තායිලන්තයේ පැවැත්වුණු GT World Racing Asia (GTWC) තරගාවලියේ සිව්වැනි තරගවටයේ දී Silver කාණ්ඩය යටතේ ජයග්‍රහණයක් ලැබීමට එශාන් පීරිස් විසින් සමත් වී තිබෙනවා.
එමෙන්ම ඔහු විසින් තෙවන තරගවටයේ දී ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වී තිබුණා.
මෙම ජයග්‍රහණය ලැබීම වෙනුවෙන් එශාන් මෙන්ම ඔහුගේ කණ්ඩායම් සගයා වූ Tanart Sathiethirakulගෙන් ද විශාල සහයක් ලැබුණු බවයි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම සිය තරග වෙනුවෙන් සහය ලබා දුන් සියලු ශ්‍රී ලාංකිකයින්ට ද ඔහු සිය ස්තුතිය පුද කිරීමට අමතක කළේ නැහැ.
- Galle Marvels පෙරළිකාර වෙනසක් සමඟින් 2024 LPL තරගාවලියට!
- ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
- Narine නැවත කොදෙව්වන් සමඟ එක් වේවි ද?
- 2024 LPL තරගාවලියට විදෙස් ක්රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
- Sunrisers සහ Bangaluru T20 වාර්තා අලුත් කළ අයුරු
මෙහි දී සිව්වැනි තරගවටයේ ජයග්‍රහණය ලැබීම සහ තෙවැනි තරග වටයේ තෙවැනි ස්ථානයට පත් වීමට සමත් වීමට අමතරව ඔවුන් සමස්ත තරගයේ හය වැනි ස්ථානයට පත් වීමට සමත් වීම ද විශේෂත්වයක්.
ජපානයේ පැවැත්වීමට නියමිත තම මීළඟ තරගයට පෙර කෙටි විවේකයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එශාන් ජයග්‍රහණයෙන් අනතුරුව වැඩි දුරටත් සඳහන් කර තිබුණේ.
දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<