කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (18) පැවති ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත Lions කණ්ඩායම අතර දෙවැනි නිල නොලත් එක්දින තරගයෙන් ලකුණු 86ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එහි දී දුශාන් හේමන්ත විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් කඩුලු 5ක් බිඳ හෙළුවා.
පසුගිය තරයේ මුලින් පන්දුවට පහර දී වරද්දා ගත්ත ද, අදත් මුලින් පිතිකරණයේ යෙදෙන්නට තරම් ධනාත්මක චින්තයක් නායක සදීර සමරවික්‍රම සතු වුනා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ඇරඹෙන්නේ ලසිත් කෲස්පුල්ලේ සහ අවිශ්ක ප්‍රනාන්දු අතිනුයි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 26ක් එකතු කළා.
අලංකාර හතරේ පහර 2ක් එල්ල කරමින් තම ඉනිම ආරම්භ කළ අවිශ්ක අද ලකුණු 11කට පිටිය හැර ගියේ තම පසුපස පාදයේ ගැටුණු පන්දුව කඩුල්ල මුවා කිරීමේ වරදක් බව සකසුද්දක් සේ දැනගෙනයි. ඉන්පසු දෙවැනි කඩුල්ල වෙනුවෙන් තරගයේ තීරණාත්මක සබඳතාවය වර්ධනය වන්නේ ලසිත් කෲස්පුල්ලේ සහ නුවනිඳු ප්‍රනාන්දු අතරයි.
පළමු එක්දින තරගයේ දී අසාර්ථක වූ මෙම ක්‍රීඩකයින් දෙදෙනා අද ශතක සබඳතාවයක් ගොඩනගන්නේ ශ්‍රී ලංකාවට විශාල ඉනිමක් කරා යාමට අවශ්‍ය පදනම සකස් කරමින්. හොඳින් පිත්ත හැසිරවූ 23 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දු අද ලකුණු 57ක් රැස් කළේ පන්දු 70කට මුහුණ දෙමිනුයි. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ එක් හයේ පහරකින් හැඩවුනා.
නැවතත් සිව්වැනි කඩුල්ල සඳහා කෲස්පුල්ලේ සහ ඇන්ජලෝ මැතිව්ස් අතර ගොඩ නැගුණු සබඳතාවය ලකුණු 85ක්. එය නිමා වන්නේ හොඳ වේගයක් ද සමඟින් ලකුණු 73ක් ලබා ගත් ලසිත් කෲස්පුල්ලේ දැවී යාමත් සමඟයි. ඒ වන විට ඔහු තනිවම හතරේ පහර 12ක් එල්ල කර තිබුණා.
තම පුනරාගමනයෙන් පසු පළමු උත්සාහය වැරදී ගිය ද, ඇන්ජලෝ මැතිව්ස් අද අර්ධ ශතකයක් රැස් කරමින් තේරීම් කමිටුවේ අවධානය පාත්‍ර වුනා. පන්දු 53ක් වැයවුනු ඇන්ජලෝගේ ඉනිමට හතරේ පහර 4ක් අන්තර්ගත වුනා. නායක සදීර සමරවික්‍රම ලකුණු 40යි.
මුල්පෙළ පිතිකරුවන් තම රාජකාරිය ඉටු කළ නිසා අද ශ්‍රී ලංකා ඉනිම සුවසේ ඉහළ නැග්ගත් ලකුණු 315ක් කරා යාමට පසුපෙළ පිතිකරු සුමින්ද ලක්ෂාන් ක්‍රීඩා කළ ඉනිමද වැදගත් කාර්යභාරයක් ඉටු කළා.
එහි දී පන්දු 27කට පමණක් මුහුණ දෙන සුමින්ද අවසන් පන්දුවේ දී දුවද්දී දැවී යන විට හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් රැස්කර තිබුණා. සුමින්දට හොඳ සහයක් ලබා දුන් දුනිත් වෙල්ලාලගේ පන්දු 17කින් නොදැවී ලකුණු 15ක් රැස්කළා.
