සුපිරි ටෙනිස් තරුව කොරෝනා වලට එරෙහිව සටනට

169

දිනෙන් දින වටිනා ජීවිත රැසක් බිලි ගනිමින් පිළිලයක් මෙන් ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වයිරසය සමඟ සටන් වැඳීම මේ වන විට මුළු මහත් ලෝකයටම ප්‍රහේලිකාවක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කාරණයකි. 

කෝරෝනා ඉදිරියේ විම්බල්ඩන් සීරුවෙන්!

ලොව ප්‍රමුඛතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලි අතරින් එකක් ලෙස සැලකෙන විම්බල්ඩන් තරගාවලිය සැලසුම් කළ පරිදි………

මෙම බාධකය කෙසේ හෝ ජය ගැනීම උදෙසා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුපිරි තරු රැසක් දැනටමත් එකා මෙන් එකට අත්වැල් බැඳ ගනිමින් එක්රොක් වී සිටින්නේ පීඩාවට පත්ව සිටින බොහෝ පාර්ශවයන්ට විශාල සවියක් වෙමිනි. 

ඒ අතරින් වත්මන් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක එක ස්ථානයෙහි රැඳෙන සර්බියාවේ නොවැක් ජොකොවිච් තම සමාජ වගකීම අකුරටම ඉටු කරමින් යූරෝ මිලියන 1.1ක වටිනාකමින් යුත් ශ්වසනාධාරක උපකරණ කට්ටල එරට රෝහල් වෙත පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී තිබීම වඩාත් කැපී පෙනේ.

මෙම උතුම් කර්තව්‍යය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් පසුගිය දා අන්තර්ජාලය වෙත මුදා හැරීමට ජොකොවිච් විධි විධාන සකස් කොට තිබූ අතර ඔහු මේ වන විට තම පවුලේ සාමාජිකයින් සමඟ ස්පාඤ්ඤයේ මාර්බෙලා නගරයේ රැඳි සිටින්නේ එරට බොහෝ ප්‍රදේශයන් සම්පූර්ණයෙන්ම පාහෙ වසා දමා ඇති මොහොතක දී ය.

“මට දැනගන්න ලැබුණා සමහර අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල සහ සනීපාරක්ෂක ද්‍රව්‍යයන්ගේ හිඟයක් තියෙනවා කියලා. ඒක නිසා තමයි මම දෙපාරක් නොහිතා මේ වැඩේට මූලිකත්වය අරගෙන කටයුතු කළේ.”

“මගේ පුහුණුවීම් කටයුතු ගොඩක් දුරට මොනෑකෝ කේන්ද්‍ර කරගෙන තමයි සිද්ධ වෙන්නෙ. ඉතින් මේ කලබල අස්සෙ මම ස්පාඤ්ඤයට ආවේ ඇයි කියලා ගොඩක් දෙනෙක් අහල තිබ්බා. ඇත්තටම මේක අහඹු සිදුවීමක්.”

කොරෝනා පරද්දන්න රග්බි වීරවරියන් රෝහල‍ට

ඇමරිකානු කාන්තා ඊගල්ස් රග්බි ක්‍රීඩිකා ටෙස් ෆියුරි ‍ඇතුළු ලෝක රග්බි පවුලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් COVID-19……..

නව කොරෝනා වසංගතය ක්‍රමයෙන් හිස එසවීමත් සමඟම ටෙනිස් පිටියටත් එහි බලපෑම තදබල හිසරදයක් බවට පත්වී තිබෙන්නේ මෙවර තරග වාරයේ ග්‍රැන්ඩ් ස්ලෑම් ශූරතාවලීන් ඇතුළු ඉතා වැදගත්ම තරගාවලි රැසක් දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව ඇති නිසාවෙනි. තත්වය ඉතාමත් කණගාටුදායක වූවත් සෑම විටම ධනාත්මක සිතුවිලි වර්ධනය කරගනිමින් තම මනස ශක්තිමත්ව තබා ගැනීමට උනන්දු වන බව ද ජොකොවිච් සඳහන් කර සිටියේය.

උද්ගතව ඇති වාතාවරණය හමුවේ ATP සහ WTA තරග සංචාරයන් සියල්ල ජුනි 07 වැනිදා තෙක් කල් දැමීමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර විශේෂයෙන්ම ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය ඔක්තෝබර් මාසය දක්වා ඉදිරියට ගෙන යාම සහ තීරණාත්මක විම්බල්ඩන් තරගාවලිය දින වකවානුවක් නිර්ණය නොකොට කල් දැමීම මේ අතරින් වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වී තිබේ. 

ගතවුන වසර කිහිපය පුරාවටම ඉතාමත් කාර්‍යබහුල ජීවිතයක් ගත කරමින් වැඩි අවධානයක් ටෙනිස් ක්‍රීඩාව වෙත ලබා දුන් ජොකොවිච් හට මෙවැනි දිගු විරාමයක් ලැබීම තම පවුලේ සාමාජිකයින් සමඟ සතුටින් කාලය ගත කිරීමේ ඉඩප්‍රස්තාව සලසා දී ඇති බව වාර්තා වේ. 

ඔහුගේ විඩියෝ පටය අතරතුර දී මාධ්‍යවේදීන් ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධයෙන් නැඟූ පැනයන් සියල්ල ඉතාමත් සූක්ෂමව මඟ හැරි ජොකොවිච් වැඩි උනන්දුවක් දැක්වූයේ ඔහු මේ දිනවල කාලය ගත කරන අයුරු පිළිබඳ තොරතුරු පැවසීමටයි.

රොනාල්ඩෝ හා මෙසී සමඟ පාපන්දු තරු රැසක් කොරෝනා සටනට

සුපිරි පාපන්දු ක්‍රීඩකයින් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලියොනල් මෙසී කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන …….

“මම මේ දවස්වල ගොඩක් උනන්දු වෙනවා පැරණි ඉතිහාස පොත්පත් කියවන්න විශේෂයෙන්ම සර්බියානු ඉතිහාසය සම්බන්ධව. ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා ගෙදර ඇතුලදීම ශාරීරික යෝග්‍යතාව පවත්වා ගන්න කරන්න පුළුවන් ව්‍යායාම පිළිබඳ විඩියෝ පට සමාජ මාධ්‍ය ජාලා වලට මුදා හරින්න.”

සර්බියාවෙන් මේ වන විට කෝවිඩ්-19 ආසාදිතයින් 450කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර පුද්ගල මරණ හතක් ද ඒ අතර වන බව සඳහන් වේ. මිලියන 7ක පමණ ජනතාවක් වාසය කරන සර්බියානු භූමිය තුලින් මෙම වයිරසය මුලිනුපුටා දැමීම වෙනුවෙන් දැනටමත් එරට රජය සහ අදාළ බලධාරීන් උපායමාර්ගික පියවර රැසක් ගනිමින් සිටින අතර ඊට සහය දක්වමින් චීන ජනරජය වෛද්‍ය උපකරණ කට්ටල රැසක් පරිත්‍යාගකොට තිබුණේ එරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ද ඔවුනට ලබා දෙමිනි.

“මම මගේ සහෝදර සර්බියානු ජනතාව වෙනුවෙන් මේක අවස්ථාව කරගන්නවා මගේ හෘදයාංගම ස්තූතියි පුද කරගන්න චීන ජනරජයට මොකද ඔවුන් අපිට දක්වන සහයෝගය නිසා තමයි අපිට මේ තත්වය යම්තාක් දුරකටහෝ පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.”

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<