සචින් තෙන්ඩුල්කාර් යනු ඉන්දියානුවන්ට එක්තරා ආකාරයකින් දෙවියෙකි. ඉතාම ළාබාල අවධියේ දී ම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළට යෑමේ නිමිති පළ කළ සචින් වයස අවුරුදු 16 දින 205ක් ගෙවෙන තැන ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වාසනාවන්ත විය. සචින්ගේ ළමාවියේ ඔබ නෑසූ කතා කිහිපයකි මේ.
සනී නොකී කතා!
ඉන්දියාවෙන් බිහි වූ සුපිරිතම පිතිකරුවෙකු වූ සුනිල් ගවස්කාර් ගැන ඔබ නෑසූ කතා කිහිපයක්. ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්කල් දුටු නවසීලන්ත ප්‍රාඥයා 1962 වසරේ සැප්තැම්බරයේ දිනක නවසීලන්ත…
දෙයියන්ට නම ලැබුණ හැටි
1973 වසරේ අප්‍රේල් මස විසිතුන් වැනිදා මුම්බායේ නිර්මල් නම් රෝහලක දී කුඩා දරුවෙකු උපත ලද්දේය. ඔහුගේ පියා මහාචාර්යවරයෙකි. මෙකී මහාචාර්යවරයා තමාගේ පුතාට සචින් රාමේෂ් තෙන්ඩුල්කාර් කියා නම තැබුවේය.
රාමේෂ් යන්න මහාචාර්යවරයාගේ නම වූ අතර සචින් යන නම කුඩා දරුවාගේ නමට එක්වූයේ සුප්‍රකට සංගීතවේදීයෙකු වූ එස්. ඩී බර්මන් හෙවත් සචින් දේව් බර්මන් නිසාය. මහාචාර්ය තෙන්ඩුල්කාර් එස්. ඩී බර්මන්ගේ රසිකයෙකි. එනිසාම තම කුඩාම පුත්‍රයාට සචින් යන නම යොදන්නට ඔහු තීරණය කර තිබුණි.
කුඩා සචින්ට නිතින් සහ අජිත් නමින් වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙක් සහ සවීතා නම් වැඩිමහල් සහෝදරියක ද සිටියේය.
නමුත් කෙදිනක හෝ “සචින්” යන නාමය ඉන්දියාවේ දේවත්වයට පත්වුණු ඇතැයි තෙන්ඩුල්කාර් මහාචාර්යවරයා එදා දැන සිටියේ නැත.
ඉන්දියානු විනිසුරුවරයාගේ අනාවැකිය
ඉන්දියාවේ අන්තර් පාසල් අතරේ පැවැත්වෙන ගිල්ස් නම් ක්‍රිකට් තරගාවලියක් වෙයි. ගිල්ස් කුසලානයේ එක්තරා තරගයක් වෙනුවෙන් තරමක වැඩිහිටි ක්‍රීඩකයෙකු සමග පිටියට පිවිසි අවුරුදු එකොළහක් පමණ වූ කුඩා දරුවෙකු ඉතාම විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දෙමින් අගනා අර්ධ ශතකයක් ලබා ගත්තේය.
එදා එම ගිල්ස් කුසලාන තරගය විනිශ්චය කළේ ගොන්ධිලිකාර් නම් ඉන්දියාවේ ප්‍රවීණතම විනිසුරුවරයෙකි. තරගය නිමා වූ වහාම ඒ ගොන්ධිලිකාර් විනිසුරුවරයා ඉහත කී කුඩා දරුවා නියෝජනය කළ පාසලේ පුහුණුකරුවා සොයා ගියේය.
“මිස්ටර් අච්රේකාර්, කවුද අර ඔහේගේ ටීම් එකේ ඉන්න පුංචි කොළුගැටයා. ඒ දරුවා නම් තව අවුරුදු පහක් යන්න කලින් ඉන්දියන් ටීම් එකට ගහනවා. මට හොඳටම විශ්වාසයි”
ගොන්ධිලිකාර් විනිසුරුවරයා කීවේය.
“සර්, ඔය දරුවා ක්‍රිකට් ගහන්න පටන් ගත්තේත් මේ අවුරුද්දේ. තාම වයස අවුරුදු එකොළහයි. කොහොමද එහෙම කියන්නේ” පාසල් කණ්ඩායමේ පුහුණුකරු රාමකාන්ත් අචේකාර් සිනාමුසු මුහුණින්ම විනිසුරුතුමාට පිළිතුරු දුන්නේය.
