ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයට දින නියම වෙයි

Sri Lanka Tour of England 2024

47

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලි ද්විත්වයකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවට පිටත්ව යාමට නියමිතයි.

විස්සයි විස්ස තරග කාලසටහන; 

  • ශ්‍රී ලංකාව සහ නවසීලන්තය (සැප්තැම්බර් 20)
  • ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව (සැප්තැම්බර් 22)
  • ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව (සැප්තැම්බර් 25)
  • ශ්‍රී ලංකාව සහ නවසීලන්තය (සැප්තැම්බර් 26)

එක්දින තරග කාලසටහන; 

  • ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව (සැප්තැම්බර් 30)
  • ශ්‍රී ලංකාව සහ නවසීලන්තය (ඔක්තෝබර් 01)

වෙනස් ක්‍රීඩාංගණවල මෙන්ම, තරගකාරී කණ්ඩායම් සමඟ ක්‍රීඩා කිරීමට මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට වරම් හිමි වනු ඇති.

මෙම ක්‍රිකට් තරගාවලිය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<