ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ශ්‍රී ලංකාව සඳහා වැඩි වාසිදායක දිනයක් බවට පත් කරගැනීමට අවස්ථාව ලැබුණි.
ඒ පළමු ඉනිමේ දී දියත් වුනු දුර්වල පිතිකරණය නිසාවෙන් ලැබුණු පීඩනයෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවන ඉනිම තුල යම් සාර්ථකත්වයක් ලබා ගැනීම නිසයි. දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 156ක් ලබාගෙන සිටියේ එංගලන්ත මුල් ඉනිමට වඩා තවත් ලකුණු 130ක් පසුපසින් සිටිමින්.
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක් වන මේ තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය ආරම්භ වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු හතරක් දැවී ලකුණු 320ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 185ක් ඉදිරියෙන් සිටිමින්. 4 පහර 12ක් එල්ල කරමින් නොදැවී ලකුණු 168*ක් ලබාගෙන සිටින Root සහ ලකුණු 7*ක් ලබාගෙන සිටින Jos Buttler තෙවැනි දිනය ආරම්භ කළේය.
තවත් ක්‍රිකට් පුවත්:
- “ලංකාවේ පිතිකරණය කුණු ගොඩක්”
- එංගලන්තයේ වාර්තාගත සබඳතාවය හමුවේ ශ්‍රී ලංකාව අසීරු අඩියක
- කාටත් කලින් කොරෝනා එන්නත බංග්ලාදේශ ක්‍රීඩකයින්ට
- තරගාවලිය වෙනුවෙන් මාස 10ක් ලංකාවේ රැඳී සිටි එංගලන්ත ක්‍රිකට් ලෝලියා
- Joe Root එංගලන්ත වාර්තා පොත් අලුත් කරයි
- මුරලිගේ වාර්තාව කඩන්නේ කවුද? මුරලිම තෝරයි
Jos Buttler සහ Root දෙදෙනා අද උදෑසන පළමු පන්දුවාර කිහිපය තුල ලකුණු ලබා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්න හමුවේ ස්ථාවර පිතිකරණයක නිරත වූයේ 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 68ක සබඳතාවයක් ගොඩනංවමින්. කෙසේ නමුත් එංගලන්ත පළමු ඉනිමේ 104 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ දිල්රුවන් පෙරේරා හට Root 6 පහරක් එල්ල කළ අතර අනතුරුව පන්දුවේ හැඩය තරමක් වෙනස් වී තිබීම නිසාවෙන් පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ රුචිර පල්ලියගුරුගේ සහ කුමාර් ධර්මසේන පන්දුව වෙනස් කිරීමට තීරණය කළේය.
පසුව ශ්‍රී ලංකා නායක චන්දිමාල් පන්දු යැවීම සඳහා එක් වරම අසිත ප්‍රනාන්දු කැඳවූ අතර ඔහු ක්‍රියාත්මක කළ පළමු පන්දු දෙකෙන් කඩුලු 2ක් දවා ගැනීමට අසිත සමත් වූයේ ශ්‍රී ලංකාව නැවතත් තරගයට අවතීර්ණ කරමිනි.
කෙසේ නමුත් ඔහුට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාව සාර්ථක කරගැනීමට Dom Bess අවස්ථාව ලබා දුන්නේ නැත. අසිත ප්‍රනාන්දු ක්‍රියාත්මක කළ 105 වැනි පන්දුවාරයේ දී දැවී ගියේ ලකුණු 30ක් ලබා සිටි Buttler සහ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී දිය Sam Curran යන දෙදෙනායි.
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 8000 සීමාව පසු කළ ගිය Root එංගලන්ත පසුපෙළ පිතිකරුවන් ද සමඟින් ඔවුන්ගේ පළමු ඉනිමේ ලකුණු පුවරුව තව තවත් සවිමත් කර ගන්නා ලදි. අවසානයේ දී 4 පහර 18ක් සහ එක් 6 පහරක් සමඟින් ලකුණු 228ක් ලබාගත් Root දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලසිත් ඇඹුල්දෙණිය වෙත උඩපන්දුවක් ලබා දෙමිනි.
