කොරෝනා වසංගතයේ බලපෑමත් සමඟ අතරමග නැවතුණු Road Safety ලෝක ශූරතා තරගාවලියේ (Road Safety World Series) නව නිල තරග කාලසටහන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
ඒ් අනුව එළඹෙන මාර්තු 5 වැනිදා සිට තරගාවලිය නැවතත් ආරම්භ වීමට නියමිත අතර ඉන්දියාව සහ බංග්ලාදේශය පළමුවෙන් එකිනෙකා හමුවීමට නියමිතව සිටිනවා.
තවත් ක්‍රිකට් පුවත්:
- 96 ලෝක ක්‍රිකට් ශූරයින් යාපනයට
- අලුත් T20 නායකයාගේ කොදෙව් ගමනට බාධා
- Video – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටව යයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් Casual Clothing අනුග්‍රාහකත්වය යලි අලුත් වෙයි
ශ්‍රී ලංකා Legends කණ්ඩායම මාර්තු 6 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් තරග කිරීමට නියමිත අතර නැවතත් මාර්තු 8 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.
බංග්ලාදේශය සහ එංගලන්තය යන කණ්ඩායම් සමඟින් පිළිවෙළින් මාර්තු 10 සහ 14 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ප්‍රහාරාත්මක දකුණත් පිතිකරු සහ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට හිමිව තිබෙනවා. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු මෙන්ම 96 ලෝක ශූර කණ්ඩායම නියෝජනය කළ සනත් ජයසූරිය ද ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.
2020 මාර්තු 7 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ මේ තරගාවලිය සැලසුම් කළ පරිදි ආරම්භ කිරීමට හැකියාව ලැබුනත්, මාර්තු 11 වැනිදායින් පසුව එම තරගාවලිය තාවකාලිකව නවතා දැමුණා. ඒ ඉන්දියාව ඇතුළු මුළු ලෝකය තුලම වේගයෙන් ව්‍යාප්ත වෙමින් ගිය නව කොරෝනා වයිරසය නිසාවෙන්.
තරගාවලිය තාවකාලිකව නවතා දමන විට තරග දෙකක් (ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව) සඳහා සහභාගී වී සිටි ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කර සිටියා.
ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩා තරුවලට අමතරව ඉන්දියාවේ Sachin Tendulkar, Virender Sehwag කොදෙව් දේශයේ Brian Lara වැනි සුපිරි ක්‍රිකට් තරු රැසක් මේ තරගාවලිය සඳහා එක්වීමට නියමිතව සිටිනවා.
තරගාවලියේ සියලුම තරග රාත්‍රී 7ට ආරම්භ වෙනවා.
Road Safety ලෝක ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන
- මාර්තු 6 – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
- මාර්තු 8 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව
- මාර්තු 10 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය
- මාර්තු 14 – ශ්‍රී ලංකාව සහ එංගලන්තය
තරගාවලියේ සම්පූර්ණ තරග කාලසටහන
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<