පන්දු යැවීමේ දී පා දඟපන්දු යවන ක්‍රීඩක Mason Crane කඩුලු 3ක් දවා ගනිද්දී වමත් පිට දඟපන්දු යවන Jacob Bethell කඩුලු 2කට හිමිකම් කිව්වා. එංගලන්ත Lions කණ්ඩායම තණතිල්ලේ හැසිරීම තේරුම් නොගෙන වේගපන්දු යවන්නන් ගැන වැඩි විශ්වාසය තැබීම නිසා ඔවුන් දඟපන්දු යවන්නන් අත්හදා බලන විට සිදු විය යුතු හානිය සිදුවී අවසන්ව තිබුණා.
- මුල්පෙළ නාය යෑම නිසා ලයන්ස් පළමු තරගය උදුරා ගනියි
- හර්ෂිතා – නිලක්ෂි ශතක සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්!
- ලක්ෂිතගේ පන්දු යැවීම හමුවේ ලයන්ස් යන්තමින් ගැලවෙයි
- අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින තීන්දුයි
- ශ්‍රී ලංකා -නවසීලන්ත තරගාවලි කාලසටහන නිකුත් කරයි
එංගලන්තය මෙම ලකුණු පුවරුව හඹා යාමේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට එරෙහිව හොඳ ප්‍රහාරක වේගයක් සමඟින් ලකුණු ලබා ගනිමින් සිටියා. මේ නිසාම ශ්‍රී ලංකාව කල් තබාම තම දඟපන්දු තුරුම්පු අත්හදා බලන්නේ තම ප්‍රතිවාදීන්ගෙන් සිදු වූ අත්වැරැද්ද තමන් අතින් නොවීමට වගබලා ගනිමින්.
එහි ප්‍රතිඵලය ලෙස Jacob Bethell ලකුණු 37ක සබඳතාවය නිමා කරමින් දැවී යන්නේ දුනිත් වෙල්ලාලගේ හමුවේ නිසැක කඩුල්ල මුවා කිරීමේ වරදකට ගොදුරු වෙමිනුයි. අනෙක් ආරම්භක පිතිකරු Jack Haynes ලකුණු 36ක් ලබා සිටිය දී සුමින්ද ලක්ෂාන්ගේ පා දඟපන්දුවකට ගොදුරු වුනා.
ශ්‍රී ලංකා නායකයා පා දඟපන්දු යවන ක්‍රීඩක දුශාන් හේමන්ත පන්දු යැවීමට හඳුන්වා දීමෙන් පසු එංගලන්තයේ හිසරදය තවදුරටත් වර්ධනය වූ අතර පසුගිය තරගයේත් කඩුලු 3ක් ලබා දී පෙන්වූ “හේමන්ත භීතිකාව” අදත් ඔවුන්ගෙන් අඩු නැතිවම නිරූපනය වුනා.
එහි ප්‍රතිඵලයක් ලෙස 28 වැනි පන්දුවාරයේ දී 28 හැවිරිදි දුශාන් එංගලන්ත කඩුලු 2ක්ම දවා ගන්නේ තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගනිමිනුයි. එතැන් පටන් එංගලන්තයට නැවත හිස එසවීමට අවස්ථාවක් නොදී පාගා දමන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අවස්ථාව හිමිවුනා.
ඉනිමේ අවසන් කඩුල්ල දුශාන්ට හිමිවීමත් සමඟම ඔහු තම අතිවිශිෂ්ට පන්දුකරණය නිමා කළේ ඉනිමක කඩුලු 5ක් දවා ගැනීමේ අවස්ථාවක් ද සනිටුහන් කරමින්. අද තියුණු උඩපන්දු 2ක් සහ වේගවත් ස්ටම්ප් කිරීම් 2ක් සමඟින් සදීර සමරවික්‍රම කඩුල්ල පිටුපස සිට ඉටුකළ රාජකාරිය ද සුළුවෙන් තැකිය නොහැකියි.
