Joe Burns ඕස්ට්‍රේලියාව අත්හැර ඉතාලිය සමඟ එක්වෙයි!

90

හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Joe Burns ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එක් වීමට තීරණය කර තිබෙනවා.

මෙම වසරේ මුල භාගයේ දී ජීවිතයට සමු දුන් සිය සහෝදරයා වෙනුවෙන් ගෞරවය පිදීමට ද මෙම තීරණය අවස්ථාවක් කර ගෙන ඇති අතර, මෙහි දී ඔහු ඉතාලිය නියෝජනය කිරීම සඳහා සිය සහෝදරයා විසින් පැලඳි ජර්සි අංකය වන අංක 85 භාවිත කිරීමට ද තීරණය කර තිබෙනවා.

මේ වන විට 34 හැවිරිදි වියේ පසු වන Burnsව ඔහු පසුගිය තරග සමය වෙනුවෙන් ක්‍රීඩා කළ Queensland කණ්ඩායමෙන් මෙවර තරගවාරය සඳහා තෝරා නොගත් අතර, ඔහු ඉතාලිය සමඟ එක් වන බව ඉන් පසුව හෙළිදරව් වුනා.

“මේක අංකයක් විතරක් ම හෝ ජර්සියක් විතරක් ම නෙවෙයි. මෙය ඉහළ සිට ආඩම්බරයෙන් බලා සිටිනා මා හඳුනන මිනිසුන් වෙනුවෙනුයි.

පසුගිය පෙබරවාරි මාසයේ දී මගේ සහෝදරයා කණගාටුදායක ලෙස දිවියට සමුදුන්නා. 85 කියන්නේ ඔහුගේ අංකය වගේම, උපන් වර්ෂය.

මගේ සහෝදරයාගේ මියයාමෙන් පසුව ගෙවුණු දින, සති සහ මාස මට හිතාගන්න බැරි තරම් අසීරු වුනා.”

 

View this post on Instagram

 

A post shared by Joe Burns (@joeburns441)

සිය සහෝදරයාගේ වියෝව පිළිබඳ මෙන්ම ඉතාලිය නියෝජනය කිරීම වෙනුවෙන් අංක 85 තෝරා ගැනීමේ ඇතුල් කතාව ද Burns විසින් එසේ සිය Instagram ගිණුම ඔස්සේ හෙළිදරව් කර තිබුණා.

සිය මවගේ උරුමය අනුව ඔහු ඉතාලි කණ්ඩායම සමඟ එක් වී ඇති අතර, ඒ අනුව ඔහු ඉදිරියේ දී සිය කණ්ඩායම සමඟ එළඹෙන 2026 විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදානමින් පසු වනවා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 23ක් ක්‍රීඩා කළ Burns එහි දී ශතක හතරක් ද සමඟින් 36.97ක් වැනි ඉහළ පිතිකරණ සාමාන්‍යයක් ද රඳවා ගනිමින් පිතිකරණයේ යෙදුනත් ඔහුට 2020 වසරෙන් පසුව ජාත්‍යන්තර පිටියේ දොරගුළු විවර වුනේ නැහැ.

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<