ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවයේ පැරා කාණ්ඩයේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට පිළිවෙළින් දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් සමත් වී තිබෙනවා.
F46 කාණ්ඩයෙන් තරග වදින දිනේෂ් ප්‍රියන්ත මෙම තරගයේ දී මීටර් 63.18ක දස්කමක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර F44 කාණ්ඩයෙන් තරග වදින සමිත දුලාන් එහි දී රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 64.20ක දස්කමක් වාර්තා කරමිනුයි.
සමස්ත තරග ප්‍රතිඵලයට අනුව සමිත රිදී පදක්කම දිනා ගත්තත්, ඔහු නියෝජනය කරන F44 කාණ්ඩය ජයග්‍රහණය කිරීමට ඔහුට හැකි වීම විශේෂත්වයක්.
- ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවට
- යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී
- සංක්‍රාන්ති ලිංගිකයින්ට කාන්තා මලල ක්‍රීඩා තහනම්!
- දෙවැනි දිනයේ දී ජාතික සහ තරගාවලි වාර්තා 6ක්!
F46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම ඉසව්වේ ඔලිම්පික් ශූරයා ද වන දිනේෂ් එම කාණ්ඩයේ මීටර් 67.79ක දස්කමක් දක්වමින් එහි ලෝක වාර්තාවට ද හිමිකම් කියනවා.
සමිත ද F44 හෙල්ල විසි කිරීම ඉසව්වේ වර්තමානයේ කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන අතර ඔහු 2020 පැරාලිම්පික් උළෙලේ F44 හෙල්ල විසි කිරීම ලෝකඩ පදක්කම දිනා ගන්නට ද සමත් වුනා.
මෙම ඕස්ට්‍රේලියා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් තුන් දෙනෙකු සහභාගී වූ අතර තරගාවලියට එක් වූ අනෙක් ක්‍රීඩකයා වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී පාලිත බණ්ඩාරයි.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<