පසුගිය පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා වූ ආජන්ටිනාවේ එන්සෝ ෆර්නැන්ඩස් හට වාර්තාගත වටිනාකමක් හිමිව තිබෙනවා. ඒ චෙල්සී කණ්ඩායමෙන්.
බෙන්ෆිකා කණ්ඩායම නියෝජනය කළ ෆර්නැන්ඩස් හට චෙල්සී විසින් පිරිනැමුණු මුදල බ්‍රිතාන්‍ය පවුම් මිලියන 106.8ක් (ඇ.ඩො.මිලියන 131.46). ඒ 8 අවුරුදු කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන්. ඒ අනුව එංගලන්ත ප්‍රීමියර් ලීගයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ ෆර්නැන්ඩස්.
- “මට අළුබඳුනේ ක්‍රීඩා කරන්න ඕන” – ආචර්
- ජොන්ටි රෝඩ්ස්ට අනුව හොඳම පන්දු රකින්නන් පස්දෙනා
- ස්මිත්, වෝනර් කළ යුතු දෑ පොන්ටින් විසින් පහදයි
22 හැවිරිදි ෆර්නැන්ඩස්ව කණ්ඩායමට මිල දී ගැනීමත් සමඟ චෙල්සී කණ්ඩායම විසින් මේ තරග වාරයේ මෙතෙක් පවරා ගත් ක්‍රීඩකයන්ගේ වටිනාකම පවුම් මිලියන 300 ඉක්මවූවා. ෆර්නැන්ඩස් හට අදාළ මුදල කොටස් වශයෙන් ගෙවනු ඇති බව වාර්තා වනවා.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<