නවසීලන්තයේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන නිවේදනය කරයි

New Zealand Tour of Sri Lanka 2024

7

එළඹෙන සැප්තැම්බර් මාසයේ දී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව නිවේදනය කළා.

ICC ටෙස්ට් ලෝක ශූරතාවයට අදාළ ව පැවැත්වෙන මෙම තරගාවලියේ තරග ද්විත්වයම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, පළමු ටෙස්ට් තරගය සැප්තැම්බර් මස 18 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් එළඹෙන සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඡන්ද කටයුතු නිසා එම දිනය මෙම තරගයට විවේකී දිනයක් ලෙස නම් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව පළමු ටෙස්ට් තරගය සැප්තැම්බර් 23 තෙක් ක්‍රියාත්මක වීමට නියමිත අතර, දෙවැනි තරගය සැප්තැම්බර් 26 වැනි දා ආරම්භ වනු ඇති.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<