මෝටර් රථ ධාවකයන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සම්මාන

355

2015 වසර මෙරට මෝටර් රථ ධාවන තරඟ කාලසටහනේ සුවිශේෂි වසරකි.එම සුවිශේෂි බව තහවුරු කරමින් ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවයක් පසුගියදා කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.  මෙම උත්සවයේදී 2015 වසරේ මෝටර් රථ ධාවන තරඟවලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වුවන් වෙත සම්මාන සහතික ප්‍රදානය කෙරිණ.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ CEAT Sri Lanka පුර්ණ දායකත්වය යටතේ මෙම තරඟ පැවැත්වු අතර සම්මාන සහතික ප්‍රදානය ද එම ආයතනවලදායකත්වය මත පැවැත්විණ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ ලේකම් වින්ග් කමාන්ඩර් ජාලිය ජයසේකර (විශ්‍රාමික) සහ ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් රැසක් එක්වි සිටියහ.

ශ්‍රි ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති රොඩ්නි මේසන් මහතා ඇතුළු සමාජිකයන්, ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ ධාවන ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට සහ ජාත්‍යන්තර මට්ටමේ තරඟ පැවැත්වීම සම්බන්ධයෙන් කැපවී කටයුතු කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වු ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ ලේකම් වින්ග් කමාන්ඩර් ජාලිය ජයසේකර මහතා,

“මෙම ඉසව්ව මෙරට මෝටර් රථ ධාවන  තරඟ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ගත් සාර්ථක පියවරක්. මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ නියුතු වුවන්ටතමන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගන්න සහ ඒ දක්ෂතා වලට නිසි පිළිගැනීමක් ලබා දෙන්න මේ අවස්ථාව අතිශයින් වැදගත් වෙනවා.මෙහිදී සහය දැක්වුක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය වෙනුවෙන් ස්තුතිවන්තවනවා“ යැයි පැවසීය.

ජාතික ශුරතාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්විණ.
1.ශ්‍රී ලංකා ජාතික ශූරතාවය – රළු ඉසව්ව
2. ශ්‍රී ලංකා ජාතික ශූරතාවය –  සුමට ඉසව්ව

එමෙන්ම කාණ්ඩ කර ඇති වාහන පහත ආකාරයට ජාතික ශූරතාවලිය සඳහා සහභාගි වුහ.

1.    GROUP SL- GT CARS UP TO 3500 CC
2.    GROUP SL- H CARS UP TO 1618 CC
3.    GROUP SL- SPECIALS CARS UP TO 1500 CC
4.    GROUP SL – N FORD LASER MAZDA CARS UP TO 1500CC

මෙහි ප්‍රමුඛ  තරඟාවලිය ලෙස  දියතලාව යුධ හමුදා ඇකඩමියේ “ෆොක්ස් හිල්“ හිදි පැවති “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්“ සැලකෙන අතර එම තරඟාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ ධාවක රියදුරන්ගේ සංගමය විසින් පවත්වනු ලැබීය. මෙහි “බොරළු“ කාණ්ඩය සඳහා වන  ශුරතා, තරගාවලි දෙකක් ලෙස “ගජබා සුපර් ක්‍රොස් “ සහ “වලවේ සුපර් ක්‍රොස්‘ යන තරගාවලි සැලකිල්ලට ගෙන තිබේ.

එමෙන්ම කළුතර කටුකුරුන්ද ධාවන පථයේ සංවිධානය කෙරුණු තරඟ දෙකක් ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. තවද පන්නල ධාවන පථයේ සංවිධානය කෙරුණු තරඟ වල ජයග්‍රාහකයින්ද මෙහිදී සම්මානයට පාත්‍රවුහ.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය විසින්  2016 දී TSD ධාවන තරඟ කිහිපයක් සංවිධානය කිරීමට සුදානම් වන අතර එම තරඟ දකුණු මෝටර් රථ ධාවකයින්ගේ සංගමය, ධාවන රියදුරන්ගේ සහ පදවන්නන්ගේ සංගමය, සිලෝන් මෝටර් ස්පොර්ට්ස් ක්ලබ්  මෙන්ම කොලඹ මෝටර් ස්පොර්ට්ස් ක්ලබ් යන සංගම් හා ඒකාබද්ධව පැවැත්වීමට නියමිතයි.

මේ වන විට දිවයින පුරා පිහිටි ක්‍රීඩා සමාජ 9ක් සමඟ ඒකාබද්ධව මෝටර් රථ ධාවන තරඟ පවත්වන අතර ආසියානු මෝටර් රථ ධාවන සංගමය, සිලෝන් මොටර් ස්පොර්ට්ස් ක්ලබ්, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන රියදුරන්ගේ සංගමය, ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්ලබ්, සහ ධාවන රියදුරන්ගේ සහ පදවන්නන්ගේ සංගමය  මෙන්ම දකුණු මෝටර් ක්‍රීඩා සංගමය එම ප්‍රමුඛ සංගම් අතර වෙයි.