ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් පස්දෙනෙක් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.
දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේ දී නායක දිමුත් කරුණාරත්නගේ අතෙහි පන්දුවක් වැදීම නිසාවෙන් ඔහු ආබාධයකට ලක්වූ අතර ඒ නිසාවෙන් එංගලන්තයට එරෙහිව ඊයේ (18) නිමා වූ ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමට කරුණාරත්න හට නොහැකි විය. ඒ නිසාවෙන් පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින් නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් දෙවන ටෙස්ට් තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ඇත.
ඊට අමතරව කුසල් මෙන්ඩිස්, ලහිරු කුමාර, මිනෝද් භානුක සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්ව නිවෙස් බලා යාමට අවසර ලැබී තිබේ. අනුව 22 දෙනෙකුගෙන් සමන්විත මේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ක්‍රීඩකයින් 17 දෙනෙකු දක්වා අඩුවන අතර දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය තුල එනම් එම තරගය සඳහා ක්‍රීඩා ක්‍රීඩකයින් 11 දෙනා තෝරාගැනීමෙන් පසුව සංචිතයේ ඉතිරිව සිටින තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු නිවෙස් බලා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බව ද ThePapare.com වාර්තා වෙයි.
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් අතර දැඩි කතාබහකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් හට මේ තරගය තුල ද වැඩි ලකුණු අතරට ඒමට නොහැකි වුනු නමුත් නොකඩවා ලකුණු නොලබා දැවී යාම් හතරක් ලබාගෙන සිටි මෙන්ඩිස් හට ඉන් මිදීමට මෙහි දී අවස්ථාවක් ලැබුණි. ඒ දෙවැනි ඉනිමේ දී ලකුණු 15ක් ලබා ගැනීමට මෙන්ඩිස්ට අවස්ථාව ලැබුණු නිසයි.
තවත් ක්‍රිකට් පුවත්
- එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට නොකඩවා ටෙස්ට් තරග 5ක ප්‍රහාරයක්
- IPL එකට අලුතින් කණ්ඩායම් දෙකක් වෙනුවට එකක්
- කාර්යබහුල තරග කාලසටහන් නිසා ඉන්දියාව අර්බුදයක
- “ලක්මාල්, කුමාර සුවෙන්, දිමුත් ගැන විශ්වාසයක් නැහැ” – ප්‍රධාන පුහුණුකරු
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වන මේ තරගාවලියේ පළමු තරගය කඩුලු 7කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුන අතර ඒ සඳහා බලපෑ ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිම තුල දී දැඩි පසුබෑමකට ලක්වීමයි.
දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.
කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<