ක්‍රිකට් තරග පාවා දෙන ක්‍රීඩකයින් එල්ලා මැරිය යුතු බව හිටපු පාකිස්තාන සුපිරි තරුවක් වන ජාවෙඩ් මියැන්ඩාඩ් පවසා සිටිනවා. තරගයම පාවාදීම හෝ තරගයේ ක්‍රීඩා රටාවේ යම් ස්ථානයක් වෙනස් කිරීම (spot-fixing) යන ආකාර දෙකටම තරග පාවා දෙන්නන් රැසක් පසුගිය වසර කිහිපය තුළ පාකිස්තානයෙන් වාර්තා වුනා.
කෝලි කොණ්ඩේ කපා ගනිද්දී ජඩේජා අශ්වයෝ පදී
බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා විසින් විරාත් කෝලිගේ කොණ්ඩය කැපීමේ සිට රවීන්ද්‍ර ජඩේජා අශ්වයෙකුගේ පිටේ යාම…
“spot-fixing සඳහා උදව් කරන හෝ සහභාගී වන ක්‍රීඩකයින්ට දරුණු ලෙස දඬුවම් කරන්න ඕනේ.” යනුවෙන් පාකිස්තානය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වන මියැන්ඩාඩ් ඔහුගේ Youtube චැනලය ඔස්සේ පවසා සිටියා.
“තරග පාවාදෙන්නන් එල්ලා මරන්න ඕනේ, මොකද ඒක මිනිසෙකු මැරීම හා සමානයි. ඒ නිසාම ඒ දෙකට අදාළ දඬුවම් එකම වෙන්න ඕනේ. වෙනත් කිසිම ක්‍රීඩකයෙක් මෙවැනි දෙයක් නොකරන්න මේ වගේ දෙයක් කරලා උදාහරණයක් සපයන්න ඕනේ.”
2017 වසරේ දී තරග පාවාදීමේ චෝදනාවක් නිසා පස් වසරක තරග තහනමකට ලක්වුනු හිටපු පාකිස්තාන ආරම්භක පිතිකරු ශර්ජීල් ඛාන් නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීම පිළිබඳව මොහොමඩ් හෆීස් සිය අකමැත්ත පළකර තිබුනු අතර ඒ බව ද මියැන්ඩාඩ් පෙන්වා දුන්නා.
මේ අතර පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල් හට මාස හයක සිට ජීවිතාන්තය දක්වා වන තරග තහනමකට මුහුණ දීමට සිදුවන බව වාර්තා වෙනවා. ඒ පසුගිය මාසයේ දී ඔහුට යෝජනා වූ තරග පාවාදීමක් පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට වාර්තා නොකිරීම නිසයි. එම ක්‍රියාව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ චර්යා ධර්ම පද්ධතියට අනුව වරදක් ලෙස සැලකෙනවා.
පාකිස්තානයට ඇත්තේ තරග පාවාදීම් වලින් කිළිටි වූ ක්‍රිකට් ඉතිහාසයක්. 1995 වසරේ දී ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩකයින් වන ෂේන් වෝන්, ටීම් මේ හා මාර්ක් වෝග් පවසා සිටියේ ක්‍රිකට් තරග වලදී අඩුවෙන් දස්කම් දැක්වීමට එවකට පාකිස්තාන නායක සලීම් මලික් මුදල් ලබා දීමට උත්සාහ කළ බවයි. ඒ චෝදනාව නිසා මලික් හට සදාකාලිකවම ක්‍රිකට් අහිමි වුනා.
“IPL තරගාවලියේ ආරම්භය පිළිබඳ කියන්නට ඔවුන් කල් ගන්නවා” – පැට් කමින්ස්
ඕස්ට්‍රේලියානු ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පවසා සිටින්නේ මේ මාසයේ දී සැලසුම් කළ පරිදි ‘ඉන්දීය…..
තවද 2010 වසරේ දී පාකිස්තාන නායක සල්මන් බට්, වේගපන්දු යවන ක්‍රීඩකයින් වන මොහොමඩ් අමීර් සහ මොහොමඩ් ආසිෆ්ට එල්ල වුනු තරග පාවාදීමේ චෝදනාව නිසා ඔවුන්ට වසර පහක කාලයකට ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කෙරුනා. තහනමින් පසුව නැවත කණ්ඩායමට පිවිසුනු එකම ක්‍රීඩකයා වුනේ මොහොමඩ් අමීර්. කෙසේ වෙතත් ඔහුගේ නැවත පැමිණීමට ද බොහෝදෙනා අකමැත්ත පළකළ අතර මොහොමඩ් හෆීස් ඒ අතර ඉදිරියෙන්ම සිටියා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<