ඉන්දියාවේ දී පැවැත්වෙමින් තිබෙන පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී එංගලන්තය පරදවා ජර්මනිය ජය ගත්තා.
ලකුණු තත්වය සටහන් වුනේ දඬුවම් පහර වටයේ ගෝල 4-3ක් වශයෙන්. ඒ අනුව ජර්මනිය, ඕස්ට්‍රේලියාවට එරෙහිව අවසන් පූර්ව තරගය සඳහා එළඹෙන සිකුරාදා සහභාගී වනු ඇති.
- “මට පෙරීට කතා කරන්න පුළුවන් ද?” – සනාගේ සිහිනය සැබෑ වූ හැටි
- ඉන්දියාව ලෝක කුසලානයෙන් ඉවතට
- ගැරත් බේල් ගොල්ෆ් පිටියට
පරාජිත එංගලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ගියා. අවසන් ලෝක කුසලාන තරගාවලි 4 තුළ දී ම ඔවුන් අවසන් කණ්ඩායම් 4 තුළට පැමිණියා. එහෙත් ඔවුන් මෙතෙක් හොකී ලෝක කුසලාන ජයක් ලබා ද නැහැ.
දෙවරක් ලෝක කුසලාන දිනා ඇති ජර්මනිය තරගයේ ගෝල 2ක් පිටුපසින් සිට ලකුණු සම කර ගැනීමට ක්‍රීඩා කළ විලාශය විශේෂ බව විචාරකයන් සඳහන් කළා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<