DSI පාසල් වොලිබෝල් අවසන් තරග සති අන්තයේ දී

DSI පාසල් වොලිබෝල් ශූරතාවය 2023

503
Sri Lanka Volleyball Federation

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය, අධ්‍යාපන අමාත්‍යංශය සහ පාසල් වොලිබෝල් සංගමයේ සංවිධානය යටතේ පැවැත්වෙන DSI පාසල් වොලිබෝල් ශූරතාවයේ අවසන් තරග මෙම සති අන්තයේ දී පැවැත්වීමට නියමිතයි. 

23 සහ 24 දෙදින තුළ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ අවසන් වටයේ තරග සෙනසුරාදා (23) උදෑසන ආරම්භ වීමට නියමිතයි.  

අවසන් වටයේ කණ්ඩායම් හඳුනා ගැනීමෙන් පසුව පෙරවරු 8.30ට 11න් පහළ බාලිකා අවසන් තරග පැවැත්වීමට නියමිත අතර එම තරගයෙන් පසු එම කාණ්ඩයේ බාලක අවසන් තරගය පැවැත්වෙනු ඇත.  

පසුව තරගාවලියේ අනෙක් අවසන් තරග වන 13න්, 15න්, 17න් සහ 19න් පහළ අවසන් තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

තරගාවලියේ ප්‍රධානතම තරග වන 19න් පහළ අවසන් තරග සවස් වරුවේ දී  පැවැත්වීමට නියමිත අතර එහි 19න් පහළ බාලක අවසන් තරගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පැමිණීමෙන් පසුව පැවැත්වෙනු ඇත. 

19න් පහළ කාණ්ඩයේ බාලිකා අවසන් තරග සඳහා කිරිඳිවෙල සංඝමිත්තා බාලිකා විද්‍යාලය සහ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල සුදුසුකම් ලබා තිබෙන අතර බාලක තරගයේ දී සීදුව දවිසමර ක්‍රීඩකයින් රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩකයින්ට එරෙහිව තරග වදිනවා. 

තරගාවලියේ අවසන් තරග පැවැත්වෙන ආකාරය, 

11න් පහළ බාලිකාසැප්තැම්බර් 23 උදෑසන 8.30 

  • ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය  
  • ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලය 

11න් පහළ බාලකසැප්තැම්බර් 23 උදෑසන 9.30 

  • ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය  
  • සාන්ත සේවියර් විද්‍යාලය – හලාවත  

13න් පහළ බාලිකා සැප්තැම්බර් 23 උදෑසන 10.30 

  • ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය  
  • විද්‍යාකර මහා විද්‍යාලය – මාබිම  

13න් පහළ බාලකසැප්තැම්බර් 23 උදෑසන 11.30 

  • ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය  
  • ජනාධිපති විද්‍යාලය – නාත්නන්ඩිය 

15න් පහළ බාලිකාසැප්තැම්බර් 23 දහවල් 2.00 

  • උහන තිස්සපුර විද්‍යාලය – අම්පාර 
  • විජයබා ජාතික පාසල – හුංගම  

15න් පහළ බාලක – සැප්තැම්බර් 23 දහවල් 2.00 

  • ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය  
  • සාන්ත සේවියර් විද්‍යාලය – හලාවත  

17න් පහළ බාලිකාසැප්තැම්බර් 24 උදෑසන 8.30 

  • උහන තිස්සපුර විද්‍යාලය – අම්පාර 
  • විජයබා ජාතික පාසල – හුංගම  

17න් පහළ බාලිකාසැප්තැම්බර් 24 උදෑසන 10.30 

  • පන්නල ජාතික පාසල – පන්නල  
  • ‍රාජසිංහ මධ්‍ය විද්‍යාලය – හංවැල්ල  

19න් පහළ බාලිකා සැප්තැම්බර් 24 දහවල් 1.00 

  • සංඝමිත්තා බාලිකා විද්‍යාලය – කිරිඳිවෙල  
  • වික්‍රමශීලා ජාතිකා පාසල – ගිරිඋල්ල  

19න් පහළ බාලක – සැප්තැම්බර් 24 දහවල් 3.00 

  • දවිසමර මහා විද්‍යාලය – සීදුව  
  • රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය –  

මෙම තරගාවලිය ඇතුළු දිනෙන් දින උණුසුම් වන වොලිබෝල් තරග පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<