Saunders හා SL Police FA කුසලාන අවසන් මහා තරගයට

209

2019/20 Vantage FA කුසලාන අවසන් පූර්ව වටයේ තරග පසුගිය සති අන්තයේ දී අවසන් වූයේ Blue Eagles SC කණ්ඩායම ගෝල 5-1ක් ලෙස පරාජයට පත්කළ Saunders SC කණ්ඩායමත්, Blue Star කණ්ඩායම දඬුවම් පහර 2-4ක් ලෙස පරාජයට පත්කළ SL Police SC කණ්ඩායමත් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමිනි. 

Defenders දෙවන අදියරත් සමකරයි

2020 AFC කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ පළමු……

Saunders SC – Blue Eagles SC

තරගය ආරම්භයේ සිට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ Saunders ක්‍රීඩකයින් මෙම තරගය ගෝල 5-1ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරන්නට සමත් විය. 

Saunders වෙනුවෙන් පළමු අර්ධයේ දී චමත් රශ්මිත සහ එස්. එම්. කුර්ෂිද් ගෝල වාර්තා කරගන්නට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙස Blue Eagles පළමු අර්ධයේ දී වාර්තා වූ එකම ගෝලය වාර්තා කරගන්නට සමත් වූයේ සී. එම්. ප්‍රනාන්දු විසිනි. 

අනතුරුව දෙවන අර්ධයේ දී නැවත වරක් ක්‍රියාත්මක වූ Saunders ක්‍රීඩකයින් පිටිය පුරාවට අණසක පතුරුවා ගනිමින් තවත් ගෝල 3ක් වාර්තා කරගන්නට සමත් විය. 

එහි දී දෙවරක් ක්‍රියාත්මක වූ ක්‍රිෂාන්ත අබේසේකර විසින් ගෝල ද්විත්වයක් ද, සුන්දරාජ් නිරේෂ් විසින් එක් ගෝලයක් ද වාර්තා කර ගනු ලැබූහ. 

සම්පූර්ණ කාලය: Saunders SC 5 – 1 Blue Eagles SC

ගෝල ලාභීන් 

Saunders SC – ක්‍රිෂාන්ත අබේසේකර 57’ & 90+2’, චමත් රශ්මිත 32’, එස්. එම්. කුර්ෂිද් 39’, සුන්දරාජ් නිරේෂ් 86’ 

Blue Eagles SC – සී. එම්. ප්‍රනාන්දු 41’ 

2019 ThePapare පාපන්දු ශූරතාව දිනා ගන්නේ කවුද?

2019 ThePapare පාපන්දු ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පාසල් පාපන්දු ක්ෂේත්‍රයේ…..


Blue Star SC – SL Police SC

මෙම තරගය නියමිත කාලය අවසානයේ එකඳු කණ්ඩායමක් හෝ ගෝල වාර්තා කරගැනීමට අපොහොසත් වීමත් සමඟ පැවති දඬුවම් පහර වටය දඬුවම් පහර 2-4ක් ලෙස ජයග්‍රහණය කළ පොලිස් ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය. 

තරගය ආරම්භයේ සිට අවසානය දක්වා ම කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. 

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන විට තරගයේ ලකුණු තත්වය 0-0ක් ලෙස සටහන් වීමත් සමඟ තරගයේ තීරණය දඬුවම් පහර වටයකට යොමු විය. 

පොලිස් ක්‍රීඩකයින් ඔවුන් ලබා ගත් පළමු දඬුවම් පහර හතරම සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරන්නට සමත් වුවත්, Blue Star පළමු දඬුවම් පහර ලබා ගත් E. B. චන්න සහ තෙවැනි දඬුවම් පහර ලබා ගත් M. M. ඉර්ෂාන්ගේ පහරවල් පොලිස් ගෝල රකින ක්‍රීඩක මහේන්ද්‍රන් දිනේෂ් රැකගැනීමත් සමඟ දඬුවම් පහර වටයෙන් දඬුවම් පහර 2-4ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නට SL Police SC ක්‍රීඩකයෝ සමත් වූහ. 

සම්පූර්ණ කාලය: Blue Star SC 2 – 4 SL Police SC

තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 07 වැනිදා තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<