“මිස්ටර් අච්රේකාර්, මම මේ මගේ අත්දැකීමෙන් කියන්නේ. ඔය දරුවාගෙන් අවුරුදු එකොළහක ළමයෙකුගෙන් දකින පරිණත බවක් හෝ පහරවල් නෙවෙයි. මේ දරුවා නිසි ආකාරයෙන් බලා ගත්තොත් අනිවාර්යයෙන්ම ඉදිරි අවුරුදු පහ හෝ හය ඇතුළත ඉන්දියානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා” ගොන්ධිලිකාර් විනිසුරුවරයා අවසානයේ තිර ලෙසම පැවසුවේය.
ගොන්ධිලිකාර් විනිසුරුවරයාගේ අනාවැකිය ඉන් අවුරුදු පහකට පසුව සැබෑ වූ අතර පසු කලෙක සචින් තෙන්ඩුල්කාර් නම් ඒ කොලු ගැටයා එක්දින තරගවල, ටෙස්ට් තරගවල වැඩිම ලකුණු සහ වැඩිම ශතක වාර්තා ඇතුළු පිතිකරණ වාර්තා සියල්ලම පාහේ තමා සතු කරගත්තේය. නමුත් අවාසනාවකට මෙන් අවුරුදු පහකට පසුව තමන් පල කළ අනාවැකිය සැබෑවක් වනු දකින්නට ගොන්ධිලිකාර් විනිසුරුවරයා ඒ වන විට ජීවතුන් අතර සිටියේ නැත.
ගුවනේ දී මියෙන්නට පැතූ දේදුනු දේශයේ නියමුවා
හැත්තෑව දශකයේ මැද දිනක දකුණු අප්‍රිකාවේ බ්ලුෆොන්ටේන් නුවර කුඩා දරුවන් කිහිප දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියහ. ඉන් එක්තරා දරුවෙකු වේගපන්දු යවන්නෙකි. ඔහු දිවවිත් තමාට…
සාඩම්බර ශතක වැලක මුල්ම පුරුක
ඉන්දියාවේ සුප්‍රකට බොම්බාය නගරයේ (1995 වසරේ සිට මුම්බායි) සාහිත්‍ය සහවාස් පුරයේ නිවසකි. මෙම නිවසේ වාසය කළේ බොම්බාය සරසවියේ මරාති සාහිත්‍යයට සම්බන්ධ මහාචාර්යවරයායි.
අසූව දශකයේ එක්තරා දිනෙක මෙම නිවසේ එක්තරා කාමරයක විදුලි පහනක් රාත්‍රිය පුරා දැල්වෙමින් තිබුණි. මෙම කාමරය අයත්ව තිබුණේ ඉහත කී මහාචාර්යවරයාගේ කුඩාම පුත්‍රයාටය. මේ දරුවා හැරෙන්නට මහාචාර්යවරයාට තවත් පුතුන් දෙදෙනෙකු සහ දියණියක් සිටියේය.
මහාචාර්යවරයාගේ වැඩිමහල් පුත්‍රයින් දෙදෙනාගෙන් කෙනෙකු වූ අජිත් දිගින් දිගටම කාමරයේ දැල්වෙමින් තිබූ විදුලි පහන ගැන මහත් අවධානයකින් සිටියේය.
මේ ගැන විපරම් කිරීමට සිතූ ඔහු තම කුඩා සහෝදරයාගේ කාමරයට එබී බැලුවේය. ඔහු දුටුවේ තමාට වඩා අවුරුදු එකොළහක් බාල තම කුඩාම සහෝදරයා ඔහුගේ ඇඳ මතට වාඩිවී කල්පනා කරන බවකි.
“චූටි, මල්ලි නිදාගන්නේ නැද්ද?” ඔහු ප්‍රශ්නයක් යොමු කළේය.
“අයියේ මට හෙට උදේ සෙන්චරිය දාගන්න පුළුවන් වෙයි නේද?”
කුඩා දරුවාගේ නොඉවසිලිමත් පිළිතුර වැඩිමහල් සහෝදරයාට මද සිනහාවක් ගෙන ආවේය.
පෙර දිනයේ තම සහෝදරයා ලකුණු අනූව සීමාවට පැමිණ නොදැවී ක්‍රීඩා කරන බවත් ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ මංගල ශතකය අභිමුව සිටින බවත් අජිත් නම් වැඩිමහල් සහෝදරයා දැන සිටියේය.
