Home Sinhala සුදු මහත්වරුන් හමුවේ ශ්‍රී ලංකාවේ සුද සේදෙයි

සුදු මහත්වරුන් හමුවේ ශ්‍රී ලංකාවේ සුද සේදෙයි

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

356
SLC

දින තුනක් තිස්සේ කණ්ඩායමක් ලෙස සිදු කරන ලද කැපවීම පැය කිහිපයක් තුල බිඳ වැටී ගියේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවන ඉනිම තුල දියත් කළ දියාරු සහ වගකීම් විරහිත පිතිකරණය නිසයි. අවසානයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද (24) නිමා වූ දෙවන ටෙස්ට් තරගය ද කඩුලු 6කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ශ්‍රී ලංකාව තුල පැවති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග 6ම ජය ගැනීමට එංගලන්තය සමත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවට සිය උපන් බිමේ වාසිය ද අහිමි කරමිනි. තවද රූට්ගේ නායකත්වය යටතේ එංගලන්ත කණ්ඩායම ආසියානු තණතීරු තුල 100%ක ටෙස්ට් ජයග්‍රහණ ප්‍රතිශතයක් රඳවා ගෙන තිබෙන මොහොතේ, ගාලු තණතීරුව මත පළමු ඉනිමේ වාසිය ලබා ගත් කණ්ඩායමක් පරාජයට පත් වූ පළමු අවස්ථාව ද මෙය විය.

ඒ අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක් ලෙස පැවති මෙම තරගාවලිය ශ්‍රී ලංකාව 2-0ක් ලෙස පරාජයට පත්වූ නිසා ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය තුල තවදුරටත් පසුබෑමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

තරගයේ සිව්වැනි දිනය ආරම්භ වන විට එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 339ක් ලබාගෙන සිටි අතර දිනයේ පළමු පන්දුවාර කිහිපය තුලම Jack Leachගේ කඩුල්ල දවා ගත් දිල්රුවන් පෙරේරා සමත් විය. 

ඒත් සමඟින් එංගලන්ත පළමු ඉනිම ලකුණු 344කට අවසන් වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 37ක පළමු ඉනිමේ වාසියක් ලබා දෙමිනි. පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්නුම් කළේ ලකුණු 137ක් තුල කඩුලු 7ක් දවාගෙනයි. ගාලු තණතීරුවේ එක් ඉනිමක හොඳම පන්දු යැවීමේ දස්කම අතරට පැමිණීමට ඔහුට නොහැකි වුවත් එහි හොඳම දස්කම් 5 අතරට පැමිණීමට ඇඹුල්දෙණිය සමත් විය.

පළමු ඉනිමේ දී ලබා ගත් ලකුණු 37 වාසිය ද සමඟින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වූ ලහිරු තිරිමාන්න සහ කුසල් පෙරේරා ක්‍රමයෙන් දඟපන්දු යවන්නන් සඳහා හිතකර වන ගාලු තණතීරුව මත ලකුණු 19ක සබඳතාවයක් ගොඩනංවන ලදි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 14ක් ලබා සිටි කුසල් පෙරේරාගේ කඩුල්ල දවා ගැනීමට වමතින් දඟපන්දු යවන Leach සමත් විය.

එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම ආරම්භ වූ අතර ඕෂද ප්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස් සහ නායක චන්දිමාල්ගේ කඩුලු 4 ඇතුළු ශ්‍රී ලංකා පළමු කඩුලු 5 ලකුණු 47ක් තුල බිඳ දැමීමට Leach සහ Dom Bess සමත් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ තරගය පුරාවට සෑම අංශයකින්ම දස්කම් පෙන්නුම් කළ ලසිත් ඇඹුල්දෙණිය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම (7/137) වාර්තා කළ තරගය තුලම සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පිතිකරණ දස්කම ද වාර්තා කරගනිමින් ලකුණු 40ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා නිත්‍ය පිතිකරුවන් සඳහා ද විශාල ආදර්ශයක් වුනු ඇඹුල්දෙණියගේ එම ඉනිම සඳහා 4 පහර 6ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය. 9 වැනි කඩුල්ල සඳහා ලකුණු පන්දු 63ක් තුල ලකුණු 48ක හොඳ සබඳතාවයක් ගොඩනැංවීමට ඇඹුල්දෙණිය සහ ලක්මාල් හට හැකි විය.

