හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර හට වසර විස්සක තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා.
මේ මගින් ඔහුට ප්‍රාන්ත, BBL, WBBL හෝ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හා සබැඳි කිසිදු තනතුරකට සම්බන්ධ වීමට නොහැකි වන අතර, ඔහු මෙම තීරණය හිමි වීමට පෙර වික්ටෝරියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරු ධුරයේ ද කලක් කටයුතු කළා.
එම තනතුරට පෙර ඔහු විසින් එම කණ්ඩායමේ ම සහය පුහුණුකරු ලෙස මෙන්ම, WBBL තරගාවලියේ Melbourne Stars කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ද කටයුතු කළා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
- ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය
- England Lions පහසු ජයක් කරා
මේ වන විට 52 හැවිරිදි වියේ පසු වන දුලිප් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 7ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කර තිබෙනවා.
වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ වගකීම් දරන කාලය අතර තුර කණ්ඩායමේ ක්‍රීඩිකාවක් සම්බන්ධයෙන් සිදු වූ විශමාචාරී හැසිරීමක් මෙම තහනමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<