Home Sinhala එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට නොකඩවා ටෙස්ට් තරග 5ක ප්‍රහාරයක්

එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට නොකඩවා ටෙස්ට් තරග 5ක ප්‍රහාරයක්

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

317
Image Credits - SLC

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට එංගලන්තය අද (18) සමත් වුනා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ශ්‍රී ලංකාවේ පැවති ටෙස්ට් තරග 5ම ජයගෙන ඇත්තේ එංගලන්ත කණ්ඩායමයි.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව තුල ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරග 5:

  • 2012 – එංගලන්තයට ජය – පී. සරා ඕවල්
  • 2018 – එංගලන්තයට ජය – ගාල්ලේ දී
  • 2018 – එංගලන්තයට ජය – පල්ලෙකැලේ දී
  • 2018 – එංගලන්තයට ජය – එස්. එස්. සී
  • 2021 – එංගලන්තයට ජය – ගාල්ලේ දී

පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද දිනය තුල එංගලන්තයට සිය ජයග්‍රහණය ලබා ගැනීම සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 36ක් පමණි. ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම වෙනුවෙන් කඩුලු 7ක් දවා ගැනීමට අවශ්‍යව තිබුණි.

එංගලන්තය වෙනුවෙන් ඊයේ අවසන් පන්දුවාර කිහිපය තුලම ස්ථාවර ලෙස ක්‍රීඩා කළ Jonny Bairstow (ලකුණු 35*) සහ Dan Lawrence (ලකුණු 21*) අද දිනයේ පන්දුවාර 9කුත් පන්දු දෙකක් සඳහා මුහුණ දෙමින් සිය ඉලක්කය සපුරා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්

කෙසේ නමුත් දිල්රුවන් පෙරේරා යොමු කළ එක් පන්දුවක් Lawrenceගේ පාදයේ වැදීම නිසාවෙන් එය කඩුල්ල මුවාකිරීමේ වරදක් ලෙස විනිසුරු වෙත යොමු කළ නමුත් කුමාර් ධර්මසේන ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් බවට ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එහි දී තවත් විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවන් දෙකක් ඉතිරිව තිබූ නමුත් එයින් ප්‍රයෝජනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුනා. පසුව පෙනුණු පුනරූපන අනුව පෙනී ගියේ එය දැවී යාමක් බවයි.

  • තරගයේ වීරයා – Joe Root

දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

Result


Sri Lanka
135/10 (46.1) & 359/10 (136.5)

England
421/10 (117.1) & 76/3 (24.2)

Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Jonathan Bairstow b Stuart Broad 4 22 0 0 18.18
Kusal Perera c Joe Root b Dominic Bess 20 28 2 0 71.43
Kusal Mendis c Jos Buttler b Stuart Broad 0 2 0 0 0.00
Angelo Mathews c Joe Root b Stuart Broad 27 54 1 1 50.00
Dinesh Chandimal c Sam Curran b Jack Leach 28 71 1 0 39.44
Niroshan Dickwella c Dominic Sibley b Dominic Bess 12 21 1 0 57.14
Dasun Shanaka c Jos Buttler b Dominic Bess 23 48 3 0 47.92
Wanindu Hasaranga b Dominic Bess 19 22 2 0 86.36
Dilruwan Perera b Dominic Bess 0 2 0 0 0.00
Lasith Embuldeniya run out (Jack Leach) 0 1 0 0 0.00
Asitha Fernando not out 0 7 0 0 0.00


Extras 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0)
Total 135/10 (46.1 Overs, RR: 2.92)
Fall of Wickets 1-16 (6.3) Lahiru Thirimanne, 2-16 (6.5) Kusal Mendis, 3-25 (10.2) Kusal Perera, 4-81 (28.6) Angelo Mathews, 5-81 (29.2) Dinesh Chandimal, 6-105 (38.1) Niroshan Dickwella, 7-126 (42.5) Dasun Shanaka, 8-126 (42.5) Dilruwan Perera, 9-130 (43.5) Lasith Embuldeniya, 10-135 (46.1) Wanindu Hasaranga,

Bowling O M R W Econ
Stuart Broad 9 3 20 3 2.22
Sam Curran 4 2 8 0 2.00
Mark Wood 6 1 21 0 3.50
Dominic Bess 10.1 3 30 5 2.97
Jack Leach 17 2 55 1 3.24
Batsmen R B 4s 6s SR
Zak Crawley c Wanindu Hasaranga b Lasith Embuldeniya 9 26 1 0 34.62
Dominic Sibley c Lahiru Thirimanne b Lasith Embuldeniya 4 15 0 0 26.67
Jonathan Bairstow c Kusal Mendis b Lasith Embuldeniya 47 93 2 0 50.54
Joe Root c Lasith Embuldeniya b Dilruwan Perera 228 321 18 1 71.03
Dan Lawrence c Kusal Mendis b Dilruwan Perera 73 150 6 1 48.67
Jos Buttler c Niroshan Dickwella b Asitha Fernando 30 57 3 0 52.63
Sam Curran b Asitha Fernando 0 1 0 0 0.00
Dominic Bess run out (Minod Bhanuka) 0 4 0 0 0.00
Jack Leach lbw b Dilruwan Perera 4 20 1 0 20.00
Mark Wood c Niroshan Dickwella b Dilruwan Perera 2 9 0 0 22.22
Stuart Broad not out 11 13 2 0 84.62


Extras 13 (b 7 , lb 0 , nb 6, w 0, pen 0)
Total 421/10 (117.1 Overs, RR: 3.59)
Fall of Wickets 1-10 (4.2) Dominic Sibley, 2-17 (8.4) Zak Crawley, 3-131 (42.2) Jonathan Bairstow,

Bowling O M R W Econ
Lasith Embuldeniya 45 4 176 3 3.91
Asitha Fernando 14 1 44 2 3.14
Wanindu Hasaranga 15 1 63 0 4.20
Dilruwan Perera 36.1 2 109 4 3.02
Dasun Shanaka 7 1 22 0 3.14
Batsmen R B 4s 6s SR
Kusal Perera c Jack Leach b Sam Curran 62 109 5 1 56.88
Lahiru Thirimanne c Jos Buttler b Sam Curran 111 251 12 0 44.22
Kusal Mendis c Jos Buttler b Jack Leach 15 65 1 0 23.08
Lasith Embuldeniya c Dominic Sibley b Dominic Bess 0 11 0 0 0.00
Angelo Mathews c & b Jack Leach 71 219 4 0 32.42
Dinesh Chandimal c Joe Root b Dominic Bess 20 28 3 0 71.43
Niroshan Dickwella c Jos Buttler b Dominic Bess 29 74 1 0 39.19
Dasun Shanaka b Jack Leach 4 5 0 0 80.00
Wanindu Hasaranga c Joe Root b Jack Leach 12 18 2 0 66.67
Dilruwan Perera st Jos Buttler b Jack Leach 24 38 5 0 63.16
Asitha Fernando not out 0 6 0 0 0.00


Extras 11 (b 7 , lb 1 , nb 3, w 0, pen 0)
Total 359/10 (136.5 Overs, RR: 2.62)
Bowling O M R W Econ
Stuart Broad 17 11 14 0 0.82
Sam Curran 11 1 37 2 3.36
Dominic Bess 33 4 100 3 3.03
Mark Wood 21 5 49 0 2.33
Jack Leach 41.5 6 122 5 2.94
Joe Root 11 1 19 0 1.73
Dan Lawrence 2 0 10 0 5.00


Batsmen R B 4s 6s SR
Zak Crawley c Kusal Mendis b Lasith Embuldeniya 8 21 1 0 38.10
Dominic Sibley b Lasith Embuldeniya 2 5 0 0 40.00
Jonathan Bairstow not out 35 62 2 0 56.45
Joe Root run out (Niroshan Dickwella) 1 3 0 0 33.33
Dan Lawrence not out 21 52 0 0 40.38


Extras 9 (b 0 , lb 9 , nb 0, w 0, pen 0)
Total 76/3 (24.2 Overs, RR: 3.12)
Bowling O M R W Econ
Lasith Embuldeniya 12 3 29 2 2.42
Dilruwan Perera 11.2 2 34 0 3.04
Wanindu Hasaranga 1 0 4 0 4.00



කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<