සැක් ක්රොව්ලි හා ඔලී පොප් අර්ධ ශතක වාර්තා කරමින් ලකුණු අතරට පිවිසෙද්දී එංගලන්තය හා ශ්රී ලංකා සභාපති ක්රිකට් කණ්ඩායම අතර තෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අද (09) අවසන් වුනා. තුන්වැනි දිනය නිමා වෙද්දී එංගලන්තය සිය දෙවන ඉනිමට කඩුලු හතක් දැවී ලකුණු 320ක් රැස් කරගෙන සිටියා.
ප්රියංජන් සහ මිලන්ත අගනා ඉනිමක
සංචාරක එංගලන්ත ක්රිකට් කණ්ඩායම හා ශ්රී ලංකා සභාපති ක්රිකට් කණ්ඩායම…..
පළමු ඉනිම ක්රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 316කට සියලු දෙනා දැවී ගියේ ශ්රී ලංකා වේගපන්දු යවන්නන්ගේ දක්ෂතා නිසයි. ජෝ රූට් එම තරගයේ දී ලකුණු 78ක් රැස්කර ගත් අතර ජොස් බට්ලර් අගනා ලකුණු 79ක් වාර්තා කර ගත්තා.
ශ්රී ලංකා දෙවන ඉනිම ලකුණු 245කට සීමා වුන අතර නායක අශාන් ප්රියංජන් ලකුණු 77ක් ලකුණු පුවරුවට එකතු කළේ ලහිරු මිලන්තගේ සහයත් සමඟිනුයි. එංගලන්ත දඟපන්දු යවන්නන් ශ්රී ලංකා පිතිකරණ ලැයිස්තුව සුනුවිසුනු කර දැමූ අතර මැට් පර්කින්සන් කඩුලු හතරක් දවා ගද්දි, ඩොමිනික් බෙස් කඩුලු තුනක් දවා ගත්තා.
අද (9) දිනය ආරම්භ වන විට එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 39ක් රැස් කරගෙන සිටි අතර ජෝ ඩෙන්ලි හා බෙන් ස්ටොක්ස් සමඟ හොඳ සබඳතා පවත්වා ගනිමින් සැක් ක්රොව්ලි එංගලන්ත ඉනිම ගොඩ නැගුවා.
බෙන් ස්ටොක්ස් පන්දු 42කින් වේගවත් ලකුණු 43ක් රැස් කරගත්තා. පළමු ඉනිමේ දී පන්දු පහකට පමණක් මුහුණ දී දැවී ගිය ස්ටොක්ස් දෙවන ඉනිමේ දී නොම්මර හතර පිතිකරුවා ලෙස පිටියට පිවිසුණා. 31 වැනි පන්දුවාරයේ සිට ඔහු වේගයෙන් පන්දුවට පහර දීම ආරම්භ කළ අතර දැවී යාමට පෙර දුවිඳු තිලකරත්නගේ පන්දුවාරයේ පළමු පන්දු හතරටම ඔහු හතරේ පහර හතරක් එල්ල කළා.
Photos: Sri Lanka vs England – 1st Warm-Up Match | Day 03
දුවිඳු තිලකරත්නගේ පන්දුවක් හමුවේ ප්රියමාල් පෙරේරා අතට උඩපන්දුවක් ලබා දෙමින් ක්රොව්ලි ලකුණු 91කට දැවී ගියා. අවාසනාවන්ත ලෙස ශතකය අහිමි වුණු ක්රොව්ලි ඒ සඳහා වැය කළේ පන්දු 99ක් පමණයි. දිවා විවේකයෙන් පසුව තරගය නැවත ආරම්භ කිරීමත් සමඟ ක්රොව්ලිට එල්ල වුණු පළමු පන්දුවෙන්ම ඔහු දැවී යාම විශේෂත්වයක්.
