FIFA ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (24) පැවති පළමු තරගයේ දී ප්‍රබල එංගලන්තය කෝඩුකාර පැනමාව සමඟින් තරග වැදුණු අතර ගෝල 06-01ක පහසු ජයක් හිමි කර ගැනීමට එංගලන්තය සමත් විය.
ආරම්භක තරගවල දී පෙරළිකාරී ජයග්‍රහණ වාර්තා කළ සෙනගාලය හා ජපානය ඊයේ දිනයේ දෙවන තරගයේ දී එකිනෙකා හමු වූ අතර ඒ තරගය අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.
KROOSගේ මායාකාර ගෝලය ලෝක ශූරයන්ට ජය ගෙනේ; බෙල්ජියම අවසන් 16ට
2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද (23) දිනයේ පළමු තරගය ලෙස ප්‍රබල…
ජපානය හා සෙනගාලය අතින් පරාජය වුන කොලොම්බියාව හා පෝලන්තය තෙවැනි තරගයේ දී තරග වැදුණු අතර පෝලන්ත ප්‍රේක්ෂකයින් හඬවමින් ගෝල 3-0ක් ලෙස පෝලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරන්නට කොලොම්බියාව සමත් විය.
පෝලන්තය ගෙදර යවමින් කොලොම්බියාව ජය ගනී
දිනයේ තෙවැනි තරග ලෙස පළමු තරගයේ දී ජපානය අතින් පරාජය වූ කොලොම්බියාවත්, පළමු තරගයේ දී සෙනගාලය අතින් පරාජය වූ පෝලන්තයත් තරග වැදුණු අතර ගෝල 3-0ක් දැවැන්ත ජයක් වාර්තා කරමින් පෝලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ඇද දමන්නට කොලොම්බියාව සමත් විය. මෙම තරගය H කාණ්ඩයේ තරගයක් ලෙස Kazan හි Kazan Arena ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
කණ්ඩායම් දෙකම සිය පළමු තරගය පරාජය වූ බැවින් ලෝක කුසලානයේ රැඳී සිටීමට නම් කණ්ඩායම් දෙකටම මේ තරගයේ ප්‍රතිඵලය ඉතා වැදගත් විය. ඒ අනුව කොලොම්බියාවට සිය සිහින සැබෑ කර ගැනීමට තවත් අවස්ථාවක් හිමි වූ අතර පෝලන්ත සිහින පරාජයත් සමඟ බොඳ විය.
කෙසේ වෙතත් පෝලන්තය පළමු අර්ධය පුරා කොලොම්බියානු අර්ධය ආක්‍රමණය කිරීමට වඩා ආරක්ෂාකාරීව ක්‍රීඩා කිරීමට උනන්දු වූ අතර අනෙක් අතට කොලොම්බියානු ක්‍රීඩකයෝ වැඩි කාලයක් පන්දුව තමන් සතුව තබාගෙන ගෝලයක් කරා සිය ආක්‍රමණය මෙහෙයවන්නට උනන්දු විය.
Quintero, Mojica, හා Falcao අලංකාර පන්දු හුවමාරු කිරීම් මගින් ඉතා ආසන්න අවස්ථා උදා කර ගත් අතර පළමු අර්ධය පුරා ගෝල රැස්කර ගැනීමට නොහැකි වුනත් පෝලන්ත ක්‍රීඩකයෝ ඔවුන් පරාජය වූ සෙනගාල් තරගයට වඩා බොහෝ හොඳින් සංවිධානාත්මකව ක්‍රීඩා කළ බව පෙනුණි.
40 වන මිනිත්තුවේ දී බාර්සිලොනා කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩක MINA පෝලන්ත ආරක්ෂක ක්‍රීඩකයින් මැදින් ඉහළ නැගුණු අතර Rodriguezගේ පන්දු යොමු කිරීමක් ගෝල රාමුව අසල තනිව සිටි Szczesny පසු කරමින් අනර්ඝ ලෙස දැල තුලට සිය හිසෙන් යොමු කළේ පළමු කොලොම්බියා ගෝලය වාර්තා කරමිනි. ඒ අවස්ථාවේ පෝලන්ත ආරක්ෂක ක්‍රීඩකයින් ඉතා දුර්වල ක්‍රීඩා රටාවක නිරත වූ අතර ගෝලය නවත්වනවා වෙනුවට ඔවුන් ප්‍රේක්ෂකයින් වී MINAගේ ප්‍රහාරය දෙස බලා සිටියේ පෙර තරගයේ වැරදීම නැවත සිදු කරමිනි.
