ඔලිම්පික් සමාරම්භක උළෙලේ දී ජාතික ධජය විරේන් නෙත්තසිංහ අතට

Paris Olympics 2024

67
Flag Bearer viren neththasingha

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දී ජාතික ධජය රැගෙන යාමේ වගකීම යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ හට උදා වී තිබෙනවා. 

මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් පළමුව අවස්ථාව හිමි කර ගත් ක්‍රීඩකයා වන විරේන්, මෙවර තරගාවලියට සෘජු සුදුසුකම් ලබාගත් ළාබාලතම ක්‍රීඩකයා බවට ද පත් වුනා. 

තවමත් 21 හැවිරිදි වියේ පසු වන ඔහුට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මාර්ගය විවර කර දීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය (SLB) විශේෂ සහයක් ලබා දී තිබුණා. 

මෙහි දී SLB විසින් ඔහුගේ දක්ෂතා වර්ධනය කරගනිමින් මෙවර ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් වෙත යාමට අවශ්‍ය අඩිතාලම සකස් කර දීම වෙනුවෙන් ඔහුට විදේශීය පුහුණුකරුවකු සපයා දීමට පියවර ගන්නා බව නිවේදනය කළ අතර, ඔහුට අවශ්‍ය විදෙස් අත්දැකීම් ලබා දීම වෙනුවෙන් ඉන්දීය සහ ඉන්දුනීසියානු ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ලබා දී තිබුණා. 

මේ අනුව විරේන් විසින් එළඹෙන ඔලිම්පික් උළෙලේ දී මලල ක්‍රීඩිකා නදීශා ලේකම්ගේ සමඟ ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ඇති. 

මෙවර ඔළිම්පික් උළෙලේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<