ඔලී පෝප් ලකුණු 77ක් රැස් කළේ පන්දු 115ක දීයි. ඔහු පිටිය වටා හොඳින් ලකුණු රැස් කළා. බෙන් ෆෝක්ස්, කිටන් ජෙනින්ග්ස් හා සෑම් කුරන්ගේ දායකත්වයත් සමඟ තුන්වැනි දිනට අවසන් වන විට එංගලන්ත ඉනිම දැක්වුණේ කඩුලු 7කට ලකුණු 320ක් ලෙසයි. මලින්ද පුෂ්පකුමාර හා දුවිඳු තිලකරත්න කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Zak Crawley | b Lahiru Samarakoon | 43 | 45 | 9 | 0 | 95.56 |
Dominic Sibley | lbw b Kaveesha Anjula | 14 | 41 | 2 | 0 | 34.15 |
Joe Denly | c Manoj Sarathchandra b Nisala Tharaka | 32 | 54 | 6 | 0 | 59.26 |
Joe Root | lbw b Kaveesha Anjula | 78 | 93 | 9 | 0 | 83.87 |
Ben Stokes | c & b Nisala Tharaka | 3 | 5 | 0 | 0 | 60.00 |
Ollie Pope | c Lahiru Milantha b Chamika Karunaratne | 8 | 14 | 2 | 0 | 57.14 |
Jos Buttler | lbw b Lahiru Samarakoon | 79 | 159 | 5 | 1 | 49.69 |
Keaton Jennings | lbw b Tharindu Kaushal | 19 | 47 | 2 | 0 | 40.43 |
Ben Foakes | not out | 27 | 47 | 2 | 0 | 57.45 |
Sam Curran | lbw b Malinda Pushpakumara | 3 | 4 | 0 | 0 | 75.00 |
Chris Woakes | c Manoj Sarathchandra b Lahiru Samarakoon | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 10 (b 4 , lb 4 , nb 1, w 1, pen 0) |
Total | 316/10 (85.3 Overs, RR: 3.7) |
Fall of Wickets | 1-52 (13.1) Dominic Sibley, 2-69 (16.1) Zak Crawley, 3-124 (28.5) Joe Denly, 4-128 (30.1) Ben Stokes, 5-142 (34.1) Ollie Pope, 6-197 (50.6) Joe Root, 7-258 (68.4) Keaton Jennings, 8-312 (83.3) Jos Buttler, 9-315 (84.2) Sam Curran, 10-316 (85.3) Chris Woakes, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nisala Tharaka | 11 | 1 | 41 | 2 | 3.73 | |
Chamika Karunaratne | 9 | 3 | 23 | 1 | 2.56 | |
Malinda Pushpakumara | 15 | 2 | 45 | 1 | 3.00 | |
Lahiru Samarakoon | 11.3 | 1 | 63 | 3 | 5.58 | |
Kaveesha Anjula | 11 | 3 | 43 | 2 | 3.91 | |
Duvindu Tillakarathne | 18 | 1 | 51 | 0 | 2.83 | |
Tharindu Kaushal | 10 | 0 | 42 | 1 | 4.20 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sangeeth Cooray | c & b Dominic Bess | 19 | 36 | 2 | 0 | 52.78 |
Lahiru Udara | c Stuart Broad b Chris Woakes | 15 | 37 | 1 | 0 | 40.54 |
Lahiru Milantha | c Saqib Mahmood b Matthew Parkinson | 31 | 53 | 4 | 1 | 58.49 |
Ashan Priyanjan | c Sam Curran b Saqib Mahmood | 77 | 126 | 11 | 0 | 61.11 |
Milinda Siriwardane | c Saqib Mahmood b Matthew Parkinson | 0 | 1 | 0 | 0 | 0.00 |
Priyamal Perera | c Zak Crawley b Chris Woakes | 29 | 65 | 3 | 0 | 44.62 |
Promod Maduwantha | c Sam Curran b Matthew Parkinson | 14 | 89 | 0 | 0 | 15.73 |
