සංචාරක එංගලන්තය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර ගාල්ලේ දී අද (22) ආරම්භ වූ දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 229ක් ලබාගෙන සිටිනවා.
දිනයේ කතා නායකයා වූ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීමට අද සමත් වුනා. මේ ශතකය 2015 වසරට පසුව ශ්‍රී ලංකාවේ දී මැතිව්ස් ලබා ගත් පළමු ටෙස්ට් ශතකය බවට පත්වුණු අතර ගාල්ලේ දී ඔහු ලබා ගත් පළමු ටෙස්ට් ශතකය ද වුනා.
එසේම ශ්‍රී ලංකාව තුල දී වැඩිම ටෙස්ට් ලකුණු ලබාගෙන සිටින පිතිකරුවන් අතර අරවින්ද ද සිල්වා (ලකුණු 3290 – ඉනිම 72) අභිබවා යමින් එම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට මැතිව්ස් සමත් වීම අද දිනයේ දී සිදු වුනු තවත් සුවිශේෂී සිදුවීමක්.
දිනය අවසන් වන විට මැතිව්ස් 4 පහර 11ක් සමඟ ලකුණු 107ක් ලබාගෙන සිටින අතර අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරන නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 19*ක් ලබාගෙන සිටින්නේ 5 වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 36*ක සබඳතාවයක් ගොඩනංවමිනි.
තවත් ක්‍රිකට් පුවත්:
- Rishabh Pant, MS Dhoniගේ වාර්තාව කඩයි
- දිමුත්, මෙන්ඩිස් ඇතුළු පස්දෙනෙක් ගෙදර යවයි
- “ලක්මාල්, කුමාර සුවෙන්, දිමුත් ගැන විශ්වාසයක් නැහැ” – ප්‍රධාන පුහුණුකරු
- තාත්තාගේ හීනය සැබෑ කළ ඉන්දියාවේ වීරයා
- Steve Smith වාර්තා පොත් අලුත් කරයි
සුපුරුදු ලෙස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ අතර 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින එංගලන්තය අද තරගය සඳහා අවතීර්ණ වෙන්නේ පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමට සාපේක්ෂව එක් වෙනස්කමක් සිදු කරමිනි. ඒ Stuart Broad වෙනුවට James Anderson කණ්ඩායමට කැඳවමින්.
ඊට අමතරව ශ්‍රී ලංකාව වෙනස්කම් තුනක් කරමින් කුසල් මෙන්ඩිස්, දසුන් ශානක සහ වනිඳු හසරංග වෙනුවට ඕෂද ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස පිටියට පැමිණි කුසල් පෙරේරා සහ ලහිරු තිරිමාන්නගේ සබඳතාවය ලකුණු 7කට සීමා කරමින් ලකුණු 6ක් ලබා සිටි කුසල් පෙරේරා නැවත වතාවක් සිය කඩුල්ල එංගලන්තයට පූජා කරමින් දැවී ගියේ අනවශ්‍ය පහරක් එල්ල කරමිනි.
අනතුරුව කුසල් මෙන්ඩිස්ගේ ස්ථානය වෙනුවෙන් පිටියට පැමිණි ඕෂද ප්‍රනාන්දු හට ද අද දිනයේ ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වීමත් සමඟම ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ අංක තුන ස්ථානය පිළිබඳව දැඩි කතාබහක් සමාජය තුල ඇතිව තිබෙනවා. එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. එම කඩුලු 2කම දැවී ගියේ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය නිසා වන අතර එම කඩුලු 2ම James Andersonගේ කඩුලු ගොන්නට අයත් වුනා.
ලකුණු 7ට කඩුලු 2ක් දැවී ගොස් තිබූ ශ්‍රී ලංකා ඉනිමට යම් අස්වැසිල්ලක් ලබා දුන් ලහිරු තිරිමාන්න (ලකුණු 43*) සහ ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 26*) යන අත්දැකීම් බහුල පිතිකරුවන් දෙදෙනා දිවා විවේකය සඳහා තරගය නවතා දමන විට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය වෙත රැගෙන ආවේ තුන්වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 69*ක සබඳතාවයක් ගොඩනංවමින්.
දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 76ක් ලබාගෙන සිටියා. ඉන්පසුව ක්‍රියාත්මක කළ පළමු පන්දුවම පිටතට දෝලනය වෙන පන්දුවක් ලෙස තිරිමාන්න වෙත යොමු කළ Anderson ඉන් පසුව ක්‍රියාත්මක කළ දෙවන පන්දුවෙන් තිරිමාන්නගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 3ම සිය නමට ඉදිරියෙන් සටහන් කරගනිමින්.
