එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට සඳහා ශ්‍රී ලංකා ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.
බංග්ලාදේශයේ සත්කාරකත්වය සහිතව පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ඩකා නුවර පිහිටි Sher-e-Bangladesh ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio Bubble) තුල කණ්ඩායම් දෙකම එක්දින තරගාවලියේ තරග 3ම ක්‍රීඩා කරන්නේ මේ ක්‍රීඩාංගණයේ දීමයි.
- තිසර ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ආයුබෝවන් කියයි
- ප්‍රවීන්ගේ වාර්තාගත කඩුලු 11 සමඟින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට
- උපුල් තරංගට කොරෝනා ආසාදනය වෙයි
- උපුල් තරංග ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයකට
- Video – කළුතර බෝධිය ළඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට – පැතුම් නිස්සංක
එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර් සංචිත පුහුණු තරගයක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින සංචිතය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.
තරගාවලියේ කාලසටහන
දිනය | තරගය | ක්‍රීඩාංගණය | වේලාව |
මැයි 21, 2021 | එක්දින පුහුණු තරගය Intra-squad | BKSP – SAVAR | 9.30 AM |
මැයි 23, 2021 | පළමු එක්දින තරගය | SBNCS, Dhaka | දිවා රාත්‍රි |
මැයි 25, 2021 | දෙවැනි එක්දින තරගය | SBNCS, Dhaka | දිවා රාත්‍රි |
මැයි 28, 2021 | තෙවැනි එක්දින තරගය | SBNCS, Dhaka | දිවා රාත්‍රි |
- NCAG: National Cricket Academy Ground, Mirpur, Dhaka – Sri Lanka Team’s practice Venue
- SBNCS: Sher-e-Bangladesh National Cricket Stadium, Mirpur, Dhaka
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<