2024 IPL තරගාවලියේ දී Kolkata Knight Riders කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට දුශ්මන්ත චමීරව තෝරා ගෙන තිබෙනවා.
එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Gus Atkinsonගේ ආදේශක ක්‍රීඩකයා ලෙසයි KKR කණ්ඩායම විසින් ඔහුව තෝරා ගෙන ඇත්තේ.
🚨 NEWS 🚨@KKRiders name Dushmantha Chameera as replacement for Gus Atkinson.
More details 🔽 #TATAIPLhttps://t.co/ioBPp22mGi
— IndianPremierLeague (@IPL) February 19, 2024
මේ අනුව චමීර මෙවර IPL තරගාවලිය සඳහා KKR සමඟ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට ගිවිසුම් ගත වීමට නියමිතයි. එමෙන්ම මෙය ඔහුගේ සිව් වැනි IPL කණ්ඩායම ද වනු ඇති.
- ශ්‍රී ලංකා – ඇෆ්ගන් T20 තරගාවලියේ ප්‍රවේශපත් විකිණී අවසන්!
- මතීෂ සහ වනිඳුගේ පෙරළියෙන් ජය ශ්‍රී ලංකාවට
- 2024 LPL තරගාවලිය මෙම වසර මැද දී
- Legends Cricket Trophy දෙවැනි අදියර ශ්‍රී ලංකාවේ දී
- මහීෂ් සහ වනිඳු T20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
මීට පෙර ඔහු විසින් Rajasthan Royals (2018), Royal Challengers Bangalore (2021) සහ Lucknow Super Giants (2022) කණ්ඩායම් සමඟ ද IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට වරම් උදා කර ගත්තා. එමෙන්ම LSG සමඟ ක්‍රීඩා කල 2022 තරග වාරය ඔහුගේ පෞද්ගලික හොඳම IPL තරග වාරය ලෙස සැලකිය හැකි අතර එහි දී ඔහු විසින් තරග 12ක් ක්‍රීඩා කරමින් කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනා.
2024 IPL තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම තරගාවලියේ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<