ශ්‍රී ලංකා පාපන්දු පිටියේ සහ නිමා වූ Super League තරග මාලාවේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු “2021 පාපන්දු සම්මාන උළෙල” ඊයේ (20) ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සම්මාන උළෙලේ වැඩි අවධානයක් Super League තරගාවලියට හිමිව තිබූ අතර එහි ජයග්‍රාහකයන් වූ කළුතර Blue Star SC කණ්ඩායමට ශූරතාවය සමඟ රුපියල් මිලියන 5ක මුදල් ත්‍යාගයක් එහි දී පිරිනැමුණා.
එමෙන්ම එම තරගාවලිය ක්‍රීඩා කළ සියලූම කණ්ඩායම් සඳහා පෙර දැනුම් දුන් පරිදි ලබා ගත් ස්ථාන අනුව මුදල් ත්‍යාග ලබා දීමට ද එහි දී කටයුතු කළා.
වසරකට ආසන්න කාලයක් පැවති එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස Blue Star ඉදිරිපෙළ යොවුන් ක්‍රීඩක ශෙනාල් සංදේශ් අභිෂේක ලැබූ අතර තරගාවලිය පුරාවට ගෝල 10ක් ලබා ගනිමින් රන් සපත්තුව හිමිකර ගත්තේ ද ශෙනාල් වීම විශේෂත්වයක්.
තරගාවලියේ දක්ෂතම ගෝල රකින්නාට හිමි රන් අත්වැස්ම Sea Hawks FC ගෝල රකින ක්‍රීඩක උදයංග පෙරේරාට හිමි වූ අතර නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි වුනේ Blue Star ක්‍රීඩක Mohomed Ihsan හටයි. තරගාවලියේ විනයගරුකම කණ්ඩායම වූයේ Defenders FC කණ්ඩායමයි.
Super League 2021 තරගමාලාවේ හොඳම පුහුණුකරුට හිමි සම්මානය හිමි වුනේ සිය කණ්ඩායම වසර 16කට පසු ශූරතාවයක් කරා ගෙන යෑමට මගපෙන්වූ Blue Star පුහුණුකරු Rajamani Devasagayam හටයි.
- ThePapare ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා සම්මානයට සියල්ල සූදානම්
- වසීම් සහ ඉසඩීන් Hattrick වාර්තා කරද්දී Renownට 2-1ක ජයක්
- Blue Star වසර 16කට පසු කිරුළක පහස ලබයි
මෙම සම්මාන උළෙලේ දී මෑත වකවානුවේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩකයන් හට වර්ණ ප්‍රදානය කෙරූ අතර කණ්ඩායම සමඟ කටයුතු කළ පුහුණුකරුවන් සහ නිලධාරීන් ද එහි දී උපහාර ලැබුවා.
මීට අමතරව 1995 වසරේ දී දකුණු ආසියානු පාපන්දු කිරුළ මෙරටට දිනා දෙමින් ලක්මාතාවට ගෞරවයක් ගෙන ආ පැරණි ක්‍රීඩකයන් අගයමින් ඔවුන්ට සිහිවටන ප්‍රදානය කිරීම ද එහි දී සිදු වුනා.
එමෙන්ම එම අවස්ථාව සඳහා වසර 27කට පෙර ජයග්‍රහණය කළ දකුණු ආසියානු පාපන්දු ශූරතාවය ද රැගෙන විත් තිබීම කැපී පෙනුණා.
>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<