සැත්කමකින් පසු සුවය ලබමින් සිටින වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හට නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය අහිමි වීමට ඉඩක් ඇති බව වාර්තා වෙනවා.
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ දී සැත්කමකට මුහුණදීමෙන් පසුව ඔහුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට කැඳවා තිබුණා.
සංචිතයට සඳහා කැඳවීමට තීරණය කළත් එයට පෙර ඔහුට වෛද්‍ය අවසරය හිමි විය යුතු අතර ආබාධ තත්වය මත ඔහුට නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වන බව ආරංචි මාර්ග සඳහන් කර සිටියා.
- මැතිව්ස්ගේ ශතකය සමඟින් තරගය සමබරව පස්වැනි දිනයට
- “උපරිමයෙන් ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාව සූදානම්” – පුහුණුකරු
- ශ්‍රී ලංකා ක්‍රිකට් ගෝලීය විකාශන අයිතියට ලංසු කැඳවයි
- Mumbai Indians මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකාවට
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 2024 ලෝක කුසලානය අවිනිශ්චිතයි
යම්හෙයකින් චමීර හට මෙම තරගාවලිය අහිමි වුවහොත් එම ස්ථානය සඳහා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ ආදේශ කරන බව ද සඳහන් වෙනවා.
කෙසේ නමුත් සිය සමාජ මාධ්‍ය ගිණුමට ඔහු පුහුණුවීම් සිදු කරන වීඩියෝවක් එක් කරමින් සඳහන් කර තිබුණේ,
“මම ආබාධයෙන් බොහෝ දුරට සම්පූර්ණ සුවය ලබලා තියෙන්නේ. ඒ වගේම මම නැවතත් කිසිම ආබාධයකට ලක් වෙලා නැහැ. මම මගේ පුහුණුවීම් ආරම්භ කළා වගේම ලබන සතියේ නුවර කණ්ඩායම සමඟ ජාතික සුපර් ලීග් එක්දින තරගාවලිය ක්‍රීඩා කරන්න නියමිතයි,” යනුවෙනුයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<