Root ලබා ගත් මේ ඉවසිලිවන්ත සහ සුපිරි ද්විත්ව ශතකය සිය ක්‍රිකට් දිවියේ සිව්වැනි ද්විත්ව ශතකය විය. එසේම එංගලන්ත පිතිකරුවෙක් ශ්‍රී ලංකාව තුල ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු, නායකයෙක් ලෙස එංගලන්ත පිතිකරුවෙක් ශ්‍රී ලංකාව තුල ලබා ගත් පළමු ද්විත්ව ශතකය ඇතුළු තවත් ක්‍රිකට් වාර්තා කිහිපයක්ම ඇතුළත් විය. එසේම Root ශ්‍රී ලංකාවෙන් වැඩි ලෙස ලකුණු උදුරා ගැනීම සඳහා Sweep පහර වැඩි ලෙස භාවිතා කළ බවක් ද පෙන්නුම් කරන්නට විය.
විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ දී ශ්‍රී ලංකාව තරමක් පසුපසින් සිටි නිසා එංගලන්ත පළමු ඉනිමේ අවසානය වන විට ශ්‍රී ලංකාවට එකඳු විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවක් හෝ තිබුණේ නැත.
අවසානයේ එංගලන්ත ඉනිම ලකුණු 421කට සීමා කිරීමට දිල්රුවන් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුවත් ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 286ක ඉලක්කයක් ලබා දීමට Joe Root ඇතුළු එංගලන්ත ක්‍රීඩකයින් සමත් විය. පන්දු යැවීමේ දී දිල්රුවන් කඩුලු 4ක් දවා ගන්නා විට, ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා දෙවන ඉනිම ආරම්භ කළ වමත් පිතිකරුවන් යුගලය වන කුසල් පෙරේරා සහ ලහිරු තිරිමාන්න පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් හට නොතිබුණු ඉවසීම මනා ලෙස ප්‍රගුණ කරමින් පිතිකරණයේ නිරත වූයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම සඳහා සාර්ථක ආරම්භයක් ලබා දෙමින්.
ලහිරු තිරිමාන්න සහ කුසල් පෙරේරා පළමු කඩුල්ල සඳහා ලකුණු 101ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් පීඩනයකින් මිදිය හැකි ආරම්භයක් ලබා දුන් නමුත් කුසල් පෙරේරා එංගලන්ත කණ්ඩායමට නිකරුණේ සිය කඩුල්ල පූජා කරමින් නැවත වරක් දැවී ගියේය.
එහි දී Sam Curran එවූ පිට ඉන්නට තරමක් එපිටින් පතිත වුනු පන්දුවට කුසල් පහරක් එල්ල කළ නමුත් එය නිසි ලෙස ස්ථාන ගත කිරීමට නොහැකි වුනු නිසාවෙන් කුසල්ගේ එම වටිනා ඉනිම අවසන් විය.
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි අර්ධ ශතකය ලබාගත් කුසල්ගේ මේ ඉනිම සඳහා 4 පහර 5ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය. නමුත් එම දැවී යාමට පන්දුවාර කිහිපයකට පෙර Mark Wood එවූ පන්දුවක් කුසල්ගේ වම් අතේ අල්ලේ පිට පැත්තේ වැදීම නිසාවෙන් ඔහු දැඩි වේදනාවකින් පසුවුණු අතර පසුව ඒ සඳහා තාවකාලික ප්‍රතිකාරයක් කරමින් Bandage වලින් ඔහුගේ අතේ යම් ප්‍රමාණයක් ආවරණය විය. එය ඔහුට එම පන්දුව නිසියාකරව ස්ථාන ගත කිරීම සඳහා හැකියාව නොලැබීමට යම් හේතුවක් වන්නට ඇති බව කුසල් තරගයේ දිනය නිමාවට පසුව පැවති මාධ්‍ය හමුවේ දී පවසා සිටියේය.
අනතුරුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් අවසන් ඉනිම හතරේ ලබා ගත් ලකුණු 0 පසෙකලා නැවතත් ලකුණු අතරට පිවිසීමට සමත් විය. නමුත් Jack Leach එවූ ඉතාමත් හොඳ දඟ කැවුණු සහ වැඩි ඉපිලීමක් ලබා ගත් පන්දුවක් හමුවේ ඔහුගේ කඩුල්ල රැකගැනීමට මෙන්ඩිස්ට නොහැකි විය. එහි දී කඩුල්ල පිටුපස සිටි Buttlerගේ කඩුලු රැකීම ද ඉහළ මට්ටමක තිබුණි.