පළමු අර්ධය: කොලොම්බියාව 01 – 00 පෝලන්තය
මිනිත්තු 62ක් වන තුරුම පෝලන්ත ක්‍රීඩකයෝ නිසි ලෙස ඉලක්කයට ගෝල රාමුව තුලට යොමු කර තිබුණේ එක් ප්‍රහාරයක් පමණක් වූ අතර යුරෝපීය තේරීම් තරගවල වැඩිම ගෝල ලාභියා වූ පෝලන්ත නායක සුපිරි ක්‍රීඩක රොබට් ලෙවන්ඩොස්කි ද කිසිදු ආසන්න අවස්ථාවක් ළඟා කර ගැනීමට සමත් වූයේ නැත.
පෝලන්ත ආරක්ෂක ක්‍රීඩකයින්ගේ දුර්වලතාව තරගයේ දෙවන වරටත් කොලොම්බියාවට වාසනාව ගෙනාවේ 70 වන මිනිත්තුවේ දී ය.
අලංකාර පන්දු යොමු කිරීම් දෙකකින් කොලොම්බියානු ක්‍රීඩකයින් පන්දුව ඉදිරියට ගෙන ආ අතර Quintero අලංකාර ලෙස නිද්‍රාවේ සිටි පෝලන්ත ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් අතරින් FALCAO වෙත පන්දු යොමු කළේ FALCAO හට ඉතා පහසු සුපිරි ගෝලයක් හිමි කර දෙමිනි. මේ FALCAOගේ පළමු ලෝක කුසලාන ගෝලයයි.
කාල නාස්ති නොකළ කොලොම්බියානුවෝ නැවත වරක් 74 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූයේ පෝලන්ත බලාපොරොත්තු සුනුවිසුනු කරමිනි. පිටිය මධ්‍යයේ සිට පෝලන්ත ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක්ගේ දෑස් ඉදිරියෙන් James Rodriguez විශිෂ්ට ලෙස CUADRADO වෙත පන්දුව යොමු කළ අතර ඒ විශිෂ්ට පන්දු යොමු කිරීම CUADRADO ගෝලයකින් අවසන් කළේ සුපිරි ධාවනයක නිරත වීමෙන් අනතුරුවයි.
CUADRADOගේ ගෝලයත් සමඟ පෝලන්ත පරාජයට අවසාන ඇණයත් වැදුණු අතර තවත් එක තරගයක් ඉතිරිව තිබිය දී ම පෝලන්ත සිහින බොඳ වී ගියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවසන් අවස්ථාවත් ඔවුන්ට අහිමි වූ නිසයි.
අවසාන ලකුණු තත්වය: කොලොම්බියාව 03 – 00 පෝලන්තය
ගෝල රැස්කළ ක්‍රීඩකයෝ
- කොලොම්බියාව – MINA 40’, FALCAO 70’, CUADRADO 74’
බෙල්ජියමේ “රතු යක්ෂයින්” සහ ලෝක කුසලාන බලාපොරොත්තු
රුසියාවට පියාසර කළ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 3 වැනි ස්ථානයට හිමිකම්..
තියුණු තරගයකට පසු ජපන් සෙනගාල් ගැටුමේ ගෝල සමවේ
දිනයේ දෙවන තරගය සිය පළමු තරගවල දී පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කළ සෙනගාලය හා ජපානය තරග වැදුණු අතර ගෝල 2-2ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ජපන් ක්‍රීඩකයෝ සමත් විය. මේ තරගය Ekaterinburg හි Ekaterinburg Arena ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
සෙනගාලය පළමු තරගයේ දී ප්‍රබල පෝලන්තය පරාජය කළ අතර ජපානය සිය පළමු තරගයේ දී නොසිතූ ලෙස කොලොම්බියාව පරාජය කළේ සියලු දෙනා පුදුම කරමින්ය.
පළමු මිනිත්තුවේ සිටම සෙනගාල් ක්‍රීඩකයින් පන්දුව තමන් සතු කරගෙන ක්‍රීඩා කළ අතර 11 වන මිනිත්තුවේ ජපන් ක්‍රීඩකයින්ගේ අතපසු වීම් රාශියක් නිසා සෙනගාල් ක්‍රීඩකයින් සිය පළමු ගෝලය වාර්තා කළේය.
Teranga විසින් ‘Corner’ අවස්ථාවකින් යොමු වූ පන්දුව නිවැරදි ලෙස දඬුවම් පහර චතුරශ්‍රයෙන් ඉවතට යොමු කිරීමට අසමත් වූ අතර අනතුරුව සෙනගාල් ක්‍රීඩකයෙකු දැල වෙතට ප්‍රහාරයක් එල්ල කළත් Eiji Kawashima එම පන්දුව රැකගන්නවා වෙනුවට පන්දුවට අතින් පහරක් එල්ල කළේය. ඒ අවස්ථාව ඔහු ඉදිරියට පැමිණි Sadio Mane ඉතා සුළු පහරකින් පන්දුව දැල වෙත යොමු කළේය.
