ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලියට එංගලන්ත සංචිතය නම් කරයි

Sri Lanka Tour of England 2024

7

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය Ben Stokes විසින් හොබවනු ඇති අතර, මෙම සංචිතයෙන් ආබාධයකට ලක් වී සිටින Zak Crawley ඉවත් කිරීමට සිදු වී තිබෙනවා. 

මේ අතර නවක ක්‍රීඩකයකු ලෙස Jordan Cox සංචිතයට ඇතුළත් කිරීමත් විශේෂත්වයක්. 

එංගලන්ත සංචිතය: 

 

Ben Stokes (නායක), Ben Duckett, Dan Lawrence, Ollie Pope, Joe Root, Harry Brook, Jordan Cox, Jamie Smith, Chris Woakes, Mark Wood, Gus Atkinson, Shoaib Bashir, Matthew Potts, Olly Stone 

දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු 21 වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, තරගාවලියට ටෙස්ට් තරග තුනක් ඇතුළත් වී තිබෙනවා. 

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<