සුරංග ලක්මාල් ලකුණු 11ක් ලබාගෙන පසුපෙළ පිතිකරුවන් සමඟ කඩුල්ල තුල රැඳී සිටීමට වෙරදැරූ නමුත් එය සාර්ථක වූයේ නැත. සිය මංගල තරගය සඳහා ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් මේ දෙවන ඉනිම තුල ලකුණු 16ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින්.

අවසානයේ දී ශ්‍රී ලංකා දෙවන ඉනිම පන්දුවාර 35කුත් පන්දු 5ක් තුල ලකුණු 126කට සීමා කළ එංගලන්ත පන්දු යවන්නෝ පළමු දින තුන ඔවුන්ගේ අතින් වුනු අඩුපාඩු පැය කිහිපයක් තුල නිවැරදි කරගැනීමට එය අවස්ථාවක් කරගත්තේය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 10ම එංගලන්ත වේගපන්දු යවන්නන් සතු වුවත් දෙවන ඉනිමේ කඩුලු 10ම එංගලන්ත දඟපන්දු යවන්නන් සතු විය. එවැනි ආකාරයේ සිදුවීමක් ලෝක ක්‍රිකට් පිටිය තුල සිදු වූ පළමු අවස්ථාව මෙයයි. 

එසේම ශ්‍රී ලංකා දෙවන ඉනිමේ අවසන් කඩුලු 2ක දවා ගත් එංගලන්ත නායක Root ලකුණු කිසිවක් ලබා නොදෙමින් කඩුලු 2ක් දවා ගත්තේ ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල කලාතුරකින් දක්නට ලැබෙන දස්කමක් පෙන්නුම් කරමිනි.

ලකුණු 164ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වූ එංගලන්තයට මෙවැනි තණතීරුවක් මත එම ලකුණු ප්‍රමාණය තරමක අභියෝගයක් වුවත් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටි ලකුණු 250ක වැනි ඉලක්කයක් වෙත යාමට අවස්ථාව ලැබුණේ නැත.

කෙසේ නමුත් ඇඹුල්දෙණිය සුපුරුදු ලෙස එංගලන්ත පළමු කඩුලු 2ක තම නමට ඉදිරියෙන් සටහන් කරගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවට එරෙහිව දිගින් දිගටම පිතිකරුවෙක් ලෙස හිසරදයක් වුනු Rootගේ කඩුල්ල ද දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් විය. 

නමුත් මේ තරගාවලිය පුරාවට සාර්ථක නොවූ Zak Crawley සහ උපනායක Jos Buttler 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 75ක සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉවසීමෙන් යුතුව කඩුල්ල තුල රැඳී සිටින ආකාරය ගැන නැවත වතාවක් හොඳ පාඩමක් කියා දෙමිනි.

Result


Sri Lanka
381/10 (139.3) & 126/10 (35.5)

England
344/10 (116.1) & 164/4 (43.3)

Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Jos Buttler b James Anderson 43 95 5 0 45.26
Kusal Perera c Joe Root b James Anderson 6 14 1 0 42.86
Oshada Fernando b James Anderson 0 4 0 0 0.00
Angelo Mathews c Jos Buttler b James Anderson 110 238 11 0 46.22
Dinesh Chandimal lbw b Mark Wood 52 121 4 1 42.98
Niroshan Dickwella c Jack Leach b James Anderson 92 144 10 0 63.89
Ramesh Mendis c Jos Buttler b Mark Wood 0 16 0 0 0.00
Dilruwan Perera c Jack Leach b Sam Curran 67 170 8 1 39.41
Suranga Lakmal c Zak Crawley b James Anderson 0 2 0 0 0.00
Lasith Embuldeniya c Joe Root b Mark Wood 7 33 0 1 21.21
Asitha Fernando not out 0 10 0 0 0.00


Extras 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0)
Total 381/10 (139.3 Overs, RR: 2.73)
Fall of Wickets 1-7 (4.1) Kusal Perera, 2-7 (4.5) Oshada Fernando, 3-76 (26.2) Lahiru Thirimanne, 4-193 (68.6) Dinesh Chandimal, 5-232 (88.6) Angelo Mathews, 6-243 (91.6) Ramesh Mendis, 7-332 (120.4) Niroshan Dickwella,