Manoj Sarathchandra | c Joe Root b Dominic Bess | 35 | 54 | 6 | 0 | 64.81 |
Chamika Karunaratne | c Ben Foakes b Matthew Parkinson | 4 | 4 | 1 | 0 | 100.00 |
Lahiru Samarakoon | c Ben Foakes b Dominic Bess | 17 | 15 | 4 | 0 | 113.33 |
Nisala Tharaka | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 4 (b 0 , lb 1 , nb 3, w 0, pen 0) |
Total | 245/10 (80 Overs, RR: 3.06) |
Fall of Wickets | 1-34 (11.4) Lahiru Udara, 2-34 (12.3) Sangeeth Cooray, 3-83 (27.4) Lahiru Milantha, 4-83 (27.5) Milinda Siriwardane, 5-143 (45.4) Priyamal Perera, 6-184 (60.2) Ashan Priyanjan, 7-219 (74.5) Promod Maduwantha, 8-223 (76.3) Chamika Karunaratne, 9-231 (77.4) Manoj Sarathchandra, 10-245 (79.6) Lahiru Samarakoon, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Stuart Broad | 6 | 2 | 13 | 0 | 2.17 | |
Sam Curran | 7 | 3 | 16 | 0 | 2.29 | |
Dominic Bess | 18 | 5 | 54 | 3 | 3.00 | |
Chris Woakes | 7 | 2 | 21 | 2 | 3.00 | |
Matthew Parkinson | 17 | 2 | 64 | 4 | 3.76 | |
Saqib Mahmood | 8 | 3 | 13 | 1 | 1.62 | |
Joe Root | 7 | 1 | 26 | 0 | 3.71 | |
Joe Denly | 10 | 0 | 33 | 0 | 3.30 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Zak Crawley | c Priyamal Perera b Duvindu Tillakarathne | 91 | 99 | 17 | 0 | 91.92 |
Dominic Sibley | c Lahiru Udara b Kaveesha Anjula | 0 | 2 | 0 | 0 | 0.00 |
Joe Denly | c Priyamal Perera b Chamika Karunaratne | 27 | 49 | 5 | 0 | 55.10 |
Ben Stokes | c Sangeeth Cooray b Duvindu Tillakarathne | 43 | 42 | 8 | 0 | 102.38 |
Ollie Pope | lbw b Kaveesha Anjula | 77 | 115 | 6 | 0 | 66.96 |
Keaton Jennings | lbw b Sangeeth Cooray | 23 | 63 | 1 | 0 | 36.51 |
Ben Foakes | not out | 24 | 71 | 0 | 0 | 33.80 |
Sam Curran | c Chamika Karunaratne b Tharindu Kaushal | 26 | 39 | 2 | 1 | 66.67 |
Extras | 9 (b 0 , lb 4 , nb 5, w 0, pen 0) |
Total | 320/7 (79.1 Overs, RR: 4.04) |
Fall of Wickets | 1-9 (1.2) Dominic Sibley, 2-76 (16.5) Joe Denly, 3-168 (30.5) Ben Stokes, 4-170 (32.1) Zak Crawley, 5-233 (53.5) Keaton Jennings, 6-283 (68.3) Ollie Pope, 7-320 (79.1) Sam Curran, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nisala Tharaka | 10 | 1 | 49 | 0 | 4.90 | |
Kaveesha Anjula | 10 | 1 | 45 | 2 | 4.50 | |
Malinda Pushpakumara | 20 | 2 | 50 | 0 | 2.50 | |
Chamika Karunaratne | 5 | 1 | 12 | 1 | 2.40 | |
Lahiru Samarakoon | 8.1 | 2 | 39 | 1 | 4.81 | |
Tharindu Kaushal | 8 | 2 | 39 | 0 | 4.88 | |
Duvindu Tillakarathne | 12 | 1 | 62 | 2 | 5.17 | |
Sangeeth Cooray | 6 | 0 | 18 | 1 | 3.00 |
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<