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනේ තවමත් 19 වැනි වියේ පසුවන Tom Prest. සම වියේ පසුවන James Rew ලකුණු 42ක් රැස් කළා. එංගලන්තයට පන්දුවාර 39.1ක් අවසානයේ ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 229ක් පමණයි. ඒ අනුව ලකුණු 86ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාවට හිමිවුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lasith Croospulle | c Tom Prest b Mason Crane | 73 | 67 | 12 | 0 | 108.96 |
Avishka Fernando | lbw b Sam Cook | 11 | 15 | 2 | 0 | 73.33 |
Nuwanidu Fernando | lbw b Jacob Bethell | 57 | 70 | 5 | 1 | 81.43 |
Angelo Mathews | c Jacob Bethell b Mason Crane | 50 | 53 | 4 | 0 | 94.34 |
Sadeera Samarawickrama | c & b Jacob Bethell | 40 | 42 | 2 | 0 | 95.24 |
Sahan Arachchige | c Matt Fisher b Mason Crane | 9 | 9 | 1 | 0 | 100.00 |
Suminda Lakshan | run out () | 35 | 27 | 2 | 1 | 129.63 |
Dunith Wellalage | not out | 15 | 17 | 0 | 0 | 88.24 |
Extras | 25 (b 0 , lb 9 , nb 0, w 16, pen 0) |
Total | 315/7 (50 Overs, RR: 6.3) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sam Cook | 9 | 1 | 51 | 1 | 5.67 | |
Matt Fisher | 5 | 0 | 36 | 0 | 7.20 | |
Brydon Carse | 6 | 0 | 50 | 0 | 8.33 | |
Tom Hartley | 10 | 0 | 59 | 0 | 5.90 | |
Mason Crane | 10 | 0 | 55 | 3 | 5.50 | |
Jacob Bethell | 10 | 0 | 55 | 2 | 5.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Jack Haynes | st Sadeera Samarawickrama b Suminda Lakshan | 36 | 43 | 5 | 0 | 83.72 |
Jacob Bethell | lbw b Dunith Wellalage | 19 | 18 | 2 | 1 | 105.56 |
Tom Prest | b Dushan Hemantha | 67 | 68 | 6 | 1 | 98.53 |
James Rew | lbw b Dunith Wellalage | 42 | 46 | 4 | 0 | 91.30 |
Jordan Cox | c Dunith Wellalage b Dushan Hemantha | 0 | 2 | 0 | 0 | 0.00 |
Matt Critchley | st Sadeera Samarawickrama b Dushan Hemantha | 4 | 7 | 0 | 0 | 57.14 |
Brydon Carse | c Sadeera Samarawickrama b Sahan Arachchige | 17 | 17 | 0 | 1 | 100.00 |
Tom Hartley | c Dushan Hemantha b Pramod Madushan | 23 | 21 | 2 | 0 | 109.52 |
Matt Fisher | c & b Dushan Hemantha | 8 | 8 | 0 | 1 | 100.00 |
Mason Crane | c Sadeera Samarawickrama b Dushan Hemantha | 3 | 5 | 0 | 0 | 60.00 |
Sam Cook | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
Extras | 8 (b 0 , lb 2 , nb 2, w 4, pen 0) |
Total | 229/10 (39.1 Overs, RR: 5.85) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Pramod Madushan | 4 | 0 | 21 | 1 | 5.25 | |
Kavishka Anjula | 4 | 0 | 18 | 0 | 4.50 | |
Dunith Wellalage | 10 | 0 | 61 | 2 | 6.10 | |
Suminda Lakshan | 7 | 0 | 45 | 1 | 6.43 | |
Sahan Arachchige | 6 | 0 | 39 | 1 | 6.50 | |
Dushan Hemantha | 8.1 | 0 | 43 | 5 | 5.31 |
ශ්‍රී ලංකාව අද තරගය ජය ගැනීමත් සමඟ තරගාවලිය 1-1ක් ලෙස මේ වන විට සම තත්වයේ පවතිනවා. ඒ අනුව ලබන අඟහරුවාදා (21) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිත තෙවැනි තරගයේ ප්‍රතිඵලය අනුව තරගාවලි ජයග්‍රාහකයින් ද තීරණය වනු ඇති.
එම සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<