පාපන්දු සභාපතිට චෝදනා ගොන්නක්

203

ශ්‍රී ලංකා පාපන්දු මුල් පුටු කලඹමින් කලාපීය පාපන්දු කමිටුවේ සභාපති ආර්. පුවේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අරුණ ද සිල්වා මහතා හට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.

2019 Vantage FA කුසලානයට වාර්තාගත සහභාගීත්වයක්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දීර්ඝතම ඉතිහාසයට හිමිකම් කියන FA කුසලාන පාපන්දු තරගාවලියේ 2019 වර්ෂයේ දිගහැරුම මේ මස 30 වැනිදායින්

ඒ අතරම ඔහු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට මීළඟ විධායක කමිටු රැස්වීමට සහභාගී වන ලෙස ද දැනුම් දී තිබේ.

Vantage FA කුසලාන පාපන්දු තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම දැනුම් දී දිනකට පසුව කලාපීය පාපන්දු සංවර්ධන කමිටුවේ හා සිටි පාපන්දු ලීගයේ සභාපති පුවේන්ද්‍රන් මහතා අරුණ ද සිල්වා මහතාට හා තවත් නිලධාරීන් පිරිසකට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දිවයිනේ ප්‍රසිද්ධ පුවත්පත් වාර්තා කර තිබූ පරිදි මෙම පැමිණිල්ල සිදු කර තිබුණේ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට එරෙහිව වන අතර ඒ විධායක කමිටුවේ තීරණවලට ගරු නොකිරීම මගින් දිවයිනේ ක්‍රීඩාව පහත හෙළීම යන හේතුව නිසාවෙනි.

මතභේද දුරු කරන්නට හේතු එළිදකී

මේ මස 22 වැනිදා සිය 26 වැනිදා දක්වා බහරේන් හිදී පැවැත්වීමට නියමිත වයස අවු.23න් පහළ ආසියානු කුසලාන පාපන්දු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම්

එම පැමිණිල්ලට අනුව FIFA වෙතින් හා ආසියානු පාපන්දු සම්මේලනයෙන් ලැබුණු මුදල් යොදාගෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දිවයිනේ පාපන්දු ක්‍රීඩාවේ කිසිදු උන්නතියක් ඇති කිරීමට අසමත්ව ඇති අතර ඊට අමතරව තවත් කරුණු රාශියක් එම පැමිණිල්ලේ සටහන්. මම කරුණු නිමා වූ AFC කුසලාන වයස අවුරුදු 23න් පහළ තේරීම් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනක දී ගෝල 20ක් ප්‍රතිවාදීන්ට ලබා දීමෙන්ම තහවුරු වන බව ද එහි සඳහන්.

තවදුරටත් කරුණු දක්වමින් පැමිණිලිකරු පවසා තිබුණේ වසර දෙකකින් කලාපීය කමිටු රැස්වීමක් කැඳවීමට පාපන්දු සම්මේලනයේ සභාපතිතුමා අසමත්ව ඇති බවයි. එමෙන්ම ඔහුගේ පුද්ගලික ධනයෙන් මිලියන 2.5ක් පමණ තමා පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා වැය කර ඇති අතර ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා පාපන්දු සම්මේලනයේ සභාපතිතුමාගේ ක්‍රියාකලාපය පිළිබඳ තමන්ගේ කිසිම පැහැදීමක් නොමැති බව ද එම පැමිණිල්ලේ සඳහන්.  

කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති විසින් ක්‍රීඩා  අමාත්‍යවරයා වෙත කරන ලද යෝජනා:
  • ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති හා චෝදනා එල්ල වී ඇති කමිටු සාමාජිකයින් තිදෙනා වහාම සිය තනතුරු වලින් ඉවත් විය යුතුයි.
  • ක්‍රීඩා අමාත්‍යවරයා මීළඟ සම්මේලන රැස් වීමට සහභාගී වී මේ පිළිබඳ වැඩි විස්තර සාකච්ඡා කළ යුතුයි.
පහත කරුණු පැමිණිල්ලට ඇතුළත්:
  • කොරියාවෙන් හා ජපානයෙන් ලැබුණු ලක්ෂ ගණනක් වටිනා ක්‍රීඩා උපකරණ නිසි ලෙස බෙදා නොහැරිම.
  • බංගලාදේශයේ SAFF තරගාවලියේ දී ඇති වූ සිදුවීම් පිළිබඳ ක්‍රීඩකයින් කළ පැමිණිලි නිසි ලෙස විභාග නොකිරීම.
  • 2017 වසරේ සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබඳව පාපන්දු සම්මේලනයේ සභාපති කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම.
  • FIFA විසින් ලබා දීමට පොරොන්දු වූ ප්‍රතිපාදන වලින් අංග සම්පූර්ණ පාපන්දු ක්‍රීඩාංගණයක් සහ ෆුට්සාල් ක්‍රීඩාංගණ හයක් ඉදිකිරීමට ක්‍රියාශීලී නොවීම.
  • වෙරළ පාපන්දු සංවර්ධන කමිටුව ක්‍රියාත්මක කිරීමට අසමත් වීම.
  • ශූරයින්ගේ කුසලාන කණ්ඩායම්වලට මුලින් පොරොන්දු වූ ලක්ෂ හතරක මුදල වෙනුවට ලක්ෂ දෙකක් පමණක් ලබා දීම.
  • බලධාරීන් කිහිප දෙනෙකුගේ උවමනාවට තරගාවලි ආකෘතිය වෙනස් කිරීම.
  • කොළඹ ලීග් නිලධාරීන් පස්දෙනෙකුට පාපන්දු සම්මේලනයේ තනතුරු ලබා දීම.

ThePapare.com පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාගෙන් මෙම පැමිණිල්ල පිළිබඳ විමසා සිටියා.

“මේ කිසිම පදනමක් නැති චෝදනා, ඇත්ත තත්වය මාධ්‍යයට කියනවාට වඩා වෙනස්, අපි මීළඟ විධායක කමිටුවේ සාකච්ඡා කරලා මේ පිළිබඳ ඇත්ත එලි කරනවා, මෙම කමිටු රැස්වීමට සියලුම සාමාජිකයින්ට සහභාගී වෙන්න පුළුවන්, මගේ පැත්තෙන් කිසිම ඒකාධිපතිවාදයක් නැහැ”

“අපිට වැරදීම් වෙන්න පුළුවන්, නමුත් අපි සිතාමතා ක්‍රීඩාවට හානියක් කරන්නේ නැහැ, මේ චෝදනාව මගේ චරිතය විනාශ කරන්නයි, අපි අභ්‍යන්තර සාකච්ඡාවලින් පසු මාධ්‍ය හමුවක් කැඳවන්නම්”

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<