එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.
අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත මෙම සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වන අතර තරගාවලිය ආරම්භයට පෙර ඔවුන් පෙර පුහුණු තරගයත් සඳහා ද සහභාගී වීමට නියමිතයි.
- ඉන්දීය නායිකාවට ආසියානු ක්රීඩා උලෙළේ ආරම්භය මඟ හැරේ
- අතපත්තු සහ සමරවික්රමගේ වාර්තාගත සබඳතාවයෙන් ජය ශ්රී ලංකාවට
- තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලියේ ජය සංචාරකයින්ට
- “ලෝක කුසලානේ නැතත් කමක් නෑ, පාකිස්තානෙට නම් පරදින්න එපා”
- විස්ඩන් නම් කළ ආසියානු කුසලානයේ විශිෂ්ටතම ශ්රී ලංකා කණ්ඩායම
මෙම තරග සංචාරයේ එක්දින තරගාවලිය ICC කාන්තා ශූරතාවය සඳහා ඇතුළත් තරගාවලියක් වීම විශේෂත්වයක්.
මෙම සංචාරය අගෝස්තු 28 වැනිදා පැවැත්වීමට නියමිත විස්සයි විස්ස පෙර පුහුණු තරගයෙන් ආරම්භ වන අතර ඉන්පසුව විස්සයි විස්ස තරගාවලිය අගෝස්තු 1, සැප්තැම්බර් 2 සහ 6 යන දිනවල දී ද, ඉන්පසුව එක්දින තරගාවලිය සැප්තැම්බර් 9, 12 සහ 14 යන දිනවල දී ද පැවැත්වීමට නියමිතයි.
තරග කාලසටහන
දිනය | තරගය | ස්ථානය |
අගෝස්තු 28 | විස්සයි විස්ස පෙර පුහුණු තරගය | Arundel |
අගෝස්තු 31 | පළමු විස්සයි විස්ස තරගය | Hove |
සැප්තැම්බර් 2 | දෙවැනි විස්සයි විස්ස තරගය | Chelmsford |
සැප්තැම්බර් 6 | තෙවැනි විස්සයි විස්ස තරගය | Derby |
සැප්තැම්බර් 9 | පළමු එක්දින තරගය | Durham |
සැප්තැම්බර් 12 | දෙවැනි එක්දින තරගය | Northampton |
සැප්තැම්බර් 14 | තෙවැනි එක්දින තරගය | Leicester |
තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<