සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්රිකට් ශුරතාවලියේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය අද (15) ගාල්ලේ දී ක්රියාත්මක වුනා.
තරගයේ දෙවන දිනය අවසන් වන විට එංගලන්තය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 320ක් ලබාගෙන සිටියේ ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 185ක් ඉදිරියෙන් සිටිමින්.
එංගලන්ත නායක Joe Root අද දිනයේ දී සිය පළමු පෙළ ක්රිකට් ලකුණු 12,000 සීමාව අභිබවා යාමට සමත් වූ අතර ඔහු මේ වන විට නොදැවී ලකුණු 168* ලබා ගනිමින් එංගලන්ත පිතිකරුවෙක් ශ්රී ලංකාවේ දී ඉනිමක් තුල ලබා ගත් වැඩිම ලකුණු ප්රමාණය වාර්තා කිරීමට සමත්ව සිටිනවා. ඒ 2012 වසරේ දී Kevin Pietersen විසින් (පී. සරා ඕවල් පිටියේ දී) තබා තිබූ වාර්තාව අභිබවා යමින්. එසේම Root අද සිය ටෙස්ට් ක්රිකට් දිවියේ 18 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීමට ද සමත් වුනා.
තවත් ක්රිකට් පුවත්:
- “ලංකාවේ පිතිකරණය කුණු ගොඩක්”
- එංගලන්තයේ වාර්තාගත සබඳතාවය හමුවේ ශ්රී ලංකාව අසීරු අඩියක
- කාටත් කලින් කොරෝනා එන්නත බංග්ලාදේශ ක්රීඩකයින්ට
- තරගාවලිය වෙනුවෙන් මාස 10ක් ලංකාවේ රැඳී සිටි එංගලන්ත ක්රිකට් ලෝලියා
- මුරලිගේ වාර්තාව කඩන්නේ කවුද? මුරලිම තෝරයි
අද දිනය ආරම්භ වන විට පිළිතුරු පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 127ක් ලබාගෙන සිටියේ ශ්රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 8ක් පසුපසින් සිටිමින්. දිනයේ පළමු පැය කිහිපය තුලම 4 පහර දෙකක් සමඟ ලකුණු 47ක් ලබා සිටි Jonny Bairstowගේ කඩුල්ල දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙනිය සමත් වූ අතර අනතුරුව සිය මංගල ටෙස්ට් ක්රිකට් තරගය සඳහා ක්රීඩා කරන Dan Lawrence පිටියට අවතීර්ණ වුනා.
Dan Lawrence සහ නායක Root 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 173ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ශ්රී ලංකා කණ්ඩායම දැඩි පීඩනයකට ලක් කළේ තරගයේ දෙවන දිනයේ වාසිය ද තමන් සතු කරගනිමිනි.
ශ්රී ලංකා පන්දු යවන්න හමුවේ පළමු පන්දු කිහිපය තුල පිතිකරණයේ නිරත වීම සඳහා තරමක අපහසු බවක් පෙන්වූ Lawrence පසුව ඉතාමත් හොඳින් ශ්රී ලංකා පන්දු යවන්නන් ඉලක්ක කර ගනිමින් සිය පිති ප්රහාරය දියත් කළ මංගල තරගයේ දීම අර්ධ ශතකය ලබා ගනිමිනි. එය ඕනෑම ටෙස්ට් ක්රිකට් පිතිකරුවෙකුගේ සිහිනයක් වුවත් එය හැබෑ කරගැනීම ලෙහෙසි නොමැත.
කෙසේ නමුත් ඉතාමත් සංයමයකින් පන්දුවට පහර දුන් Lawrence අනෙක් අන්තයේ සිටි Rootගේ ද උපදෙස් ලබා ගනිමින් පන්දු 150ක් තුල 4 පහර 6ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 73ක් ලබාගෙන සිටිය දී දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.
4 පහර 12ක් එල්ල කරමින් නොදැවී ලකුණු 168*ක් ලබාගෙන සිටින Root සහ ලකුණු 7*ක් ලබාගෙන සිටින Jos Buttler දෙවන දිනය නිමා වන විට එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලේ රැඳී සිටියා.
අද දිනයේ දී පන්දුවාර 88ක් ක්රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබුණේ වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ ආරම්භය විනාඩි 70කින් පමණ ප්රමාද වූ නිසාවෙන්. තවද සවස තේ පානයට පසුව වර්ෂාව නිසාවෙන් එකඳු පන්දුවාරයක් හෝ ක්රීඩා කිරීමට අවස්ථාව ද නොලැබී ගියා.
තරගයේ අද දිනයේ තුල ශ්රී ලංකාව ඔවුන්ට තිබෙන විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථා දෙකක් නිකරුණේ අපතේ යවා ගත් නිසාවෙන් ඔවුන්ට ඉතිරිව ඇත්තේ තවත් එක් විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවක් පමණි.
පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 3ක් දවා ගන්නා විට දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක් දවා ගත්තා. හෙට (16) තරගයේ තුන්වැනි දිනයයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | c Quinton de Kock b Anrich Nortje | 2 | 32 | 0 | 0 | 6.25 |
Kusal Perera | c Aiden Markram b Wiaan Mulder | 60 | 67 | 11 | 0 | 89.55 |
Lahiru Thirimanne | c Faf du Plessis b Wiaan Mulder | 17 | 30 | 3 | 0 | 56.67 |
Kusal Mendis | c Rassie van der Dussen b Wiaan Mulder | 0 | 4 | 0 | 0 | 0.00 |
Minod Bhanuka | c Rassie van der Dussen b Anrich Nortje | 5 | 10 | 1 | 0 | 50.00 |
Niroshan Dickwella | c Quinton de Kock b Anrich Nortje | 7 | 10 | 1 | 0 | 70.00 |
Dasun Shanaka | c Quinton de Kock b Anrich Nortje | 4 | 17 | 0 | 0 | 23.53 |
Wanindu Hasaranga | c Quinton de Kock b Lutho Sipamla | 29 | 27 | 5 | 0 | 107.41 |
Dushmantha Chameera | c Quinton de Kock b Anrich Nortje | 22 | 29 | 4 | 0 | 75.86 |
Vishwa Fernando | not out | 2 | 11 | 0 | 0 | 18.18 |
Asitha Fernando | b Anrich Nortje | 4 | 6 | 1 | 0 | 66.67 |
Extras | 5 (b 0 , lb 5 , nb 0, w 0, pen 0) |
Total | 157/10 (40.3 Overs, RR: 3.88) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lungi Ngidi | 10 | 3 | 44 | 0 | 4.40 | |
Anrich Nortje | 14.3 | 1 | 56 | 6 | 3.92 | |
Lutho Sipamla | 9 | 3 | 27 | 1 | 3.00 | |
Wiaan Mulder | 7 | 3 | 25 | 3 | 3.57 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dean Elgar | c Lahiru Thirimanne b Dushmantha Chameera | 127 | 163 | 22 | 0 | 77.91 |
Aiden Markram | c Kusal Mendis b Asitha Fernando | 5 | 21 | 0 | 0 | 23.81 |
Rassie van der Dussen | c Niroshan Dickwella b Dasun Shanaka | 67 | 127 | 12 | 0 | 52.76 |
Quinton de Kock | c Kusal Mendis b Vishwa Fernando | 10 | 20 | 1 | 0 | 50.00 |
Faf du Plessis | c Niroshan Dickwella b Dasun Shanaka | 8 | 15 | 1 | 0 | 53.33 |
Temba Bavuma | lbw b Vishwa Fernando | 19 | 30 | 3 | 1 | 63.33 |
Wiaan Mulder | lbw b Vishwa Fernando | 7 | 17 | 1 | 0 | 41.18 |
Keshav Maharaj | c Niroshan Dickwella b Asitha Fernando | 2 | 8 | 0 | 0 | 25.00 |
Anrich Nortje | c Kusal Mendis b Vishwa Fernando | 13 | 16 | 2 | 0 | 81.25 |
Lutho Sipamla | c Dasun Shanaka b Vishwa Fernando | 5 | 19 | 1 | 0 | 26.32 |
Lungi Ngidi | not out | 14 | 18 | 3 | 0 | 77.78 |
Extras | 25 (b 8 , lb 14 , nb 0, w 3, pen 0) |
Total | 302/10 (75.4 Overs, RR: 3.99) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 23.4 | 0 | 101 | 5 | 4.32 | |
Asitha Fernando | 19 | 5 | 61 | 2 | 3.21 | |
Dushmantha Chameera | 14 | 1 | 53 | 1 | 3.79 | |
Dasun Shanaka | 15 | 4 | 42 | 2 | 2.80 | |
Wanindu Hasaranga | 4 | 0 | 23 | 0 | 5.75 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | c Wiaan Mulder b Anrich Nortje | 103 | 128 | 19 | 0 | 80.47 |
Kusal Perera | b Lungi Ngidi | 1 | 7 | 0 | 0 | 14.29 |
Lahiru Thirimanne | c Quinton de Kock b Lungi Ngidi | 31 | 57 | 7 | 0 | 54.39 |
Kusal Mendis | c Quinton de Kock b Lungi Ngidi | 0 | 1 | 0 | 0 | 0.00 |
Minod Bhanuka | c Keshav Maharaj b Anrich Nortje | 1 | 7 | 0 | 0 | 14.29 |
Niroshan Dickwella | c Temba Bavuma b Lungi Ngidi | 36 | 68 | 6 | 0 | 52.94 |
Dasun Shanaka | c Lutho Sipamla b Wiaan Mulder | 8 | 24 | 1 | 0 | 33.33 |
Wanindu Hasaranga | b Lutho Sipamla | 16 | 32 | 2 | 0 | 50.00 |
Dushmantha Chameera | c Quinton de Kock b Lutho Sipamla | 0 | 10 | 0 | 0 | 0.00 |
Vishwa Fernando | not out | 1 | 7 | 0 | 0 | 14.29 |
Asitha Fernando | b Lutho Sipamla | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 14 (b 9 , lb 2 , nb 2, w 1, pen 0) |
Total | 211/10 (56.5 Overs, RR: 3.71) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lungi Ngidi | 15 | 5 | 44 | 4 | 2.93 | |
Anrich Nortje | 19 | 2 | 64 | 2 | 3.37 | |
Wiaan Mulder | 13 | 3 | 52 | 1 | 4.00 | |
Lutho Sipamla | 9.5 | 1 | 39 | 3 | 4.11 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dean Elgar | not out | 31 | 27 | 5 | 0 | 114.81 |
Aiden Markram | not out | 36 | 53 | 4 | 0 | 67.92 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 67/0 (13.2 Overs, RR: 5.03) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 4 | 0 | 23 | 0 | 5.75 | |
Asitha Fernando | 4 | 1 | 20 | 0 | 5.00 | |
Wanindu Hasaranga | 2.2 | 0 | 16 | 0 | 7.27 | |
Dasun Shanaka | 3 | 1 | 8 | 0 | 2.67 |
කිසිදු ප්රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ශ්රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<