මේ දිනවල පැවැත්වෙන එෆ්.ඒ කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් 16 දෙනාගේ තරඟ මැයි මස 07 සහ 08 යන දෙදින පුරා පැවැත්විනි.

 එෆ්. ඒ. කුසලානයේ සියළු තොරතුරු සදහා පිවිසෙන්න 

යුධ හමුදා ක්‍රීඩා සමාජය හා බ්‍රිලියන්ට් ක්‍රීඩා සමාජය

ඉකුත් 7 වනදා කැළණිය පාපන්දු සමාජ සංකීර්ණයේ පැවැත්වු මෙම තරඟයේ ගෝල 12 – 1ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට යුධ හමුදා පිළ සමත් විය.

ගෝල ලබා ගැනීම ආරම්භ කරන්නේ 4 වන මිනිත්තුවේදී බ්‍රිලියන්ට් ක්‍රීඩා සමාජයේ මොහොමඩ් රවුෆ් එල්ල කර ගෝලයත් සමඟ වුවද 12 වන, 15වන, 27වන හා 39වන මිනිත්තු වලදී  මොහොමඩ් ඉසඩීන්, සජිත් කුමාර හා සංඛ ධනුෂ්ක යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කරන ලදි. තරඟයේ පළමු අර්ධය නිමාවන විට යුධ හමුදා කණ්ඩායම ගෝල 5 ට 1 ක් ලෙස පෙරමුණේ පසුවිය.

අනතුරුව යළිත් ක්‍රියාත්මක වූ මොහොමඩ් ඉසඩීන් දෙවන අර්ධයේ 54වන, 59වන, 65වන, 73වන, 79වන හා 89වන මිනිත්තු වලදී ගෝල 6 ක් වාර්තා කරන ලදි.

එම තරඟය ලකුණු 12 ට 1 ක් ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කල අතර ගෝල 8 ක් ලබා ගත් මොහොමඩ් ඉසඩීන් තරඟයේ වීරයා විය.

සුපර්සන් ක්‍රීඩා සමාජය හා හිලරි ක්‍රීඩා සමාජය

මැයි මස 07 වැනිදා කළුතර වර්නොන් ප්‍රනාන්දු පිටියේදී පැවැත්වු එම තරඟයේ දී ගෝල 3  – 1 පෙරමුනෙහි පසුවීමට  හිලරි ක්‍රීඩා සමාජයට හැකි විය.

පළමු අර්ධය නිමා වන විට ගෝල 1 – 1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයක පසුවුවද, තරඟය නිමා වූයේ ගෝල 1 – 3 ක් ලෙස හිලරි ක්‍රීඩා සමාජ කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දෙමිනි.

ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

රිනවුන් ක්‍රීඩා සමාජය හා නිව් යංග්ස් ක්‍රීඩා සමාජය

ඉකුත් 07 වැනිදා සර්. ඇල්බට් එෆ් පීරිස් පිටියේදී පැවති එම තරඟයේ දී ගෝල 3 – 1ක් ලබා රිනවුන් පිළ ජයග්‍ර‍ණය කරන ලදි.

පළමු අර්ධය නිමාවට පත් වන විට ගෝල 1 – 0 ක් ලෙස නිව් යංග්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම ඉදිරියෙන් පසුවිය. නමුත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ මොහොමඩ් රිෆ්නාස්, ෆසාල් මොහොමඩ් හා ජොබ් මයිකල් රිනවුන් පිලේ ජයග්‍රහණය සටහන් කරමින් ගෝල 31 ක් ලෙස තරඟය නිමා විය.

ජාවා ලේන් ක්‍රීඩා සමාජය හා මාතර සිටි ක්‍රීඩා සමාජය

මැයි මස 07 වන දා නගර පාපන්දු සංකීර්ණයේ දි පැවති මෙම තරගයෙන් ගෝල 1 -0 ලෙස තියුණු ජයක් ලබා ගැනීමට ජාවා ලේන් කණ්ඩායමට හැකි විය.

මෙම තරඟයේ දී  පළමු අර්ධය නිමා වන විට දෙපිලම කිසිදු ගෝලයක් වාර්තා නොකල අතර ජාවා ලේන් කණ්ඩායම වෙනුවෙන් මාලක පෙරේරා විසින් 75 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරන ලදි. එම තරඟය නිමා වූයේ ගෝල 1 – 0 ක් ලෙස ජාවා ලේන් කණ්ඩායමට ජයග්‍රහණය හිමි කරමිනි.

තරඟයේ වීරයා ලෙස මාලක පෙරේරා නම් කරන ලදි.

ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

කොළඹ පාපන්දු සමාජය හා ජෙට්ලයිනර් ක්‍රීඩා සමාජය

ඉකුත් 08 වැනි දා නගර පාපන්දු සංකීර්ණයේ දි පැවති මෙම තරගයෙන් 7-1ක් ලෙස විශිෂ්ඨ ජයග්‍ර‍නයක් අත් කර ගැනීමට කොළඹ පාපන්දු සමාජය සමත් විය.

පළමු අර්ධය නිමාවන විට ගෝල 1 – 0 ක් ලෙස කොළඹ කණ්ඩායම ඉදිරියෙන් සිටින ලදි. එම ගෝලය වාර්තා කලේ මොමාස් යාපෝ විසින් 34 වන මිනිත්තුවේදී ය. දෙවන අර්ධයේ දී බොඩ්රි දිමිත්‍ර විසින් ගෝල 3 ක් වාර්තා කල අතර 65 වන මිනිත්තුවේදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් ඒ.සී ෆැරෑන්ක් විසින් හා 85 වන මිනිත්තුවේදී සරවාන් ජෙහාර් විසින් ගෝලයක් වාර්තා කල අතර ජෙට්ලයිනර් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය 72 වන මිනිත්තුවේදී ගීත් කාවින්ද විසින් ලබා ගන්නා ලදි.

එම තරඟයේ වීරයා ලෙස බොඩ්රි දිමිත්‍ර නම් කරන ලදි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා සොලිඩ් ක්‍රීඩා සමාජය

ඒකල ගුවන් හමුදා පිටියේදි ඉකුත් 08 වැනිදා පැවැත් වු මෙම තරඟය ගෝල 2-1 ලබා ගනිමින් සොලිඩ් පාපන්දු සමාජය ජය අත් කරගන්නා ලදි.

ආරම්භයේ සිටම ඉතා උණුසුම් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරඟයේ පළමු අර්ධය නිමාවන විට ගුවන් හමුදා කණ්ඩායම ගෝල 10 ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවන අර්ධයේ දී 48වන හා 50වන මිනිත්තු වලදී එඩිසන් ෆිගාරාඩෝ හා තක්ෂිල ධනෝජ් විසින් සොලිඩ් කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කල අතර ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් 11 වන මිනිත්තුවේදී කවිදු ඉෂාන් විසින් ගෝලයක් වාර්තා කරන ලදි. එම තරඟය ගෝල 2 – 1 ක් ලෙස සොලිඩ් කණ්ඩායම ජයග්‍රහණය කල අතර එඩිසන් ෆිගාරාඩෝ තරඟයේ වීරයා විය.

ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය හා පෙලිකන්ස් ක්‍රීඩා සමාජය

කැළණිය පාපන්දු සංකීර්ණයේදී  මැයි මස 08 වැනිදා පැවැති මෙම තරඟයේ ගෝල 3 – 0 ක් ලෙස ජයග්‍ර‍නය වාර්තා කිරීමට සෝන්ඩර්ස් කණ්ඩායම සමත් විය.

30 වන මිනිත්තුවේදී අබ්දුල් මොහොමඩ් විසින් ගෝලයක් හා ක්‍රිෂාන්ත අබේසේකර ගෝල ලබා ගන්නා ලදි. පළමු අර්ධය නිමා වූයේ ගෝල 2 – 0 ක් ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.

දෙවන අර්ධයේ 70වන මිනිත්තුවේදී අබ්දුල් මොහොමඩ් ගෝලයක් ගත් අතර ඒත් සමඟම තරඟය ගෝල 3 – 0 ක් ලෙස සෝන්ඩර්ස් කණ්ඩායමට ජය හිමි වෙමිවින් නිමා විය.

තරඟයේ වීරයා අබ්දුල් මොහොමඩ්.

ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

පොලිස් ක්‍රීඩා සමාජය හා බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය

ඉකුත් 08 වැනිදා පොලිස් ක්‍රීඩා පිටියේදි පැවති මෙම තරගයේ පළමු අර්ධය නිමවූයේ ගෝල 1 – 0 ක් ලෙස බ්ලූ ස්ටාර් කණ්ඩායම ජයග්‍ර‍නය කරමිනි. එම ගෝලය තරඟයේ 9 වන මිනිත්තුවේදී දුමිත් සංගීත් විසින් තබා ගත් අතර දෙවන අර්ධයේ දී කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි විය.

ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

තරඟයේ වීරයා නසිරු ඔපායෙමි.

තවත් පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න