MCA සුපර් ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි

29 වැනි සිංගර් MCA සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලියේ 2022

318
Fixtures announced for 29th MCA Super Premier T20 League

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන MCA සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලියේ 29 වැනි අදියර ජුනි 18 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ කණ්ඩායම් අදියරේ තරග ජුනි 18 වැනිදා සිට 20 වැනිදා දක්වා ආරම්භ වීමට නියමිත අතර අවසන් පූර්ව වටයේ තරග ජුනි 22 වැනිදා NCC සහ කටුනායක FTZ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය ජුනි 25 වැනිදා MC පිටියේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියට අනුග්‍රහය දක්වන්නේ සිංගර් සමාගමයි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් සහභාගී වනවා. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH), Mode Engineering, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හේලීස්, CDB ෆිනෑන්ස් කණ්ඩායම් කාණ්ඩ දෙකක් යටතේ මෙවර තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත වනවා.

A කාණ්ඩය B කාණ්ඩය
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හැටන් නැශනල් බැංකුව
Mode Engineering හේලීස්
සම්පත් බැංකුව CDB බැංකුව

MCA සුපර් ප්‍රිමියර් ලීගයේ කාලසටහන

තරග අංකය ක්‍රීඩාංගණය ID සත්කාරකත්වය vs ID සංචාරක කණ්ඩායම

ජුනි 18 සෙනසුරාදා

1 FTZ කටුනායක A1 JKH vs A2 Mode Engineering
2 FTZ කටුනායක B1 හැටන් නැශනල් බැංකුව vs B2 හේලීස්
තරග අංකය ක්‍රීඩාංගණය ID සත්කාරකත්වය vs ID සංචාරක කණ්ඩායම

ජුනි 9 ඉරිදා

3 NCC A2 Mode Engineering vs A3 සම්පත් බැංකුව
4 NCC B2 හේලීස් vs B3 CDB
තරග අංකය ක්‍රීඩාංගණය ID සත්කාරකත්වය vs ID සංචාරක කණ්ඩායම

ජුනි 20 සඳුදා

5 මොරටුව ක්‍රීඩාංගණය A1 JKH vs A3 සම්පත් බැංකුව
6 මොරටුව ක්‍රීඩාංගණය B1 හැටන් නැශනල් බැංකුව vs B3 CDB

අවසන් පුර්ව තරග

තරග අංකය ක්‍රීඩාංගණය ID සත්කාරකත්වය vs ID සංචාරක කණ්ඩායම

ජුනි 22 බදාදා

7 NCC A කාණ්ඩයේ පළමු ස්ථානය vs B කාණ්ඩයේ දෙවන ස්ථානය
8 FTZ කටුනායක B කාණ්ඩයේ පළමු ස්ථානය vs  A කාණ්ඩයේ දෙවන ස්ථානය

අවසන් තරගය

තරග අංකය ක්‍රීඩාංගණය ID සත්කාරකත්වය vs ID සංචාරක කණ්ඩායම

ජුනි 25 සෙනසුරාදා

9 MCA තරග අංක 7 ජයග්‍රාහකයන් vs තරග අංක 8 ජයග්‍රාහකයන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<