Bowling O M R W Econ
James Anderson 29 13 40 6 1.38
Sam Curran 18.3 3 60 1 3.28
Jack Leach 38 5 119 0 3.13
Mark Wood 28 4 84 3 3.00
Dominic Bess 26 2 76 0 2.92
Batsmen R B 4s 6s SR
Dominic Sibley lbw b Lasith Embuldeniya 0 14 0 0 0.00
Zak Crawley c Lahiru Thirimanne b Lasith Embuldeniya 5 24 0 0 20.83
Jonathan Bairstow c Oshada Fernando b Lasith Embuldeniya 28 73 5 0 38.36
Joe Root run out (Oshada Fernando) 186 309 18 0 60.19
Dan Lawrence c Lahiru Thirimanne b Lasith Embuldeniya 3 21 0 0 14.29
Jos Buttler c Oshada Fernando b Ramesh Mendis 55 95 7 0 57.89
Sam Curran c Lahiru Thirimanne b Lasith Embuldeniya 13 43 0 1 30.23
Dominic Bess c Lahiru Thirimanne b Lasith Embuldeniya 32 95 4 0 33.68
Mark Wood c Lahiru Thirimanne b Lasith Embuldeniya 1 6 0 0 16.67
Jack Leach lbw b Dilruwan Perera 1 17 0 0 5.88
James Anderson not out 4 5 1 0 80.00


Extras 16 (b 8 , lb 3 , nb 5, w 0, pen 0)
Total 344/10 (116.1 Overs, RR: 2.96)
Bowling O M R W Econ
Suranga Lakmal 16 7 31 0 1.94
Lasith Embuldeniya 42 6 137 7 3.26
Asitha Fernando 10 2 31 0 3.10
Dilruwan Perera 32.1 4 86 1 2.68
Ramesh Mendis 16 1 48 1 3.00
Batsmen R B 4s 6s SR
Kusal Perera lbw b Jack Leach 14 25 2 0 56.00
Lahiru Thirimanne c Zak Crawley b Jack Leach 13 33 0 0 39.39
Oshada Fernando c Zak Crawley b Dominic Bess 3 19 0 0 15.79
Angelo Mathews b Dominic Bess 5 11 0 0 45.45
Dinesh Chandimal c James Anderson b Jack Leach 9 6 2 0 150.00
Niroshan Dickwella c Dan Lawrence b Dominic Bess 7 14 1 0 50.00
Ramesh Mendis c Jos Buttler b Jack Leach 16 20 3 0 80.00
Dilruwan Perera c Zak Crawley b Dominic Bess 4 13 0 0 30.77
Suranga Lakmal not out 11 32 1 0 34.38
Lasith Embuldeniya c Jonathan Bairstow b Joe Root 40 42 6 1 95.24
Asitha Fernando b Joe Root 0 1 0 0 0.00


Extras 4 (b 3 , lb 0 , nb 1, w 0, pen 0)
Total 126/10 (35.5 Overs, RR: 3.52)
Bowling O M R W Econ
James Anderson 2 0 6 0 3.00
Sam Curran 2 0 9 0 4.50
Dominic Bess 16 1 49 4 3.06
Jack Leach 14 1 59 4 4.21
Joe Root 1.5 1 0 2 0.00


Batsmen R B 4s 6s SR
Zak Crawley c Oshada Fernando b Lasith Embuldeniya 13 19 1 0 68.42
Dominic Sibley not out 56 144 2 0 38.89
Jonathan Bairstow lbw b Lasith Embuldeniya 29 28 3 1 103.57
Joe Root b 11 16 1 0 68.75
Dan Lawrence c Niroshan Dickwella b Lasith Embuldeniya 2 9 0 0 22.22
Jos Buttler not out 46 48 1 0 95.83


Extras 7 (b 0 , lb 4 , nb 3, w 0, pen 0)
Total 164/4 (43.3 Overs, RR: 3.77)
Bowling O M R W Econ
Lasith Embuldeniya 20 3 73 3 3.65
Dilruwan Perera 13.3 1 39 0 2.93
Ramesh Mendis 10 0 48 1 4.80



තරගාවලිය 2-0ක් ලෙස ජ යගත් එංගලන්තය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන ලකුණු 412 දක්වා (68.7%) වර්ධනය කරගත්තේය. තරගාවලියේ වීරයා ලෙස රූට් සම්මාන දිනා ගත් අතර අවසානයේ දී සිය රට වෙනුවෙන් සිය කණ්ඩායම වෙනුවෙන් ගාලු කොටුවේ සිට දිරිගැන්වූ Rob Lewis හට ද ආචාර කරමින් කළ ගුණ දැක්වීමට එංගලන්ත කණ්ඩායම අමතක කළේ නැත.

ශ්‍රී ලංකාවට තවත් අමිහිරි මතකයන් රැසක් ලබා දුන් මෙම තරගාවලිය අවසානයේ දී ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන තුල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 7 වැනි (ප්‍රසාද ලකුණු 80 – 16.7%) ස්ථානයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<