ශ්‍රී ලංකාව එළඹෙන වසරේ පෙබරවාරි-මාර්තු කාලය තුල දී ඉන්දියාව සමඟ ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
තරගාවලිය පෙබරවාරි 25 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ බැංගලෝර් හිදීයි. එම ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර 28කට පසුව වීම විශේෂත්වයක් වන අතර ටෙස්ට් තරගාවලිය තරග ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග දෙකක් ලෙස ද සැලකෙනවා.
- තවමත් T20 ලෝක කුසලානයක ජයක් නොලද කැන්ගරු ශූරයෝ
- “වනිඳු සහ චමීර කණ්ඩායමට නව මානයක් එක් කරනවා” – Virat Kohli
- “නවසීලන්තය පාකිස්තාන ක්‍රිකට් මැරුවා!” – Shoaib Akhtar
- ඉසුරු උදාන නැවතත් Bangla Tigers කණ්ඩායමට
- ඕමානයට සහ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයින් 4ක්
දෙවැනි ටෙස්ට් තරගය මොහාලි හිදී පැවැත්වීමට නියමිත අතර එය මාර්තු 13 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. විස්සයි විස්ස තරග තුන පිළිවෙළින් මොහාලි, ධර්මසාලා සහ ලක්නව් හිදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව අවසන් වරට 2020 ජනවාරි මාසයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වුනු අතර එම තරගාවලියට ඇතුළත් වුනේ විස්සයි විස්ස තරග තුනක් පමණයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් 2017 වසරට පසුව ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කර නොමැති අතර මේ ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ වසර 5කට පසුව වීම මේ තරගාවලියේ තිබෙන තවත් සුවිශේෂීතාවයක් වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022
- පළමු ටෙස්ට් තරගය – පෙබරවාරි 25 – මාර්තු 1 – බැංගලෝර් හිදී
- දෙවැනි ටෙස්ට් තරගය – මාර්තු 5 – 9 – මොහාලි හිදී
- පළමු විස්සයි විස්ස තරගය – මාර්තු 13 – මොහාලි හිදී
- දෙවැනි විස්සයි විස්ස තරගය – මාර්තු 15 – ධර්මසාලා හිදී
- තෙවැනි විස්සයි විස්ස තරගය – මාර්තු 18 – ලක්නව් හිදී
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<