2023 ආසියානු කුසලානය වෙනුවෙන් නම් කළ බංග්ලාදේශ සංචිතයෙන් වේගපන්දු යවන ක්‍රීඩක Ebadot Hossainව ඉවත් කර තිබෙනවා.
පසුගිය මාසයේ දී ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු එක්දින තරගාවලිය අතරතුර පාදයේ ආබාධයකට ලක් වූ Ebadot ආසියානු කුසලානය වන විට සුවය ලබතැයි බලාපොරොත්තුවෙන් යුතුව මීට දින 10කට පෙර නම් කළ බංග්ලාදේශ ආසියානු කුසලාන සංචිතයට එක් කර තිබුණා.
නමුත් තවමත් ඔහු සිය ආබාධයෙන් පූර්ණ සුවය ලබා නොමැති අතර එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් ඔහුගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය නිසා ආසියානු කුසලාන වෙනුවෙන් නම් කළ සංචිතයෙන් ඔහුගේ නම ඉවත් කළ බව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන ක්‍රීඩා වෛද්‍ය Debashis Chowdhury විසින් සඳහන් කර තිබුණා.
Ebadot විසින් මෙතෙක් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති එක්දින ක්‍රිකට් තරග 12 තුළ දී කඩුලු 22ක් දවා ගනිමින් ඉතා හොඳ රිද්මයක පසු වන නිසාම ඔහු මෙවර ලෝක කුසලානයට සහභාගී වීම බංග්ලාදේශයට අතිශය වැදගත් බව වටහා ගත හැකි.
- ඩිල්ශාන්, තිසර සහ ශෙහාන් US Masters හි ජයග්‍රහණ ලබයි
- එංගලන්ත සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය
- පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට විශේෂ ගිවිසුමක්
- ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා අදියරේ ප්‍රවේශ පත්‍ර අලෙවිය හෙට (17) සිට!
- නව නායක Shakib යටතේ බංග්ලාදේශ ආසියානු කුසලාන සංචිතය නම් කරයි!
මේ අනුව Ebadotගේ ඉවත් කිරීමෙන් ඇති වුන හිස්තැන පිරවීම වෙනුවෙන් Tanzim Hasan නම් නවක වේගපන්දු යවන්නා බංග්ලාදේශ සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
මීට පෙර ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලානයේ දී බංග්ලාදේශය වෙනුවෙන් තරග තුනක දී කඩුලු 9ක් බිඳ හෙළමින් දස්කම් පෙන්වීමට Tanzim විසින් සමත් වුනා.
2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
ESPN cricinfo ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<