“අපොයි බය වෙන්න එපා මල්ලි. හෙට උදේම ඔයාට සෙන්චරිය දාගන්න පුළුවන්” වැඩිමහල් සහෝදරයා තම මලයන්ඩිය දිරි ගැන්නුවේය.
අයියාගේ දිරි වදන් කෙසේ වුවත් නින්ද නම් තමා කරා නොයෙන බව අප කතානායක කුඩා දරුවා හොඳින්ම දැන සිටියේය. ඔහු ඇඳේ ඒ මේ අත පෙරලෙමින් නිදිවර්ජිතවම රාත්‍රිය පහන් කළේය.
පසුදින උදෑසනම තරගය ආරම්භ වී වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඉහත කී කුඩා දරුවා ඉතා පහසුවෙන්ම තම ශතකය රැස්කර ගත්තේය. ඔහු ක්‍රීඩාංගණයේ සතර කොණට තම පිත්ත ඔසවා ආචාර කළේය. ක්‍රිකට් ජීවිතයේ ශතකයක් රැස්කර ගැනීම කෙතරම් ආශ්චර්යජනක අත්දැකීමක්ෙ ද කියා ඔහුට සිතෙන්නට ඇත.
අප කතානායක කුඩා දරුවාගේ ශතක පෙළහර ආරම්භ වන්නේ එලෙස නිදිවර්ජිත රාත්‍රියක් ගත කරමින්ය. එසේ ආරම්භ කළ තමාගේ ක්‍රිකට් දිවිය නිමාව දකින විට ජාත්‍යන්තර ශතකය සියයකට වග කියන්නට සචින් තෙන්ඩුල්කාර් නම් එම කුඩා දරුවාට හැකියාවක් ලැබී තිබුණි.
පාකිස්තානයට ක්‍රීඩා කළ සචින්
සචින් තෙන්ඩුල්කාර්ට සිය මුල්ම ජාත්‍යන්තර අත්දැකීම ලැබෙන්නේ ඉන්දියානු කණ්ඩායම හරහා නොවේ. 1987 වසරේ ඉන්දියාවේ මුම්බායි නුවර බ්‍රැබොන් ක්‍රීඩාංගණයේ දී පැවති ප්‍රදර්ශන තරගයක දී ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තානු කණ්ඩායමේ එක් අතිරේක පන්දු රකින්නෙකු වූයේ සචින් තෙන්ඩුල්කාර්ය.
ඉන්දියානු ක්‍රිකට් සමාජයට අවුරුදු පනහක් පිරීම නිමිත්තෙන් මෙම ප්‍රදර්ශන තරගය සංවිධානය කර තිබුණි. සචින් ඒ වන විට ඉන්දියානු ක්‍රිකට් සමාජය වෙනුවෙන් තම දායකත්වය ලබා දෙමින් සිටියේය.
එමෙන්ම 1987 වසරේ ඉන්දියාවේ සහ පාකිස්තානයේ සම සත්කාරකත්වයෙන් පැවති රිලයන්ස් ලෝක කුසලානයේ මුම්බායි නුවර පැවති ඉන්දු- එංගලන්ත අවසන් පූර්ව තරගය අතරතුර හතරේ සීමාව අසල පන්දු ඇහිඳින්නෙකු (Ball Boy) ලෙස ද කුඩා සචින් ක්‍රියා කළේය.
වසර කිහිපයක ඇවෑමෙන් 1989 වසරේ සචින් ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගන්නේත් පාකිස්තානු කණ්ඩායමට එරෙහිව වීම සැබැවින්ම දෛවෝපගත සිද්ධියකි.
බටහිර සංගීතයට ලොල් සචින්
සචින්ගේ පියා මරාති භාෂාව පිළිබඳ විද්වතෙකි. එමෙන්ම කවියෙකි. නමුත් කුඩා සචින් වඩාත් ප්‍රිය කළේ බටහිර සංගීතයටය. මයිකල් ජැක්සන් වැන්නෙකු ඔහුගේ සංගීත ලැයිස්තුවේ ඉහළින්ම සිටියේය. නමුත් ලතා මංගෙෂ්කාර් ඇතුළු ඉන්දියානු සංගීතවේදීන්ට ද සචින්ගේ ලැයිස්තුවේ හිමිවූයේ ඉහළම ස්ථානයකි.
සචින් බටහිර සංගීතයට ලොල් වීම පිටුපස සිටියේ ඔහුගේ අසල්වැසි මිත්‍රයින්ය. ඔවුන් බොහොමයක් බටහිර ගති වලට නැඹුරුතාවක් දැක්වූ අය වූහ.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<