පළමු දිනයේ වැඩි ගෞරව ධම්මිස්සර ජාතික පාසලට

DSI පාසල් වොලිබෝල් ශූරතාවය 2023

343

පාසල් වොලිබෝල් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලියක් වන DSI පාසල් වොලිබෝල් ශූරතාවයේ අවසන් වටයේ පළමු දිනයේ තරග ඊයේ (23) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

අවසන් වටය ආරම්භ කරමින් පැවති වයස අවුරුදු 11න් පහළ බාලිකා අවසන් තරගයෙන් ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ලකුණු 15-05ක් සහ 15-04ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩිකාවන් සමත් වුනා.

එම වයස් කාණ්ඩයේ බාලක තරගයේ ජයග්‍රහණය ද නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩකයින් විසින් දිනා ගත්තේ වට 2-0ක් (15-08 සහ 15-11) ලෙස මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය පරාජය කරමිනුයි.

තියුණු සටනකින් පසුව මාබිම විද්‍යාකර මහා විද්‍යාලය 21-17ක් සහ 21-17ක් ලෙස පරාජය කරමින් 13න් පහළ බාලිකා ශූරතාවය දිනා ගැනීමට ධම්මිස්සර ක්‍රීඩිකාවන් සමත් වුනා.

21-15ක් සහ 21-10ක් ලෙස නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය පරාජය කරමින් 13න් පහළ බාලක ශූරතාවය දිනා ගත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩකයින් විසිනුයි.

දිනය පුරාවට ධම්මිස්සර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැතිර වූ ආධිපත්‍ය අවසන් කරමින් 15න් පහළ බාලිකා ශූරතාවය දිනා ගැනීමට හුංගම විජයබා ක්‍රීඩිකාවන් සමත් වූ අතර අවසන් තරගයේ දී ඔවුන් හමුවේ උහන තිස්සපුර ක්‍රීඩිකාවන් පරාජයට ( 25-20, 25-21 සහ 25-15) පත් වුනා.

මාරවිල සාන්ත සේවියර් ක්‍රීඩකයින් ලකුණු 25-17ක්, 25-18ක් සහ 25-15ක් ලෙස පරාජය කළ ධම්මිස්සර ක්‍රීඩකයින් 15න් පහළ බාලක ශූරතාවය දිනා ගත්තා.

>> තරගාවලියේ අවසන් වටයේ පළමු දින සමස්ත ප්‍රතිඵල <<

තරගාවලියේ තීරණාත්මක අවසන් දිනයේ තරග අද (24) පැවැත්වෙන අතර එම තරග ඇතුළු වොලිබෝල් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<