අනතුරුව ජපන් ක්‍රීඩකයින් සිය දුර්වල ක්‍රීඩා විලාසය පසෙකලා ප්‍රබල සටන්කාමී ක්‍රීඩා විලාසයක් දියත් කළ අතර 34 වන මිනිත්තුවේ දී චතුරශ්‍රයේ පිටත සිට අනගි කවාකාර ප්‍රහාරයකින් INUI විශිෂ්ට ගෝලයක් රැස් කළේ Yuto Nagatomo විසින් සුපිරි ලෙස පන්දුව ස්ථානගත කර දීමෙන් අනතුරුවය.
පළමු අර්ධය: ජපානය 01 – 01 සෙනගාලය
අනතුරුව INUI විසින් විශිෂ්ට අවස්ථාවක් උදා කර ගත් අතර අලංකාර ප්‍රහාරයක් එල්ල කළත් පන්දුව අවාසනාවන්ත ලෙස ගෝල රාමුවේ වැදී ඉවත ගියේ ක්‍රීඩාංගණය මොහොතකට නිහඬ කරමින්ය.
70 වන මිනිත්තුවේ දී සෙනගාල් ක්‍රීඩකයින් ඉතා හොඳ පන්දු පිරිනැමීම් කිහිපයකින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර Youssouf Sabalyගේ අනර්ඝ පන්දු යොමු කිරීමකින් අනතුරුව නිසි වෙලාවට ගෝල රාමුව අසලට පැමිණි 19 හැවිරිදි M WAGUE 71 වන මිනිත්තුවේ දී අලංකාර ලෙස දෙවන සෙනගාල ගෝලය වාර්තා කර ගැනීමට සමත් විය.
කාලය නාස්ති නොකළ ජපන් ක්‍රීඩකයෝ නැවත වරක් ඉක්මනින්ම ක්‍රියාත්මක වූ අතර සෙනගාල් ගෝල රකින්නා Khadim Ndiayeගේ අතපසු වීමක් හමුවේ Inui යොමු කළ පන්දුවක් HONDA ඉතා පරික්ෂකාරිව දැල වෙත යොමු කළේ සෙන්ගාලයේ පෙරමුණ ගැනීම මිනිත්තු කිහිපයකට සීමා කරමිනි.
ඒ සමඟ HONDA ජපානය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලි තුනක දී ගෝල රැස්කළ පළමු ජපන් ජාතිකයා බවට පත්වීමේ අභිමානය තමන් සතු කර ගන්නා ලදි.
මේ තරගය ජය ගන්නා කණ්ඩායමට 16 දෙනාගේ වටයට පිවිසීමේ පැහැදිලි අවස්ථාවක් හිමිව තිබුණත් අවසාන නලා නාදය නාද වනතුරු කිසිදු කණ්ඩායමක් යලි ගෝල රැස්කිරීමට සමත් වූයේ නැත.
අවසාන ලකුණු තත්වය: ජපානය 02 – 02 සෙනගාලය
ගෝල රැස්කළ ක්‍රීඩකයෝ
- සෙනගාලය – Sadio MANE 11’, M WAGUE 71’
- ජපානය- INUI 34’ , HONDA 78’
හැරී කේන්ගේ එංගලන්තයෙන් පැනමාවට ගෝල වරුසාවක්
FIFA ලෝක කුසලාන තරගාවලියේ අද (24) දිනයේ පළමු තරගය ලෙස ප්‍රබල එංගලන්තය කෝඩුකාර පැනමාව සමඟින් තරග වැදුණු අතර පැනමාවට දරුණු පිළිගැනීමේ සංග්‍රහයක් ලබා දෙමින් ගෝල 06-01ක ජයක් හිමි කර ගැනීමට එංගලන්තය සමත් විය.
KROOSගේ මායාකාර ගෝලය ලෝක ශූරයන්ට ජය ගෙනේ; බෙල්ජියම අවසන් 16ට
2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද (23) දිනයේ පළමු තරගය ලෙස ප්‍රබල බෙල්ජියම..
සුපිරි ක්‍රීඩක එංගලන්ත නායක හැරී කේන් මේ තරගයේ දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළේ සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝගේ මේ වන විට මෙවර ලෝක කුසලානයේ වැඩිම ගෝල වාර්තාව අභිබවා යමිනි.