11th Test ton for @Angelo69Mathews 👏
This is his fourth fifty-plus score in his last six Test innings!#SLvENG
More Info ⏩ https://t.co/6hkM3ZzFWg
Video Credits – @OfficialSLC pic.twitter.com/f2yQbpou27
— Sachin Dananjaya98 (@sachinpeiris98) January 22, 2021
4 පහර 5ක් එල්ල කරමින් ලකුණු 43ක් ලබා ගත් තිරිමාන්නගේ කඩුල්ල දැවී යාමත් සමඟම ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩනැංවීම වෙනුවෙන් මුල් අඩිතාලම වැටුණු ලකුණු 69 සබඳතාවය නිමා වුනා.
පසුව ශ්‍රී ලංකා වැඩ බලන නායක චන්දිමාල් සමඟින් එක්වූ මැතිව්ස් ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයින්ට ඉතාමත් හොඳ ආදර්ශයක් සපයමින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉවසීමෙන් යුතුව පිතිකරණයේ නිරත වෙන ආකාරය වචනවලට එහා ගොස් ක්‍රියාවෙන්ම පෙන්නුම් කරමින් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 256ක් තුල ලකුණු 117ක අගනා සබඳතාවයක් ගොඩනංවීමට සමත් වුනා.
අවසානයේ දී Mark Wood ක්‍රියාත්මක කළ දක්ෂ සහ වේගවත් පන්දු කිහිපයක් හමුවේ චන්දිමාල් නොසැලී ක්‍රීඩා කළ නමුත් ඔහු පන්දුවේ පතිතය එක්වරම තවත් ඉදිරියට රැගෙන යමින් පන්දුවක් ක්‍රියාත්මක කළේ සිය උපායශීලිත්වය මනාව භාවිතාවට ගනිමින්.
එම පන්දුව හමුවේ බේරීමට නොහැකි වුනු චන්දිමාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුණු නිසා ශ්‍රී ලංකා මුල් ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියා. 4 පහර 4ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් චන්දිමාල් ලබා ගත් එම අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 20 වැනි අර්ධ ශතකයයි.
පන්දු යැවීමේ දී එංගලන්ත දඟපන්දු යවන්නන්ට අද දිනය තුල කිසිදු කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාවක් නොලැබුණු නමුත් James Anderson කඩුලු 3ක් දවා ගන්නා විට ඔහුට සහය වූ Mark Wood එක් කඩුල්ලක් දවා ගත්තා.
2017 වසරේ ඉන්දියාව තුල පැවති ටෙස්ට් තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය නොකළ අතර එම තරගාවලියට පසුව කුසල් මෙන්ඩිස් නොමැතිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lahiru Thirimanne | c Jos Buttler b James Anderson | 43 | 95 | 5 | 0 | 45.26 |
Kusal Perera | c Joe Root b James Anderson | 6 | 14 | 1 | 0 | 42.86 |
Oshada Fernando | b James Anderson | 0 | 4 | 0 | 0 | 0.00 |
Angelo Mathews | c Jos Buttler b James Anderson | 110 | 238 | 11 | 0 | 46.22 |
Dinesh Chandimal | lbw b Mark Wood | 52 | 121 | 4 | 1 | 42.98 |
Niroshan Dickwella | c Jack Leach b James Anderson | 92 | 144 | 10 | 0 | 63.89 |
Ramesh Mendis | c Jos Buttler b Mark Wood | 0 | 16 | 0 | 0 | 0.00 |
Dilruwan Perera | c Jack Leach b Sam Curran | 67 | 170 | 8 | 1 | 39.41 |
Suranga Lakmal | c Zak Crawley b James Anderson | 0 | 2 | 0 | 0 | 0.00 |
Lasith Embuldeniya | c Joe Root b Mark Wood | 7 | 33 | 0 | 1 | 21.21 |
Asitha Fernando | not out | 0 | 10 | 0 | 0 | 0.00 |
Extras | 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0) |
Total | 381/10 (139.3 Overs, RR: 2.73) |
Fall of Wickets | 1-7 (4.1) Kusal Perera, 2-7 (4.5) Oshada Fernando, 3-76 (26.2) Lahiru Thirimanne, 4-193 (68.6) Dinesh Chandimal, 5-232 (88.6) Angelo Mathews, 6-243 (91.6) Ramesh Mendis, 7-332 (120.4) Niroshan Dickwella, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
James Anderson | 29 | 13 | 40 | 6 | 1.38 | |
Sam Curran | 18.3 | 3 | 60 | 1 | 3.28 | |
Jack Leach | 38 | 5 | 119 | 0 | 3.13 | |
Mark Wood | 28 | 4 | 84 | 3 | 3.00 | |