දෙවැනි කඩුල්ල සඳහා ද ගොඩනැංවුනු ලකුණු 54 සබඳතාවය සහ පළමු කඩුල්ල සඳහා ගොඩනැංවුණු ශතක සබඳතාවය නිසාවෙන් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට තරගයට අවතීර්ණ වීම සඳහා යම් අවස්ථාවක් ලැබී තිබේ.
දිනය අවසන් වන විට 4 පහර 6 එල්ල කරමින් නොදැවී ක්‍රීඩා කරමින් සිය අන්තය රැකගෙන සිටින තිරිමාන්න ලකුණු 76*ක් ලබාගෙන තිබෙන අතර Night Watchman ලෙස පිටියට පැමිණි ඇඹුල්දෙණිය තවමත් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කර නොමැත.
තිරිමාන්න අද දිනයේ ලබා ගත් මේ අර්ධ ශතකය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 7 වැනි අර්ධ ශතකය වන අතර එංගලන්තයට එරෙහිව ඔහු ලබා ගත් පළමු අර්ධ ශතකය වේ. තිරිමාන්න එංගලන්තය එරෙහිව දැනට ටෙස්ට් ඉනිම 17ක් සඳහා ක්‍රීඩා කර ඇත.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lahiru Thirimanne | c Jonathan Bairstow b Stuart Broad | 4 | 22 | 0 | 0 | 18.18 |
Kusal Perera | c Joe Root b Dominic Bess | 20 | 28 | 2 | 0 | 71.43 |
Kusal Mendis | c Jos Buttler b Stuart Broad | 0 | 2 | 0 | 0 | 0.00 |
Angelo Mathews | c Joe Root b Stuart Broad | 27 | 54 | 1 | 1 | 50.00 |
Dinesh Chandimal | c Sam Curran b Jack Leach | 28 | 71 | 1 | 0 | 39.44 |
Niroshan Dickwella | c Dominic Sibley b Dominic Bess | 12 | 21 | 1 | 0 | 57.14 |
Dasun Shanaka | c Jos Buttler b Dominic Bess | 23 | 48 | 3 | 0 | 47.92 |
Wanindu Hasaranga | b Dominic Bess | 19 | 22 | 2 | 0 | 86.36 |
Dilruwan Perera | b Dominic Bess | 0 | 2 | 0 | 0 | 0.00 |
Lasith Embuldeniya | run out (Jack Leach) | 0 | 1 | 0 | 0 | 0.00 |
Asitha Fernando | not out | 0 | 7 | 0 | 0 | 0.00 |
Extras | 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0) |
Total | 135/10 (46.1 Overs, RR: 2.92) |
Fall of Wickets | 1-16 (6.3) Lahiru Thirimanne, 2-16 (6.5) Kusal Mendis, 3-25 (10.2) Kusal Perera, 4-81 (28.6) Angelo Mathews, 5-81 (29.2) Dinesh Chandimal, 6-105 (38.1) Niroshan Dickwella, 7-126 (42.5) Dasun Shanaka, 8-126 (42.5) Dilruwan Perera, 9-130 (43.5) Lasith Embuldeniya, 10-135 (46.1) Wanindu Hasaranga, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Stuart Broad | 9 | 3 | 20 | 3 | 2.22 | |
Sam Curran | 4 | 2 | 8 | 0 | 2.00 | |
Mark Wood | 6 | 1 | 21 | 0 | 3.50 | |
Dominic Bess | 10.1 | 3 | 30 | 5 | 2.97 | |
Jack Leach | 17 | 2 | 55 | 1 | 3.24 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Zak Crawley | c Wanindu Hasaranga b Lasith Embuldeniya | 9 | 26 | 1 | 0 | 34.62 |
Dominic Sibley | c Lahiru Thirimanne b Lasith Embuldeniya | 4 | 15 | 0 | 0 | 26.67 |
Jonathan Bairstow | c Kusal Mendis b Lasith Embuldeniya | 47 | 93 | 2 | 0 | 50.54 |
Joe Root | c Lasith Embuldeniya b Dilruwan Perera | 228 | 321 | 18 | 1 | 71.03 |
Dan Lawrence | c Kusal Mendis b Dilruwan Perera | 73 | 150 | 6 | 1 | 48.67 |
Jos Buttler | c Niroshan Dickwella b Asitha Fernando | 30 | 57 | 3 | 0 | 52.63 |