පළමු අර්ධයේ ගෝල පහක් වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩකයින් සමත්වුවද, දෙවන අර්ධයේ එංගලන්ත ක්‍රීඩකයින්ට නිදහසේ ක්‍රීඩා කිරීමට පැනමා ක්‍රීඩකයින් ඔවුන්ට ඉඩ ලබා දුන්නේ නැත. දෙවන අර්ධයේ 77 වන මිනිත්තුවේ දී කෝඩුකාර පැනමාවේ පළමු ලෝක කුසලාන ගෝලය වාර්තා වූයේ ලෝක කුසලානයක් දිනුවා වැනි සතුටක් ඔවුන්ගේ ප්‍රේක්ෂකයින්ට උදා කරමිනි.
පළමු තත්පරයේ සිටම ප්‍රහාරය ආරම්භ කළ එංගලන්ත ක්‍රීඩකයෝ සිය පළමු ගෝලය වාර්තා කළේ 8 වන මිනිත්තුවේ දී ය. STONES දැල ඉදිරියේ දී ම පන්දුව ලබාගෙන සිය හිසෙන් පන්දුව අලංකාර ලෙස දැල වෙත යොමු කළේ ගෝල වරුසාව ආරම්භ කරමින්ය.
20 වන මිනිත්තුවේ දී පැනමා ක්‍රීඩකයෙකු LINGARD හට අනවශ්‍ය බාධා කිරීමක් කළ නිසා විනිසුරු එංගලන්තයට දඬුවම් පහරක් නියම කළ අතර නායක හැරී කේන් 22 වන මිනිත්තුවේ දී අලංකාර ලෙස එම දඬුවම් පහර ගෝලයක් බවට පරිවර්තනය කළේය.
36 වන මිනිත්තුවේ දී Sterlingගේ පන්දු යොමු කිරීමක් LINGARD අලංකාර ලෙස ඉහළ දකුණු කෙළවරින් ගෝලය වෙත යොමු කළේ තෙවන එංගලන්ත ගෝලය හා සිය මංගල ලෝක කුසලාන ගෝලය වාර්තා කරමිනි.
දිගින් දිගටම ප්‍රහාරයේ යෙදුණු එංගලන්ත ක්‍රීඩකයෝ 40 වන මිනිත්තුවේ දී තවත් ප්‍රහාරයක් දියත් කළ අතර Jaime Penedoගේ ගෝල රැකීමකින් නැවත පැමිණි පන්දුව STONES විශිෂ්ට ලෙස දැල වෙත යොමු කළේ සිය දෙවන ගෝලය ලෙසය.
මේ වන විට පැනමා ක්‍රීඩකයින්ගේ ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන් බිඳ වැටි තිබුණු අතර එංගලන්ත පන්දු යොමු කිරීම් පැමිණියේ කොහෙන්ද කියාවත් ඔවුන්ට හරි හැටි අවබෝධයක් තිබුණේ නැත.
43 වන මිනිත්තුවේ දී GODOY විසින් දඬුවම් පහර චතුරශ්‍රය තුල දී එංගලන්ත නායක KANE හට අනවශ්‍ය බාධා කිරීමක් කළ නිසා එංගලන්තයට තවත් දඬුවම් පහරක් හිමි වූ අතර හැරී කේන් පෙර ලෙසම ඉතා පහසුවෙන් එම දඬුවම් පහර ගෝලයක් බවට පත් කළේය.
පළමු අර්ධය: එංගලන්තය 05 – 00 පැනමාව
දෙවන අර්ධය පැනමාවේ ඉතිහාසයට එක්වූ අර්ධයක් වූයේ පැනමාව මංගල ලෝක කුසලානයේ මංගල ගෝලය දෙවන අර්ධයේ 78 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ නිසයි.
දෙවන අර්ධයේ 62 වන මිනිත්තුවේ දී හැරී කේන් ගෝල ත්‍රිත්වයක් සම්පූර්ණ කරමින් තවත් ප්‍රහාරයක් සාර්ථකව අවසන් කළේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ හා ලුකාකුගේ ගෝල හතර ඉක්මවා යමිනි.
78 වන මිනිත්තුවේ දී නිදහස් පහරකින් යොමු වූ පන්දුව Felipe Baloy අලංකාර ලෙස දැල තුලට යොමු කළේ පැනමා ඉතිහාසයේ වටිනාම ගෝලය ලබා ගනිමිනි. එම ගෝලයට පැනමා ප්‍රේක්ෂකයින් මෙන්ම පැනමා ක්‍රීඩකයින්ට සතුටු වූයේ ලෝක කුසලානය දිනුවාක් මෙන් සතුටිනි.
අවසාන ලකුණු තත්වය: එංගලන්තය 06 – 01 පැනමාව
ගෝල රැස්කළ ක්‍රීඩකයෝ
- එංගලන්තය – හැරී කේන් 22 (PEN), 45+1 (PEN), 62’, ස්ටෝන්ස් 62’, 8’, ලින්ගාඩ් 36’
- පැනමාව – Baloy 78’
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<