ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය මගින් මෙහෙය වනු ලබන ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු අදියර (I) පාඨමාලාව ලබන මස 26 වැනි දා සිට 30 වැනි දා දක්වා පුරා දින 5ක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.
ජනිත සුරත් තායිලන්ත ගුවන් හමුදාවට!
ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ජනිත සුරත් හට මෙතෙක් ශ්‍රී ලංකා වොලිබෝල් …
මෙම ජාත්‍යන්තර පාඨමාලාව සඳහා දැන ශ්‍රී ලංකාව තුල වොලිබෝල් පුහුණුකරුවන් ලෙස කටයුතු කරන පුහුණුකරුවන්ට සහ පුහුණුකාරිනියන්ට අයැදුම් පත් එවිය හැකිය. වොලිබෝල් පුහුණුකරුවකු ලෙස ඔබ දක්වා ඇති දක්ෂතා ඇතුලත්ව ඔබගේ පෞද්ගලික විස්තර සහිත අයැදුම් පත්‍රයක් සකසා ලියා පදිංචි තැපෑලෙන් 2018 මාර්තු මස 01 දිනට පෙර ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක. 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට එවිය යුතුය.
පාඨමාලා ගාස්තු, නවාතැන්, ආහාරපාන සමඟ එක් පුද්ගලයෙකු වෙනුවෙන් අය කරනු ලබන මුදල රු.40,000/- කි. මේ පිළිබදව වැඩිදුර තොරතුරු 0112669344 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිය.
>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<