Sam Curran | b Asitha Fernando | 0 | 1 | 0 | 0 | 0.00 |
Dominic Bess | run out (Minod Bhanuka) | 0 | 4 | 0 | 0 | 0.00 |
Jack Leach | lbw b Dilruwan Perera | 4 | 20 | 1 | 0 | 20.00 |
Mark Wood | c Niroshan Dickwella b Dilruwan Perera | 2 | 9 | 0 | 0 | 22.22 |
Stuart Broad | not out | 11 | 13 | 2 | 0 | 84.62 |
Extras | 13 (b 7 , lb 0 , nb 6, w 0, pen 0) |
Total | 421/10 (117.1 Overs, RR: 3.59) |
Fall of Wickets | 1-10 (4.2) Dominic Sibley, 2-17 (8.4) Zak Crawley, 3-131 (42.2) Jonathan Bairstow, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lasith Embuldeniya | 45 | 4 | 176 | 3 | 3.91 | |
Asitha Fernando | 14 | 1 | 44 | 2 | 3.14 | |
Wanindu Hasaranga | 15 | 1 | 63 | 0 | 4.20 | |
Dilruwan Perera | 36.1 | 2 | 109 | 4 | 3.02 | |
Dasun Shanaka | 7 | 1 | 22 | 0 | 3.14 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kusal Perera | c Jack Leach b Sam Curran | 62 | 109 | 5 | 1 | 56.88 |
Lahiru Thirimanne | c Jos Buttler b Sam Curran | 111 | 251 | 12 | 0 | 44.22 |
Kusal Mendis | c Jos Buttler b Jack Leach | 15 | 65 | 1 | 0 | 23.08 |
Lasith Embuldeniya | c Dominic Sibley b Dominic Bess | 0 | 11 | 0 | 0 | 0.00 |
Angelo Mathews | c & b Jack Leach | 71 | 219 | 4 | 0 | 32.42 |
Dinesh Chandimal | c Joe Root b Dominic Bess | 20 | 28 | 3 | 0 | 71.43 |
Niroshan Dickwella | c Jos Buttler b Dominic Bess | 29 | 74 | 1 | 0 | 39.19 |
Dasun Shanaka | b Jack Leach | 4 | 5 | 0 | 0 | 80.00 |
Wanindu Hasaranga | c Joe Root b Jack Leach | 12 | 18 | 2 | 0 | 66.67 |
Dilruwan Perera | st Jos Buttler b Jack Leach | 24 | 38 | 5 | 0 | 63.16 |
Asitha Fernando | not out | 0 | 6 | 0 | 0 | 0.00 |
Extras | 11 (b 7 , lb 1 , nb 3, w 0, pen 0) |
Total | 359/10 (136.5 Overs, RR: 2.62) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Stuart Broad | 17 | 11 | 14 | 0 | 0.82 | |
Sam Curran | 11 | 1 | 37 | 2 | 3.36 | |
Dominic Bess | 33 | 4 | 100 | 3 | 3.03 | |
Mark Wood | 21 | 5 | 49 | 0 | 2.33 | |
Jack Leach | 41.5 | 6 | 122 | 5 | 2.94 | |
Joe Root | 11 | 1 | 19 | 0 | 1.73 | |
Dan Lawrence | 2 | 0 | 10 | 0 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Zak Crawley | c Kusal Mendis b Lasith Embuldeniya | 8 | 21 | 1 | 0 | 38.10 |
Dominic Sibley | b Lasith Embuldeniya | 2 | 5 | 0 | 0 | 40.00 |
Jonathan Bairstow | not out | 35 | 62 | 2 | 0 | 56.45 |
Joe Root | run out (Niroshan Dickwella) | 1 | 3 | 0 | 0 | 33.33 |
Dan Lawrence | not out | 21 | 52 | 0 | 0 | 40.38 |
Extras | 9 (b 0 , lb 9 , nb 0, w 0, pen 0) |
Total | 76/3 (24.2 Overs, RR: 3.12) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lasith Embuldeniya | 12 | 3 | 29 | 2 | 2.42 | |
Dilruwan Perera | 11.2 | 2 | 34 | 0 | 3.04 | |
Wanindu Hasaranga | 1 | 0 | 4 | 0 | 4.00 |
කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<