Dominic Bess | 26 | 2 | 76 | 0 | 2.92 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dominic Sibley | lbw b Lasith Embuldeniya | 0 | 14 | 0 | 0 | 0.00 |
Zak Crawley | c Lahiru Thirimanne b Lasith Embuldeniya | 5 | 24 | 0 | 0 | 20.83 |
Jonathan Bairstow | c Oshada Fernando b Lasith Embuldeniya | 28 | 73 | 5 | 0 | 38.36 |
Joe Root | run out (Oshada Fernando) | 186 | 309 | 18 | 0 | 60.19 |
Dan Lawrence | c Lahiru Thirimanne b Lasith Embuldeniya | 3 | 21 | 0 | 0 | 14.29 |
Jos Buttler | c Oshada Fernando b Ramesh Mendis | 55 | 95 | 7 | 0 | 57.89 |
Sam Curran | c Lahiru Thirimanne b Lasith Embuldeniya | 13 | 43 | 0 | 1 | 30.23 |
Dominic Bess | c Lahiru Thirimanne b Lasith Embuldeniya | 32 | 95 | 4 | 0 | 33.68 |
Mark Wood | c Lahiru Thirimanne b Lasith Embuldeniya | 1 | 6 | 0 | 0 | 16.67 |
Jack Leach | lbw b Dilruwan Perera | 1 | 17 | 0 | 0 | 5.88 |
James Anderson | not out | 4 | 5 | 1 | 0 | 80.00 |
Extras | 16 (b 8 , lb 3 , nb 5, w 0, pen 0) |
Total | 344/10 (116.1 Overs, RR: 2.96) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 16 | 7 | 31 | 0 | 1.94 | |
Lasith Embuldeniya | 42 | 6 | 137 | 7 | 3.26 | |
Asitha Fernando | 10 | 2 | 31 | 0 | 3.10 | |
Dilruwan Perera | 32.1 | 4 | 86 | 1 | 2.68 | |
Ramesh Mendis | 16 | 1 | 48 | 1 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kusal Perera | lbw b Jack Leach | 14 | 25 | 2 | 0 | 56.00 |
Lahiru Thirimanne | c Zak Crawley b Jack Leach | 13 | 33 | 0 | 0 | 39.39 |
Oshada Fernando | c Zak Crawley b Dominic Bess | 3 | 19 | 0 | 0 | 15.79 |
Angelo Mathews | b Dominic Bess | 5 | 11 | 0 | 0 | 45.45 |
Dinesh Chandimal | c James Anderson b Jack Leach | 9 | 6 | 2 | 0 | 150.00 |
Niroshan Dickwella | c Dan Lawrence b Dominic Bess | 7 | 14 | 1 | 0 | 50.00 |
Ramesh Mendis | c Jos Buttler b Jack Leach | 16 | 20 | 3 | 0 | 80.00 |
Dilruwan Perera | c Zak Crawley b Dominic Bess | 4 | 13 | 0 | 0 | 30.77 |
Suranga Lakmal | not out | 11 | 32 | 1 | 0 | 34.38 |
Lasith Embuldeniya | c Jonathan Bairstow b Joe Root | 40 | 42 | 6 | 1 | 95.24 |
Asitha Fernando | b Joe Root | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 4 (b 3 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 126/10 (35.5 Overs, RR: 3.52) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
James Anderson | 2 | 0 | 6 | 0 | 3.00 | |
Sam Curran | 2 | 0 | 9 | 0 | 4.50 | |
Dominic Bess | 16 | 1 | 49 | 4 | 3.06 | |
Jack Leach | 14 | 1 | 59 | 4 | 4.21 | |
Joe Root | 1.5 | 1 | 0 | 2 | 0.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Zak Crawley | c Oshada Fernando b Lasith Embuldeniya | 13 | 19 | 1 | 0 | 68.42 |
Dominic Sibley | not out | 56 | 144 | 2 | 0 | 38.89 |
Jonathan Bairstow | lbw b Lasith Embuldeniya | 29 | 28 | 3 | 1 | 103.57 |
Joe Root | b | 11 | 16 | 1 | 0 | 68.75 |
Dan Lawrence | c Niroshan Dickwella b Lasith Embuldeniya | 2 | 9 | 0 | 0 | 22.22 |
Jos Buttler | not out | 46 | 48 | 1 | 0 | 95.83 |
Extras | 7 (b 0 , lb 4 , nb 3, w 0, pen 0) |
Total | 164/4 (43.3 Overs, RR: 3.77) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lasith Embuldeniya | 20 | 3 | 73 | 3 | 3.65 | |
Dilruwan Perera | 13.3 | 1 | 39 | 0 | 2.93 | |
Ramesh Mendis | 10 | 0 | 48 | 1 | 4.80 |
*තරගාවලිය පැවැත්වෙන්නේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි.
ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <