ඕස්ට්‍රේලියා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ දී තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙහි දී මාර්තු සහ අප්‍රේල් මාසවල ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සහභාගීත්වයෙන් එක්දින සහ විස්සයි විස්ස යන තරග රටා දෙකෙන් ම තරගාවලි පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මෙම තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ.
විස්සයි විස්ස තරගාවලියේ දී සෑම කණ්ඩායමක් ම තරග හතරක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එක්දින තරගාවලියේ දී සෑම කණ්ඩායමක් ම තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. නියමිත තරග අවසානයේ ඉහළම ලකුණු ලබාගන්නා කණ්ඩායම් තරගාවලි ජයග්‍රාහකයින් ලෙස නම් කරනු ඇති.
19න් පහළ ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා දීමේ අරමුණින් යුතුව පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන මාර්තු 28 දින ආරම්භ වනු ඇති.
- අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්
- තුෂාරගේ කඩුලු ත්‍රිත්වය සමඟ ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්
- කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවුරුදු කන්න දකුණු අප්‍රිකා යයි
- අසිත ප්‍රනාන්දුට බංග්ලාදේශ සංචාරය අහිමි වෙයි!
- දසුන් ශ්‍රී ලංකාවේ ජාමය බේරා දෙයි!
දිනය | තරගය | තරග ආකෘතිය | ක්‍රීඩාංගණය |
මාර්තු 28 | ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියාව | T20 | හම්බන්තොට |
මාර්තු 29 | ඕස්ට්‍රේලියාව – එංගලන්තය | T20 | හම්බන්තොට |
මාර්තු 30 | ශ්‍රී ලංකාව – එංගලන්තය | T20 | හම්බන්තොට |
අප්‍රේල් 1 | ඕස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව | T20 | හම්බන්තොට |
අප්‍රේල් 02 | එංගලන්තය – ඕස්ට්‍රේලියාව | T20 | හම්බන්තොට |
අප්‍රේල් 03 | එංගලන්තය – ශ්‍රී ලංකාව | T20 | හම්බන්තොට |
අප්‍රේල් 05 | ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියාව | එක්දින | ගාල්ල |
අප්‍රේල් 07 | ඕස්ට්‍රේලියාව – එංගලන්තය | එක්දින | ගාල්ල |
අප්‍රේල් 09 | එංගලන්තය – ශ්‍රී ලංකාව | එක්දින | ගාල්ල |
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<