමි වුනා.
මේ අතර තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට, දුෂ්මන්ත චමීර සහ මතීෂ පතිරණ (ශ්‍රී ලංකා 19න් පහළ) යන ක්‍රීඩකයින් හට දද අබුඩාබි T10 ලීගය ක්‍රීඩා කිරීමට නොහැකි වනවා. ඒ ඔවුන්ට යම් විවේකයක් අවශ්‍ය වීම සහ ඉදිරි සති කිහිපයේ දී පැවැත්වෙන ජාතික කණ්ඩායමේ තරගාවලිවල දී ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින නිසා ඔවුන්ට මේ තරගාවලිය සඳහා යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර හිමිව නැහැ.
- ලෝක කුසලානෙට ගිය 4ක් ‘ශ්‍රී ලංකා ක්‍රිකට් A’ කණ්ඩායමට
- නවසීලන්තය පළමු වරට T20 ලෝක කුසලානයක අවසන් මහා සටනට
- දිනුෂ්ක මාලන් කළුතර ක්‍රීඩකයන් අමාරුවේ දමයි
- WATCH – ප්‍රබලයින් රැසක් ඉවත් කරමින් LPL කණ්ඩායම් පහේ සංචිත තෝරා අවසන් කෙරේ
- LPL ක්‍රීඩක තෝරාගැනීම අවසන්; ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රබලයින් රැසක් හැලෙ
කෙසේ නමුත් ඒ වෙනුවෙන් වෙනත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙක්, එම තරගාවලිය හා සම්බන්ධ වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක, භානුක රාජපක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා යන ක්‍රීඩකයින් මෙවර T10 ක්‍රිකට් තරගාවලිය සඳහා අලුතින් තේරී පත්වුණු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වෙනවා.
මීට පෙර මේ තරගාවලිය වෙනුවෙන් තෝරාගැනුණු, ධනංජය ලක්ෂාන්, වනිඳු හසරංග, ඉසුරු උදාන සහ උපුල් තරංග යන ක්‍රීඩකයින් සුපුරුදු පරිදි තරගාවලිය සඳහා සහභාගී වෙමට නියමිතයි.
2021-22 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන යාවත්කාලීන කරන ලද ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි,
- The Chennai Braves (පැරණි නම Maratha Arabians) – ධනංජය ලක්ෂාන්, දසුන් ශානක, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා
- Deccan Gladiators – වනිඳු හසරංග
- Bangla Tigers – ඉසුරු උදාන
- Northern Warriors – උපුල් තරංග, බිනුර ප්‍රනාන්දු
ලොව පුරා දෙස් විදෙස් කෙළිබිමේ තතු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<